උඩගම සිරි සීලරතන දහම් පාසල
සටහන/ඡායාරූප
ජගත් ජනපි‍්‍රය
ගඟ ඉහළ සමූහ
විහාරාධිකාරි ප්‍රධානාචාර්ය හිමියන් සමඟ ආචාර්ය මණ්ඩලය |
දහම් පාසල් දරු දැරියන්ගෙන් කොටසක් |
මහනුවර දිස්ත්‍රික්කයේ ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩගම
ග්රාමනිලධාරි වසමේ සුන්දර වෙල් යායක් මධ්‍යයේ පිහිටි ශ්‍රී
සුධර්මානන්ද පුරාණ විහාරස්ථානයට අනුබද්ධ සිරි සීලරතන දහම්පාසල 1954
නොවැම්බර් 02 වැනි දින ආරම්භ කර ඇත.
එවකට මෙම විහාරස්ථානයේ වැඩ සිටි විහාරාධිපති කෙහෙල්ගමුවේ සීලරතන නා
හිමියන්ගේ නමින් මෙම දහම් පාසල ආරම්භ කර ඇත. ඉන්පසු වැඩ සිටි කලුගල
සරණපාල හිමි, පොල්ගහාඅංග සුදස්සි හිමි, උලපනේ පඤ්ඤානන්ද හිමිවරු මෙම
දහම් පාසල නගා සිටුවීමට කටයුතු කළහ. උන්වහන්සේලාගේ අපවත්වීමත් සමඟ මෙම
දහම් පාසල වැසී ගියද මෙම විහාරස්ථානයට වැඩම කළ කිරිදිවත්තේ සුමනසාර නා
හිමියන්ගේ මූලිකත්වයෙන් නැවැත වතාවක් දහම් පාසල ආරම්භ කරන ලදී.
උන්වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි 2007 සිට වත්මන් විහාරාධිකාරි වූයේ
නුගගොල්ලේ විමලසාර හිමියන් ය. මෙම දහම් පාසලේ අද වන විට ශිෂ්‍ය
ශිෂ්‍යාවන් 250 ක් පමණ අධ්‍යාපනය ලබති. මෙහි ආචාර්ය මණ්ඩලය 17 දෙනෙකි.
මේ වන විට ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහ මහනුවර
දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරි දහම් පාසලක් ලෙසත් කොට්ඨාස පළාත්,
දිස්ත්‍රික්ක මට්ටමින් පවත්වන තරගවලින් ජය ලබා ඇත.මෙයට සම්බන්ධව සිරි
සීලරතන පෙර පාසලත් දහම් පාසල සමඟ පවත්වා ගෙන යයි. මෙම දහම්පාසල මගින්
උඩුගම, ජාපාවත්ත, උඩගමකන්ද, ඉන්දාවිට,ජන උදානගම, නැඩ්සා ,රේන්දපොළ,
සිංහපුර හා වරකාපිටිය ගම්මානවල දරුවන්ට ඉමහත් සෙතක් සලසෙයි.
ගමට සෙතක්, දැහැමි පරපුරක් බිහි කිරීම මෙම දහම් පාසලේ එකම අභිලාෂය වී
ඇත.
|