අනුරාධපුර රුවන්වැලිසෑය මහා විහාර
(විශ්‍රාමික) පරිවේණාධිපති
කොළඹ නව කෝරළේ සහ
නව තොටමුණේ ප්‍රධාන සංඝ නායක
වහුමුවේ විජයවංස නා හිමි
ප්‍රශ්නය
බුදුදහමට අනුව ‘ශ්‍රද්ධාව‘ ශ්‍රේෂ්ඨ ධර්මයක් බව සඳහන් වෙයි. ඒ බව
බුදුරජාණන් වහන්සේ එක් දේවතාවකුට දෙසූ ගාථා පාඨයකින් ‘කිංසූධ විත්තං
පුරිසස්ස සෙට්ඨං’ යනුවෙන් පුරුෂයෙකුට ශ්‍රේෂ්ඨ වන්නේ කුමක්ද? යන්න ඇසූ
විට උන්වහන්සේ “සද්ධීධ චිත්තං පුරිසස්ස සෙට්ඨං” යනුවෙන් ශ්‍රද්ධාව
පුරුෂයාට ශ්‍රේෂ්ඨ වන බව දේශනා කළ සේක. බෞද්ධ ධර්මයෙහි ශ්‍රේෂ්ඨ වන මෙම
ශ්‍රද්ධාව පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.
පිළිතුර
“ධම්මපද” ග්‍රන්ථයෙහි ප්‍රකීර්ණක වර්ගයෙහි ලෞකික හා ලෝකෝත්තර වශයෙන්
ශ්‍රද්ධාවෙහි ප්‍රභේද දෙකක් පෙන්නුම් කර ඇත. සද්ධො සීලෙන සම්පන්නො යසො
භොග සම්පතො’ යනුවෙන් දැක්වෙන තැන (යසොභොග - සුම්පිතො) සද්ධො යන්න ලෞකික
හා ලෝකෝත්තර යනුවෙන් විස්තර කරයි. මෙහි ත්‍රිවිධ ගුණ මෙනෙහිකොට
කුසලධර්ම කෙරෙහි සිත පැහැදවීම ලෞකික ශ්‍රද්ධාවයි. මාර්ගඵල ප්‍රත්‍යක්‍ෂ
කිරීමෙන් නිවන් අරමුණු කොට සිත පහදා ප්‍රසන්න තත්ත්වයකට පැමිණීම
ලෝකෝත්තර සද්ධා නම් වෙයි. මෙවැනි ශ්‍රද්ධා වන්ත පුද්ගලයා සීලයෙන්
යුක්ත යසස් ඇති සම්පත් ඇති නිසා ඒ තැනැත්තා සෑම තැනදීම පුදනු ලැබීමට
සුදුසු බවද සඳහන් වෙයි. බෞද්ධ ශ්‍රද්ධාව ශෝභන චෛත්‍යසිකයක් වශයෙන්
අභිධර්මයෙහි සඳහන් වෙයි. චෛතසික කාණ්ඩයෙහි ශෝභන චෛතසික 25 අතුරෙන් 19
වන ශෝභන සාධාරණ වශයෙන් දැක්වීමෙහිදී මුලින්ම සඳහන් වන්නේ ‘සද්ධා’
චෛතසිකයයි. මෙහි සද්ධා නම් සිත්හි යෙදෙන බුද්ධාදී අරමුණුකොට
සම්ප්‍රයුක්ත ධර්මයෙහි පහදවන ස්වභාවයයි.
ශ්‍රද්ධාවෙහි ලක්‍ෂණ දෙකක් මෙහිදී විස්තර කරයි. එනම් සම්පසාදන ලක්‍ෂණ
සම්පක්ඛන්ධන ලක්ෂණය’ වශයෙනි. මිලින්ද ප්‍රශ්නයෙහිදී මිළිඳු රජ නාගසේන
හිමියන්ගෙන් ශ්‍රද්ධාවෙහි ලක්‍ෂණ කෙසේදැයි ඇසූ ප්‍රශ්නයට මේ ලක්‍ෂණ
දෙකම කමණීය නිදර්ශන දෙකකින් හඳුන්වා දෙයි.
සම්පාදන ලක්‍ෂණය විස්තර කරන්නේ මෙසේය. චක්‍රවර්ති රජකුගේ උදකප්‍රසාදක
මාණික්‍යය කැලැත්තූ බොරදියට දැමූවිට බොර මඩ සෙවෙල් ඈ අපිරිසුදු දේ
බැහැර වී ජලය ඉතා නිර්මල බවට පත්වන්නාක් මෙන් ශ්‍රද්ධාවෙන් සිත අති
ප්‍රසන්න වෙයි. එසේ ශ්‍රද්ධාව ඇතිවත්ම පංචනීවරණ දී ක්ලේෂ ධර්මයන් යට
පත්වී සිත මනාව ප්‍රසන්න වන්නේ ය. ලි සම්පඛන්ධන ලක්‍ෂණය විස්තර කරන
මිලින්ද ප්‍රශ්නය මෙසේ විස්තර කරයි. මහා මේඝයක් පර්වත මුදුනින් ඇද
හැලී, කඳු, ගල්, ගස් දෑ යටකරමින් යන සැඩ ගැඹුරු ගඟ දිය දැක දෙපසින් ආ
ජනයා ජල ඕඝයට බියෙන් ගංතෙර රැස්ව සිටිති. එතැනට එන නිර්භීත බලැති
පුරුෂයෙක් කැසපට ගන්වා දියට බැස කඩුවෙන් මෝරුන් කපමින් තමාද එතෙර වෙන
අතර අන්‍යයන්ද එගොඩ කරවීමට උපකාර කරන්නේ ය. මේ අනුව සමහරු ධෛර්ය සිත්
උපදවා එතෙරට යාමට උත්සාහ කරයි. එමෙන්ම යෝගී පුද්ගලයාද අනුන්ගේ මිදුනාවූ
සිත් බලා සතර ඵලයට පැමිණීමට වීර්ය කරනුයේ මේ සම්පක්ඛන්ධන ලක්‍ෂණයයි.
ප්‍රශ්නය
යමක් නැතිව යමක් පවතින්නේ නැත්නම් පළමුවැන්න එහි හේතුව වන්නේ ය.
බාධකයක්ය, කියන්නේ කෙසේද? කෙනෙකුගේ පුණ්‍ය කර්මයකට වෙනකකු බාධා කළා
යැයි එයට කෝපවීම සමාව දිය හැක්කක් නොවේ. ක්‍ෂාන්තිය තරම් උග්‍ර වූ වෙන
තපසක් ඇත්තේ නැත. ඇත්ත වශයෙන්ම මේ එයට අවස්ථාවයි. ‘හිඟන්නේ සෙවීම ලෝකයේ
ඉතාපහසුය. එහෙත් තමනට හිංසාවක් කරන්නාවූ කෙනෙකු සොයා ගැනීම අපහසුය.
මක්නිසාද? මා විසින් කෙනෙකුට වරදක් කර නැත්නම් කෙනෙකු මට වරදක් නොකරන
නිසාය. උත්සාහයකින් තොරව ලබාගත්තාවූ, ගෙදරම තිබී සොයා ගත්තාවූ ධන
නිධානයක් පරිදි වූ මාගේ සතුරා බුද්ධත්ව මාර්ගයේ යාමට උපකාරී වන්නාවූ
මිතුරෙකු ලෙස සලකා අගය කළ යුතුය මේ ආකාරයෙන් ඔහුගේ නරක චේතනාව
ඇසුරුකොටගෙන (මා තුළ) ක්ෂාන්තිය ජනිත වෙයි. එසේ නම් ක්ෂාන්තියේ හේතුව
වන්නේ ඔහුය. එම නිසා සද්ධර්මයට ගරු කරන්නාක් මෙන් මා ඔහුට ගරු කළ
යුතුය. මේ ක්‍රමයට අනුව සියලුම නරක දේ තමාගේ ආධ්‍යාත්මික ගුරුවරයෙකු
බවට පත්වන්නේ ය. ශාන්තිදේව හිමි බෝධිචර්යාවතර (පි. 182) හොඳ හා නරක
පිළිබඳව බෞද්ධ චින්තනය ප්‍රායෝගිකව ඉගැන්වීම සඳහා ගොනු කළ සටහනකි මේ.
විවාදයකට හේතුවක් කර නොගෙන හොඳ හා නරක පින හා පව පිළිබඳව බෞද්ධ මාර්ගය
තවදුරටත් පැහැදිලි කරන්න.
පිළිතුර
ශාන්තිදේව ආචාර්යපාදයන් වහන්සේ මහායාන බුදුසමයට අනුව ගෙදර ගෙන යා යුතු
බුදුසමය හඳුන්වා දුන් අයුරුයි මේ. පිළිතුර සකස් කිරීමෙහිදී තන්ත්‍රයාන
බුදුසමයෙහි එන අදහසක් ද එකතු කර ගැනීම අදාළ කරුණ වඩාත් පැහැදිලි කරගත
හැකිය.
නරක හොඳ බවට පරිවර්තනය කිරීම පිළිබඳ අදහස මහායානයෙහි දී විශේෂයෙන්ම
තන්ත්‍රයානයෙහිදී කේන්ද්‍රිය තැනක් උසුලයි. මෙය හඳුන්වන්නේ බෞද්ධ රස
ශාස්ත්‍රය හෙවත් කුණු රොඩු වලින් ‘රත්රන්’ සාදා ගන්නාවූ ශාස්ත්‍රය
යනුවෙනි. මෙහිදී අනුගමනය කළයුතු උපක්‍රමය නම් නරක දෙය අභියෝගයක් ලෙස
සලකා එයින් ඉගෙන ගත යුතු බවත් එසේ ඉගෙනගැනීමෙහිදී ඔවුන් අවධාරණය කරන්නේ
නරක දේ පවතින්නේ නැතිනම් ‘සද්ගුණයන්ද නොපැවතිය හැකි බවයි. ශාන්ති
දේවයන් තම බෝධිචර්යාවතරයෙහිදී මෙම ක්‍රියාවලිය සවිස්තර ව දක්වයි. ඔහු
කියන්නේ සතුරා සැලකිය යුත්තේ අවහිරයක් හෝ කරදරයක් හැටියට නොව
ආශීර්වාදයක් හැටියටයි. මක්නිසාද ඉතාම උසස් සද්ගුණයක් වන උපේක්‍ෂාව
ප්‍රගුණ කිරීමට එම සතුරා විසින් මා හැඟි ඉඩ ප්‍රස්ථාවක් සලසා දෙන නිසා
ය.
ප්‍රශ්නය
මජ්ඣිම නිකායේ ‘කොසම්බි’ සූත්‍ර දේශනාවට අනුව සපයාගත් දේ කෙතරම් දැහැමි
වුවද සමාජ යහපැවැත්ම සඳහා සහජීවනය අරමුණු කොටගෙන ධනය බෙදා හදා ගත
යුතුය. අවම වශයෙන් තම පාත්‍රයට ලැබුණු සුළු දෙය වුවද බෙදා හදා නොගෙන
නොවැළඳිය යුතු බව දැඩි ලෙස ම අවධාරණය කොට ඇත. පෙළ දහමට අනුව ‘චාග‘
සම්පත්ති සිව් සඟරාවතින් (චතුස්සංගහ වත්ථු) දානය පළමු වැන්නෙන් අවධාරණය
කළේ ඒ නිසයි. සමාජ සාධාරණීකරණය සඳහා ද බුදුදහම දානය අවශ්‍යම අංගයක්
වශයෙන් සලකා තමා වෙතින් අනෙකාට හෙවත් ‘එකා සැමටත් සැමදෙනාටත්’ යන තේමාව
ඔස්සේ (පරිත්‍යාග) චාග සම්පත්තිය අත්‍යවශ්‍ය අංගයක් විය යුතු බව
පැහැදිලි කරන්න.
පිළිතුර
පෙළ දහමට අනුව ප්‍රධාන හේතු දෙකක් නිසා දන්දීම අවධාරණය කර තිබෙන බව
පැහැදිලිය. ඉන් පළමුවැන්න පුද්ගලයා සමාජ සත්වයෙකු ලෙස සැලකීමයි. අනෙක
පුද්ගලයෙකුගේ පරිත්‍යශීලීබව සමාජ ප්‍රගතියට බෙහෙවින් හේතු සාධකයක් වන
බවයි. පුද්ගල හා සමාජගත දුකට ප්‍රධාන හේතුව තෘෂ්ණාව බව බුදුහු වදාළහ.
තෘෂ්ණාව නිසා අයත්කරගැනීම, රැස්කිරීම, පැහැරගැනීම, මගේ බවට
පමුණුවාගැනීම, මමත්වය ගොඩනැඟීම එමඟින් (සක්කායදිට්ඨි) හෙවත් ආත්මීය
මානයක් ගොඩනඟා ගැනීම ආදිය සිදුවෙයි. මෙම මිථ්‍යා දෘෂ්ටිය පුද්ගල
සන්තානය තුළින් ඉවත් කිරීමට ප්‍රතිපක්‍ෂ ධර්මයක් පුහුණු කළ යුතුයි.
මෙසේ ලෝභය, රාගය, තෘෂ්ණාව, ප්‍රහීන කිරීමට, පරිත්‍යාගය, අනුගමනය කළ
හැකි ඵලදායි මාර්ගය වෙයි. ඔහු ඉදිරිපත් කරන ප්‍රබල තර්කය නම් උපේක්‍ෂාව
නමැති සද්ගුණය සතුරෙකුගෙන් තොර පැවැතිය නොහැකි බවයි. සතුරන් නොමැතිව
අපට බෝධිසත්වයන් විය නොහැකිය. බෝධිසත්ව මාර්ගය පුහුණු කිරීමට සතුරන්
අත්‍යවශ්‍ය පාලි පෙළදහමට අනුව යම් යම් වෙනසක් දක්නට ඇතත් පිළිවෙත
පිටමංකර ආමිෂය වැළඳගන්නා සම්ප්‍රදායට වඩා සුචරිතවත් සමාජය කරා සුබවාදී
ගමනක් සඳහා මෙබඳු අදහස් බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත. අතහැර දැමීමේ
සංකල්පය නෙක්ඛම්ම නමින් හැඳින්වෙයි. ආධ්‍යාත්මික දියුණුව සැලසීමේ
අඩිතාලම එයින් දැමෙයි. සිව් සඟරාවතින් වඩාත් අවධාරණය කර ඇත්තේ
දන්දීමෙහි (පරිත්‍යාගයෙහි) සමාජමය අරුතයි. සමාජයේ යහපැවැත්ම මෙන්ම
සත්ගුණවත් භාවයට පරිත්‍යාගය අත්‍යවශ්‍ය වෙයි. නොදීමෙන් තැන් තැන්වල
එක්රැස්වීමට පටන් ගැනේ. එවිට වෙනත් තැනක හිදසක් (ඉඩක්) අවකාශයක්
(අඩුවක්) ඇතිවෙයි. ඒ හේතුවෙන් සන්නිධිකාර (අධිකාරී) බලයක් ඇතිවෙයි.
සමාජය තුළ එක් කොටසක් බලය පවරාගනී එමඟින් සමාජය තුළ සමතුලනය (සමසේ
බෙදීයාම) නැතිවේ. සම්පත් සූරාකෑමට ලක්වේ. එවිට සම්පත් හිඟයකට හා
විනාශයකට මුහුණ පෑමට සිදුවේ.
ප්‍රශ්නය
දානමය පුණ්‍ය කර්මයක අවසානයෙහි (භුත්තානුමෝදනාව) කළ පින්කමෙහි ඵල
වශයෙන් ‘ආයුරාරෝග්‍ය සම්පත්ති’ ආදී වශයෙන් සම්පත් බොහොමයක් ලබන්නට දායක
පිරිසට අනුශාසනා කරති. සම්පත් යන්නෙහි සරල අර්ථය ඒ අනුව ලැබීම යන්නය.
බුදු දහමෙහි එබඳු දැහැමි ලැබීම් (පංච සම්පදා) පහක් පිළිබඳ ව සටහන්
වෙයි. පැහැදිලි කරන්න.
පිළිතුර
පංච සම්පදා නම්
ඤාති සම්පදා – ඤාතීන් ලැබීම.
භොග සම්පදා - භෝග , ධනය ලැබීම.
සීල සම්පදා - ශීල සම්පත්
ආරෝග්‍ය සම්පදා – නිරෝගී බව
දිට්ඨි සම්පදා – නිවැරැදි දැකීම. |