Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය
බෞද්ධ ශ්‍රාවක සෑම කෙනෙකුම (සිව්වණක් පිරිස) නිතර මෙනෙහි කළ යුතු ධර්ම කරුණු පහක් බුද්ධ දේශනාවන්හි දී සඳහන් කොට ඇත. වර්තමානයෙහි වුවද මෙබඳු සිහිගැන්වීමි. කායික හා මානසික සුවය සඳහා බෙහෙවින් ඉවහල් වනු ඇත. මෙහි නිතර සිහිගන්වාගත යුතු ධර්ම මොනවා ද?

පිළිතුර
බුද්ධ දේශනාවට අනුව නිතර සිහියේ තබා ගත යුතු සුවිශේෂී වූ කරුණු පහක් සඳහන් වෙයි. එනම් (අහං ජාති ධම්මෝම්හි) මම උපත උරුමව සිටිමි. (ව්‍යාධි ධම්මොම්හි) රෝගී බව උරුම කොට ඇත. (ජරා ධම්මොම්හි) මහලු බව උරුම කොට ඇත. (පියෙහි විප්පයොගො) පි‍්‍රයයන්ගෙන් වෙන්වීම උරුම කොට ඇත්තෙමි. (කම්හ පටිසරණො කල්‍යාණංවා පාපකං වා) යහපත් හෝ අයහපත් කර්මය උරුම කොට ඇත්තෙමි. මෙම දහම් නිතර මෙනෙහි කිරීම ත්‍රිවිධ තෘෂ්ණාව ප්‍රහාණය සඳහා බෙහෙවින් පිටිවහලක් වනු ඇත.

ප්‍රශ්නය
ධර්ම ශ්‍රවණයෙන් දහම් මඟ හඳුනාගත් බෞද්ධ ශ්‍රාවකයා පිළිවෙතින් අරමුණ වූ නිවන් මග හෙළි පෙහෙළි කරගනී. ඒ අනුව බෞද්ධ පිළිවෙතෙහි ආරම්භය ධර්ම ශ්‍රවණය යි. සූත්‍රා ගත තොරතුරු අනුව ධර්ම ශ්‍රවණයෙහි අරමුණ පැහැදිලි කරන්න.

පිළිතුර
ධර්ම ශ්‍රවණයෙන් පස් ආකාර වූ ආනිසංශයන් ශ්‍රාවකයාට ලැබෙන්නේ ය.

අසස්සුතං සුණාති
(නො ඇසූ දෙය ඇසීම)
සුතං පරියොදපෙති
(ඇසූ දෙය පිරිසුදු කරගැනීම)
කංඛා විරති (සැක දුරු කර ගැනීම)
දිට්ඨිං උජුං කරොති (විශ්වාසය තහවුරුවීම)

චිත්තං පසීදති (සිත ප්‍රසන්න බව ඇතිවීම) යන ආනිශංස පහ ශ්‍රවණයෙන් ශ්‍රාවකයා ලබන්නේ ය.

ප්‍රශ්නය
“කසළ ගොඩින් රජගෙදරට” යන්න බුද්ධකාලීන විශේෂිත පුද්ගලයෙකුගේ ජීවන පුවතක් ඇසුරෙන් සකස් වූවෙකි. මේ තැනැත්තා කවුද?

පිළිතුර
බුද්ධ කාලීන දක්‍ෂ වෙදැවරයෙකු වූ ජීවක අභයරාජ කුමාරයාට දාව ‘සාලවතීන’ නම් ගණිකාව කුස උපත ලැබූ තැනැත්තෙකි. ඉවත ලන කසළ ගොඩක දමා තිබියදී මගියෙකු විසින් රජ මාලිගාවට ගෙන ගොස් බාරදීමෙන් අනතුරුව රජකුමරෙකු මෙන් රාජකීය සම්පත් ලැබීමේ වාසනාව නිසා “ජීවක කොමාර බච්ච” යන නමින් ප්‍රසිද්ධ විය.

ප්‍රශ්නය
ක්‍රි.ව. 1848 අගෝස්තු මස 24 වන දින ඉංගී‍්‍රසි ජාතික ‘බුලර්’ මහතා ප්‍රධාන පිරිස විසින් අත්අඩංගුවට ගත් හිමිපාණන් වහන්සේ කවු ද?

පිළිතුර
කුඩාපොල හිමිපාණන් වහන්සේ

ප්‍රශ්නය
බටහිර සිරිත් විරිත් සහ ඉංගී‍්‍රසි භාෂාව සම්භාවනාවට ලක්වූ යුගයක ඉපැරැණි ශ්‍රී ලාංකේය අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාට සමකාලීන ජාතික වීරවරයා කවු ද?

පිළිතුර
වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමා