|
|
ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ ඇසළ අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ ජූලි 29 වනදා සඳුදා |
|||
ගම්පළ, උඩගම ශ්‍රී සුධර්මානන්ද පුරාණ විහාරස්ථානය සියම්
මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයට අයත්ය. වසර
තුන්සියයකට වැඩි ඉතිහාසයක් ඇති මේ විහාරය ප්‍රදේශවාසී ජනතාව
ගේ මහත් ගෞරවාදරයට ලක්වන පුණ්‍ය භූමියකි.
විහාර ඉතිහාසය සැලකූ විට, යතිවරයාණන් වහන්සේ කිහිප නමකම විහාරාධිපතිධුරය දැරූ අතර උන්වහන්සේ සියලු දෙනාම ජනතාවට හිත වැඩ පිණිස ඇපකැප වී කටයුතු කළහ. කෙහෙල්ගමුවේ සීලරතන හිමි,කළුගල සරණපාල හිමි, පොල්ගහඅංග සුදස්සි හිමි සහ උලපනේ පඤ්ඤානන්ද හිමි යනුවෙන් එහිමිවරුන්ගේ නාමයන් සදා අමරණීය වේ. ශ්‍රී සුධර්මානන්ද පුරාණ විහාරයේ වත්මන් විහාරාධිපතිත්වය දරන්නේ කිරිදිවත්නේ සුමනසාර හිමියන්ය. විහාරාධිකාරිත්වය නුගගොල්ලේ විමලසාර හිමියෝ උසුලති. කිරිදිවත්තේ සුමනසාර හිමියෝ 2006 වර්ෂයේදී විහාරාධිපති ධුරය භාර ගනිමින් විහාරයේ ගරාවැටෙමින් තිබූ ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය ද ඇරැඹූහ.
|
||||
|
©
2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම |
||||