බෝසත් සිරිත හා අසිරිමත් බුදුසිරිත 05
ශ්‍රී ජයවර්ධනපුර
විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය
මැදගොඩ
අභයතිස්ස හිමි
බෝධි සත්වයන් වහන්සේ ආත්ම භාව තුනකදී මව්කුසින් නික්මෙන වේලාවට වචන කථා
කරනවා. මහෞෂධ ආත්ම භාවයත්,වෙස්සන්තර ආත්ම භාවයේදී සහ බුද්ධත්වයට පත්වන
‘ආත්ම භාවයේදි එසේ මව්කුසින් නික්මෙන වේලාවේදී වචන කථාකළ අවස්ථා වේ.
මහෞෂධ ආත්ම භාවයේදී මව් කුසින් නික්මෙන කොටම බෝසතාණන්වහන්සේට ශක්‍ර
දිව්‍ය රාජයා සඳුන් අරටුවක් අතේ තබා යන ලදී. බෝසත් කුමාරයා එය මිටෙන්
අරගෙන මව් කුසින් නික්මෙන ලදී. මව කුමක් අරගෙන ආ දැයි ඇසූවිට ඖෂධයක්
රැගෙන ආ බව කීය. ඒ නිසා එම කුමරාට “ඖෂධ” දරුවා යැයි නම තැබිණි.ඖෂධය
අරගෙන කුමක් ද කළේ හැළියකට දමන ලදී. එය අඳ බිහිරි කාහටත් රෝග නැති
කරගැනීමේ බෙහෙතක් විය. හැම දෙනාම එය මහා ඖෂධයක්. මහා ඖෂධයක් යැයි කීය.
ඒ නිසා එම කුමරාගේ නම් මහෞෂධ විය.
වෙස්සන්තර ආත්මභාවයේදි මව්කුසින් නික්මෙනා බව දැක අත දිගහැර, අම්මේ,
මොනවද නිවසෙහි තිබෙන්නේ යැයි විමසීය. දන්දෙන්න යැයි පැවසීය. ධනවත්
කුලයක ඉපදී ඇති බව මව කීවාය.
මේ අනුව මහෞෂධ ආත්ම භාවයේදි හඳුන් ගැටයක් රැගෙන විත් එය මහා ඖෂධයක් බව
බෝසත් කුමරා කීය.
වෙස්සන්තර ආත්ම භාවයේදී දන්දෙන්න දෙයක් තිබේදැයි ඇසීය.
සිදුහත් ගෞතම බෝසත් කුමරා ව උපන් අවස්ථාවේදි අභීත සිංහනාදය පවත්වන ලදී.
බෝසත් කුමරා පිළිසිඳ ගත් දවසේ මෙන්ම උපන් දවසේද පෙර නිමිති පහළ විය.
යම් කාලයක බෝසතාණන් වහන්සේ ඉපදුනාද? ඒ වෙලාවෙම රාහුල මාතා දේවි (යසෝධරා
දේවිය) ආනන්ද හාමුදුරුවෝ, ඡන්න ඇමැතිවරයා, කන්ථක අශ්වයා, කාලුදායි
ඇමැතිවරයා, මහා බෝධිය ආදිය වේ.
අනතුරුව හතර මහා නිධාන හට ගත්හ. හතර මහා නිධානවලින් එකක් ගව්වක් පමණ
වේ. එකක් අඩ යොදුනක් පමණ වේ. එකක් තුන් ගව්වක් පමණ වේ. එකක් යොදුනක්
පමණ වේ.
බෝසතාණන් වහන්සේ උපත ලබන විට පහළවන සහ ජාත වස්තු හතක් වේ.
ලුම්බිණි සල් උයනේදි උපත ලද බෝධි සත්වයන් වහන්සේ රැගෙන නගරවාසීන් නැවත
කිඹුල්වත්පුරයට ගමන් ඇරැඹූහ.
කපිලවස්තු පුරයෙහි සුද්ධෝදන මහා රජාණන් වහන්සේට දාව මහාමායාදේවියට
පුතෙක් ඉපදුණා. ඒ කුමාරයා බුදු වන බව කියා තව්තිසා භවනෙහි සතුටු වූ
දෙවිවරු සළු කරකවමින් ක්‍රීඩා කරන්නට පටන්ගත්හ.
ඒවේලාවේදි සුද්ධෝදන රජතුමාගේ කුළුපග අෂ්ඨ සමාපත්තිලාභී ‘කාලදේවල’ නම්
තාපසතුමා ආහාර නිම කර දිවා විහරණය සඳහා තව්තිසා භවනයට ගොස් එතැන්හි
දිවා විහරණයෙහි යෙදිණි, එහිදී දෙවිවරු ක්‍රීඩා කරමින් සිටිනු දැක ඔබලා
මෙසේ සතුටෙන් ක්‍රීඩා කරන්නේ ඇයි දැයි විමසූහ. ඒ වෙලාවේදි දෙවිවරු,
නිදුකාණෙනි, සුද්ධෝදන රජතුමාගේ දේවියට පුතෙක් ලැබුණා. ඔහු බෝධිරාජයාණන්
වහන්සේ ළඟ හිඳගෙන බුදුවෙනවා. දම්සක් පවත්වනවා. ඒ නිසා අනන්ත වූ බුද්ධ
ලීලාව දැකීමටත්, ධර්ම ශ්‍රවණය කිරීමටත් අපට පුළුවන් වන හෙයින් අප සතුටට
පත්වුනා යැයි කීය. ‘කාලදේවල’ තාපසතුමා ඒ දෙවිවරුන්ගේ වචනය අසා වහා
දිව්‍ය ලෝකයෙන් පැමිණ සුද්ධෝදන මහ රජතුමාගේ නිවසට ගොස් පනවන ලද ආසනයෙහි
හිඳගත්හ.
සුද්ධෝදන මහ රජතුමා දුටු තාපස තුමා රජතුමනි,උපන් පුතා බැලීමට ආ බව
කීය.අලංකාර ඇඳුමෙන් සැරසූ කුමරා රජතුමා රැගෙන විත් එම තාපස තුමාට
වැන්දවීමට කිට්ටු කළහ.
බෝසතාණන් වහන්සේගේ පාදය තාපස තුමාගේ ජටාවෙහි පිහිටියහ. බෝධිසතාණන්
වහන්සේ බුදුවන ආත්ම භාවයේදි උන්වහන්සේ විසින් කිසිදු වැඳිය යුත්තෙක්
නොමැත. ඒ ධනය ඇති නිසා නොවේ. බෝසතාණන් වහන්සේගේ හිස තාපසතුමන්ගේ
දෙපාමුල තබන්නට සූදානම් විය.
බැරි වෙලාවත් බෝසතාණන් වහන්සේගේ හිස තාපසතුමන්ගේ දෙපා ළඟ තබන ලද්දේ නම්
තාපස තුමාගේ හිස සත්කඩකට පැලෙයි. තාපසතුමා විසින් තමන්ම තමන් නසා ගත
යුතු නැතැයි දැනගෙන ආසනයෙන් නැගිට ඇඳීලි බැඳ බෝසතාණන් වහන්සේට වඳින
ලදී.
ඒ උතුම් අසිරිය දුටු සුද්ධෝදන මහ රජතුමාද තම පුතුට වඳින ලදී.
’කාලදේවල’ තාපසතුමා අතීතයට කල්ප හතළිහක්ද, අනාගතයට කල්ප හතළිහක් ද සිහි
කළ හැකි අයෙකි.
සිදුහත් බෝසත් කුමරා බුදු වන බව දුටු තාපසතුමා ආශ්චර්යවත් කුමරෙකු බව
දැන හිනාවක් පහළ කරන ලදී. එහෙත් මේ කුමරා බුදුවන අවස්ථාව දැක ගැනීමට
තමාට නොලැබෙන බව දැන බුදුවරු දාහක් අරූප භවයෙහි පහළ වුවද තමාට බුදු
කෙනෙකු දකින්නට නොලැබෙන බව දැන තමන්ට මොනතරම් හානියක් දැයි සිතා හඬන්නට
පටන් ගත්හ.
පළමුව සිනා පහළ කළ තාපස තුමා දෙවනුව හඬනු දුටු වැසියන් ඊට හේතුව
කුමක්දැයි විමසූහ. අපේ බෝසතාණන් වහන්සේට අනතුරක්වත් දැයි ඇසූහ. ඒ බෝසත්
කුමරාට අනතුරක් නොවේ. නියත වශයෙන්ම කුමරා බුදුවන බව තාපසතුමා කීය.
නමුත් මා හැඬුවේ මේ බෝසතාණන් වහන්සේ බුදුවන අසිරිය මට දකින්නට නොලැබේ.
එය මට මහත් හානියකි. එබැවින් මා හඬන්නට පටන් ගත්තා යැයි කීය.
අඩුතරමෙන් තාපසතුමාගේ ඤාතියකුට හෝ මේ කුමරා බුදුවන අවස්ථාව දැක ගැනීමට
හැකිවෙත්දැයි බැලූහ. එසේ කල්පනා කර බලන විට තමන්ගේ බෑණා කෙනෙකු වන නාලක
කුමරු දැක ගත හැකි විය. ඒ නාලක කුමරා මෙම තාපසතුමාගේ නැගණියගේ පුතා
වෙයි.
එම නාලක කුමරාද කැඳවා පුතණුවනි, සුද්ධෝදන රජතුමාගේ දේවියට පුතෙක් ලැබී
සිටිනවා. ඒ බුද්ධාංකුර උත්තමයෙක්. ඒ කුමරා තිස්පස් වන වියෙහිදී
බුද්ධත්වයට පත්වේ. ඔබට ඒ උත්තමයන් වහන්සේ දකින්නට ලැබේ. එබැවින් අදම
පැවිදි වන්නයැයි නාලක කුමරාට කීය.
අසුහත් කෙලක් ධනය ඇති කුලයක උපන් අයකු වුවත් තම මාමා තමාට කිසි
අවස්ථාවක අහිතක් නොකරන්නේ යැයි සිතා ඒ මැදුර තුළදීම එදිනම කෙස් රැවුල්
කපා කහවත ද, මැටි පාත්‍රයක්ද රැගෙන මේ ලෝකයේ උතුම් පුද්ගලයෙක් පහළ
වූයේද? ඒ උතුමන් වහන්සේ වෙනුවෙන් මාගේ පැවිද්ද යනුවෙන් කල්පනා කර නාලක
කුමරා පැවිදි වී බෝසතාණන් වහන්සේ දෙසට පසඟ පිහිටුවා වැඳගෙන පාත්‍රය
මල්ලක බහා කරෙහි එල්ලාගෙන හිමවතට පිවිස පැවිදි මග අනුගමනය කළහ.
එතුමා ගෞතම බෝධිසත්වයන් වහන්සේගේ බුද්ධත්වයෙන් පසුව පැමිණ නැවතත් හිමාල
පර්වතයට ගොස් ප්‍රතිපදා සපුරා රහත්ඵලයට පත්ව සත්මසක් එහි ගත කර එක්
ස්වර්ණ පර්වතයක් ඇසුරු කරගෙන සිට පිරිනිවන් පා වදාළ නාලක කුමාරයා නාලක
රහතන් වහන්සේය.
බෝසත් කුමරා පස්වන දිනයේදි පැන් සනහවා නම් තබන දා බමුණන් කැඳවා රාජ
භවනෙහි වඩා හිඳුවා සංග්‍රහ කර අවසානයේ කුමරා පිළිබඳ රජතුමා ඔවුන්ගෙන්
තොරතුරු විමසීය.
මතු සම්බන්ධයි
සටහන: සීසර් සුදුසිංහ
බෝසත් සිරිත හා අසිරිමත් බුදුසිරිත |