දුක්වෙන තැවෙන ක්‍රියාවෙන්
වැළකෙන්න
මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
අද උදේ මගේ කුඹුරඋඩින්
බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් සමග
වැඩම කළා.
එසේ වඩින අවස්ථාවේ,
බුදුහාමුදුරුවන් කිව්වා ආනන්ද, සර්පයා දුටුවාද කියලා. ඒ වේලාවේ ආනන්ද
හාමුදුරුවන් කිව්වා
එහෙමයි. අපේ
බුදුහාමුදුරුවන් සර්පයා දුටුවාය කියලා.
උන්වහන්සේ කුඹුරෙන් වැඩිය පසු මම සර්පයා මරන්න දුවගෙන ගියා.
සර්පයෙක් හිටියේ නැහැ. මෙම මසුරන්
පොදියයි තිබුණේ.
ඔබතුමා බුදුරජාණන් වහන්සේගෙන් අහල බලන්න මා
මේ කියන කතාව
ඇත්තද? නැත්තද? කියලා. මේ කියන කතාව බොරු වුණොත්
මම මරණයට සූදානම්.
සැවැත් නුවර ගොවිතැනින් ජීවත් වුණ එක්තරා ගොවියෙක් වාසය කළේය. එම
ගොවියා මහත් උනන්දුවෙන් තමන්ගේ වී ගොවිතැන කරගෙන සතුටින්, සැහැල්ලුවෙන්
ජීවත් වුණා. මෙසේ කාලයක් ගතවන විට එක්තරා දවසක අමුතු සිදුවීමක් වුණා.ඒ
නුවර එක්තරා ඉසුරුමත් මනුෂ්‍යයකු ගේ නිවසට පැනපු හොරු කණ්ඩායමක් ඔහු
සතු සියලු ධන ධාන්‍ය පැහැර ගත්තා. මෙම සොරු කණ්ඩායම පැහැර ගනු ලැබූ ධනය
රැගෙන යන ගමන් එක්තරා සොරකුගේ අත තිබූ මසුරන් පොදියක් ඔහුට නොදැනීම
ඔහුගේ අතින් ගිළිහී බිමට වැටුණා.
ඔහුගේ අතින් බිමට වැටුණා. මේ මසුරන් පොදිය වැටුණේ ගොවියාගේ කුඹුරටයි.
මසුරන් පොදිය කුඹුරට වැටුණා. සොරු කණ්ඩායම යන්න ගියා. එම සිද්ධිය
එතැනින් අවසන් වුණා. පසුව දා පාන්දර කුඹුරට පැමිණි ගොවියා පෙරදා
රාත්‍රියේ සිදුවූ මෙම කරුණු කාරණා පිළිබඳව දැන සිටියේ නැහැ. දිවා වන
විට ඉර රශ්මිය දැඩිව දැනෙන්නට පටන් ගත් විට ගොවියා කලබලයෙන් කුඹුර
කොටන්නට පටන් ගත්තා. ගොවියා දැන් කුඹුර කොටනවා. එදා උදේ පාන්දර තථාගතයන්
වහන්සේ තමන්ගේ දිවැසින් බලා වදාරනවා. අද දවසේ කවුද? මගේ කරුණා මහිමයෙන්
පිහිට ලබන්නේ කියලා. එසේ බලන විට බුදුරජාණන් වහන්සේගේ සම්බුදු නුවණට
පේනවා. තව සුළු මොහොතකින් නොකළ වරදකට හසුවෙලා මරණීය දණ්ඩය ලැබෙන්න යන
මෙම අහිංසක ගොවියා පිළිබඳව, ගොවියා සොරකම පිළිබඳව දැන ගත්තේ නැතත් සොර
බඩු තිබෙන්නේ ඔහුට අයිති කුඹුරේ නිසා මේ සිද්ධිය රාජ පුරුෂයන්
දැනගතහොත් ඔහු වධ බන්ධනවලට ලක් වෙනවා. ඇතැම් වෙලාවට මරණීය දණ්ඩනය
ලැබෙන්නත් පුළුවන්. ඒ කාලය තුළ වරදට දඬුවම හරිම ප්‍රබලයි. මෙම ගොවියා
සෝවාන් ඵලයට පත්වෙන්න තරම් පුණ්‍ය මහිමය තිබෙන පුද්ගලයෙක් බව
බුදුරජාණන් වහන්සේ දැනගත්තා. ඒ නිසාම උන්වහන්සේ උදෑසනම එම ගොවියාගේ
කුඹුර උඩින් වැඩම කරනවා.
බුදුරජාණන් වහන්සේ කුඹුරේ නියර උඩින් වඩිනවා. ආනන්ද හාමුදුරුවන්,
බුදුරජාණන් වහන්සේගේ ගේ පිටුපසින් වඩිනවා. තථාගතයන් වහන්සේ නියර
උඩින් වඩින බව ගොවියා දැක්කත් එම වේලාවේ බුදුන් වහන්සේට සැළකිලි සම්මාන
කරන්න වේලාවක් නැති නිසා ගොවියා කුඹුර කොටමින්ම සිටියා. බුදුරජාණන්
වහන්සේ නියර උඩින් වඩින ගමන් ආනන්ද හාමුදුරුවන්ගෙන් අසනවා “ආනන්ද
‘සර්පයා දුටුවාද?” කියලා ඉන් පසුව වටපිට බලන ආනන්ද හාමුදුරුවන් ඒ අවට
බඩගාගෙන යන සර්පයෙක් වත් දැක්කෙ නැහැ. ඒ වුවත් තරමක් ඈතින් කිසියම්
පොදියක් වැටී ඇති බව දැක්කා.
බුදුහාමුදුරුවන් “සර්පයාය” කියලා කියන්නේ මේ පිළිබදව වෙන්නට ඇතැයි කියා
සිතන ලද ආනන්ද හාමුදුරුවන් එහෙමයි.අපේ බුදුහාමුදුරුවනේ සර්පයා දුටුවාය
කියලා කිවුවා. ඈතින් කුඹුරේ වැඩ කරමින් සිටි ගොවියාට මේ දෙබස හොඳට
ඇසුණා. මම වැඩ කරන මගේ කුඹුරේ විෂ ඝෝර සර්පයෙක් හිටියොත්. එය මටත්
හානියක් නේ කියලා හිතාගෙන උදැල්ලත් කරට අරගෙන ගොවියා ඒ දෙසට පැමිණියා.
ගොවියාට සර්පයෙක් නම් දකින්න ලැබෙන්නේ නැහැ. මොනවාද පොදියක් වැටී
තියෙනවා. දකින්නට ලැබෙනවා. එය අරගෙන බලන ගොවියාට කවුරුන් හෝ දමාගිය
මසුරන් පොදියක් කියලා වැටහෙනවා. ගොවියාට එම මසුරන් පොදිය ගැන ආසාවක්
ඇති වුණේ නැහැ. අනුන්ගේ දෙයක්නේ මෙය. මා කුමටදැයි අනුන්ගේ දේවලට ආශා
කරන්නේ කියලා සිතූ ගොවියා ඒ මසුරන් පොදිය නියර අයිනෙන් දමා තමන්ගේ
කුඹුරේ වැඩ කටයුතු නැවතත් ආරම්භ කළා. දවල් වන විට රාජ පුරුෂයන් රාත්‍රි
සිදුවුණ සොරකම පිළිබඳව තොරතුරු සොයමින් පසුවනවා. සොරුන්ගේ අඩිපාරවල්
ඔස්සේ සොයාගෙන යනවිට මෙම පරීක්‍ෂණ කණ්ඩායම අර නියර උඩට ආවා. මසුරන්
පොදියක් නියර ළඟ වැටී ඇති බව ඔවුන්ට දක්නට ලැබෙනවා. පෙරදා රාත්‍රි
සිදුවුණ සොරකමට මෙම ගොවියත් සම්බන්ධ ඇතැයි සිතූ රාජ පුරුෂයන්, කිසිදු
සොයා බැලීමකින් තොරව මෙම කුඹුරු කොටන ගොවියා රජ්ජුරුවන් ළඟට ගොස්
ඉදිරිපත් කරනු ලැබුවා. ඊයේ රාත්‍රි සැවැත් නුවර සිදුකරනු ලැබූ මහා
සොරකම කර ඇත්තේ මෙම ගොවියා බවට කරණු ඉදිරිපත් කළා. රජතුමා එම වරද
පිළිබඳ සොයා බැලීමකින් තොරව ක්‍ෂණිකව තීන්දුව දුන්නා. ‘මෙබඳු බරපතළ
වරදක් කළ මිනිසෙක් මගේ රාජධානියේ තබාගන්නේ නැහැ. වහාම මොහුට මරණීය
දණ්ඩනය පමුණුවන්න කියලා. ගොවියාට සිදුවූ මෙම සිද්ධිය හිතාගන්නවත්
අවස්ථාවක් වූයේ නෑ. රාජ පුරුෂයන් රතු මල්මාලාවක් ගොවියාගේ කරට දමා
අත්දෙක පිටුපසට තබා බැඳ මොහු රැගෙන යනවා. සොරකම කළ වරදට හිස කපා මරා
දමන්න. ගොවියා අවුල් සහගත මනසින් විකාරයෙන් වගේ දොඩවනවා. රාජ පුරුෂයන්ට
ඇහෙනවා. ආනන්ද සර්පයා දුටුවාද? එහෙමයි ස්වාමීනි, ආනන්ද සර්පයා දුටුවාද?
එහෙමයි අපේ බුදුහාමුදුරුවනේ සර්පයා දුටුවා. ආදි වශයෙන් මෙම ගොවියා මේ
ආකාරයෙන් කියන්නේ විකෘති මනසින් විය හැකි යැයි රාජ පුරුෂයන් සිතුවත්. එක
රාජ පුරුෂයෙක් ගොවියාගෙන් විමසනවා කුමක්ද? ඔය කියන කතාවේ තේරුම කියලා.
ඒ වේලාවේ ගොවියා ප්‍රකාශ කරනවා.මෙම කථාවට ලොකු තේරුමක් තියෙනවා. රජතුමා
ළඟට මාව රැගෙන යන්න. මාව මරන්න එපා. රජතුමා ළඟට රැගෙන ගියවිට එම කාරණය
කියන්නම් කියලා.
ගොවියා එසේ ප්‍රකාශ කළ විට කාරුණික රාජ පුරුෂයෙක් රාජ නියෝගය තිබුණත්,
ආපසු ගොවියා රජතුමා ළඟට රැගෙන ගියා. රජතුමා විමසනවා ඔබ දොඩන්නේ
සිහිවිකල්වෙලාද කියලා. මම කතා කරන්නේ සිහි විකල් වී නොවෙයි රජතුමනි. අද
උදේ මගේ කුඹුර උඩින් බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් සමග වැඩම කළා.
එසේ වඩින අවස්ථාවේ, බුදුහාමුදුරුවන් කිව්වා ආනන්ද, සර්පයා දුටුවාද
කියලා. ඒ වේලාවේ ආනන්ද හාමුදුරුවන් කිව්වා එහෙමයි. අපේ
බුදුහාමුදුරුවනේගේ සර්පයා දුටුවාය කියලා. උන්වහන්සේ කුඹුරෙන් වැඩිය පසු
මම සර්පයා මරන්න දුවගෙන ගියා. සර්පයෙක් හිටියේ නැහැ.මෙම මසුරන් පොදියයි
තිබුණේ. ඔබතුමා බුදුරජාණන් වහන්සේගෙන් අහල බලන්න මා මේ කියන කතාව
ඇත්තද? නැත්තද? කියලා. මේ කියන කතාව බොරු වුණොත් මම මරණයට සූදානම්.
මෙම කතාව ඇත්ත නම් මම මරණයට පත්නොකර නිදහස් කරන්නය කියලා. මෙම දුප්පත්
ගොවියාගේ ඇවිටිල්ල ඇසූ රජතුමා තමා මුලින් දුන්න නියෝගය නැවැත අත්හිටුවල
බුදුරජාණන් වහන්සේගෙන් මෙම සිදුවීම විමසලා බැලුවා.මෙම ගොවියා කියන
කාරණාව ඇත්තක් බව රජතුමාට දැනගන්නට ලැබුණා. මෙම සොරකමේ වරදට ගොවියාට
දඬුවම් දෙන එක වැරැදි වැඩක්නේ කියන කාරණාව රජතුමාට වැටහුණා. රජතුමා
ගොවියා මරණින් නිදහස් කළා.
මෙම සිද්ධිය ඇසුරු කරගෙන බුදුරජාණන් වහන්සේ දම් සභා මණ්ඩපයේදි බණ
පදයක් දේශනා කළා. යමෙක් යමක් කරන විට හොඳට හිතලා, හොඳට කල්පනා කරලා
හොඳට සැළසුම් කරලා ඒ වැඩය කරන්න. තමන් කරපු වැඩක් නිසා පසුව දුක්වෙන්න
වෙනවා නම්, තැවෙන්න වෙනවා නම් ඒක කරන්න එපා. ක්‍රියාවේප්‍රතිඵලය
ක්‍රියාව කරන්නට කලින් හිතන්නට කියන කාරණාවයි. බුදුරජාණන් වහන්සේ
පැහැදිලි කළේ.
සටහන
හේමමාලා රන්දුනු |