Print this Article


අටමහ පින්කම්

අටමහ පින්කම්

දායකයා හා ප්‍රතිග්‍රාහක ස්වාමින් වහන්සේ අතර මෙහිදී ඉතා හොඳ සම්බන්ධයක් ඇති වෙනවා. දායකයා නැත්නම් ශාසනයක් නො පවතිනවා වගේම දෙන දේ ගන්න කෙනෙක් නැත්නම් ඒත් ශාසනය පවතින්නේ නැහැ. මේ සම්බන්ධතාවය තහවුරු කරන්නට ඉතාම වටිනා ක්‍රියාව වන්නේ අටමහ පින්කම්

අප සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ අටමහ කුසල් කියා. නමුත් එය විස්තර කරන ගාථාවේ සඳහන් කරලා තිබෙන්නේ ‘අට්ඨ පුඤ්ඤ කිරියානි’ කියලා. අට විධ පුණ්‍ය ක්‍රියාවන් කියලා. අටමහ පින්කම් වලට මහ පින්කම් කියා යොදලා තිබෙන්නේ ඇයි? ‘කම්’ කියන්නේ කර්මයට. ‘මහ’ කියන්නේ ලොකු කියන එක. මහකම කියන්නේ ලොකු කර්මයට. පොඩිකම කියන්නේ පුංචි කර්මයට. කර්මයක් ලොකු කුඩා වන්නේ කොහොම ද? එහෙම වන්නේ් කරන ක්‍රියාවේ තිබෙන ලොකු කුඩාභාවය අනුව නොවේ. සිතෙහි නැගෙන සිතිවිලිවල ලොකු කුඩාව අනුවයි. අප අසා තිබෙනවා ‘චේතනාහං භික්ඛවේ කම්මං වදාමි’ කියා.

ඔබ දන්නවා අප පාරේ යනකොට කකුලට පෑගිලා සතුන් මැරෙනවා. එය විපාකදායි කර්මයක් වෙන්නේ සතුන් මරණ අදහසින් ගමන් කළොත් පමණයි. එහෙම චේතනාවක් නැකිනම් එසේ කර්මයක් රැස්වන්නේ නැහැ. චේතනාව ලොකුවෙන තරමට මහ කර්ම වෙනවා. හොඳ චේතනාව අනුව කරන හොඳ කර්මවල මහ පින්කම්. නරක චේතනාවෙන් කරන මහ කර්ම මහ පව් ලෙස කියනවා. මහ පින්කම් වගේම මහ පව්කම් තිබෙනවා. පව්කම පින්කමෙහි දෙකෙහිම මහ හෝ කුඩා බවට පත්වෙන්නේ ක්‍රියාවත් සමඟ යෙදෙන චේතනාවත් සමඟයි.

අටමහ පින්කම් සමඟ බැඳෙන චේතනාවත් විශාල වෙන්න ඕන. එසේ වුවහොත් පමණයි එය මහ පින්කමක් වෙන්නේ. කර්ම විපාක සැකසෙන්නේ ඒ පුද්ගලයාගේ් චේතනාව සහ ස්වභාවය අනුව යි . කර්මය කියන්නේ තමන් විසින්් සිදුකර ගන්නා දෙයක්. ඒ කර්මය කර ගන්නේ් තමානම් ඒ කර්මවල විපාක ලැබෙන්නෙත් තමාටම යි. අප හොඳ හෝ නරක දෙයක් කරනවිට අපේ සිතේ ඇතිවන සිතිවිලි ප්‍රමාණය අනුව කර්මයේ විපාකයන් අඩු වැඩි වෙනවා.

මෙම පින්කම් දෙස බලනවිට මේ සියලුම පින්කම් සංඝයා වහන්සේලා උදෙසා කරන පින්කම්. යම් කෙනෙක් අතීතයේ දී මේවා අටමහ කුසල් කියා මෙයින් පින් රැස්කර ගන්න පුළුවන්ය කියා එය හොඳ චේතනාවකින් කළ දෙයක් විය හැකියි. දායකයා හා ප්‍රතිග්‍රාහක ස්වාමින් වහන්සේ අතර මෙහිදී ඉතා හොඳ සම්බන්ධයක් ඇති වෙනවා. දායකයා නැත්නම් ශාසනයක් නො පවතිනවා වගේම දෙන දේ ගන්න කෙනෙක් නැත්නම් ඒත් ශාසනය පවතින්නේ නැහැ. මේ සම්බන්ධතාවය තහවුරු කරන්නට ඉතාම වටිනා ක්‍රියාව වන්නේ අටමහ පින්කම්.

තථාගතයන් වහන්සේගේ ධර්මය කොටස් තුනකට බෙදෙනවා. (1). පරියාප්ති ශාසනය, (2). ප්‍රතිපත්ති ශාසනය (3) ප්‍රතිවේද ශාසනය ලෙස. පරියාප්ති ශාසනය යනු ත්‍රිපිටක බුද්ධ වචනය යි. ප්‍රතිපත්ති ශාසනය යනු සීල භාවනාදි පුරුදු කරමින් ධර්මයේ හැසිරීමයි. ප්‍රතිවේද ශාසනය යනු ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුළින් බලාපොරොත්තු වන නිවන අවබෝධය යි. එසේ අප නිවන් දකින්නට නම් ප්‍රතිපත්ති පුරන්න ඕන. ප්‍රතිපත්ති පුරන්නනම් ප්‍රතිපත්ති මෙනවාද කියා දැන ගන්නත් ඕන. ඒ වගේම පරියාප්ති ශාසනය දැනගන්නත් ඕන. පරියාප්ති ශාසනය රකින පිරිස භික්ෂූන් වහන්සේ. උන්වහන්සේ මේ ත්‍රිපිටක ධර්මය ඉගෙනගෙන, කටපාඩම් කර එය රැක ගන්නවා. යමෙක් ධර්මය අහල ඉගෙන ගන්නවානම් ඒ සියලු දේ කර තිබෙන්නේ් භික්ෂූන් වහන්සේ් ජීවිත පරිත්‍යාගයෙන් මේ කැප කිරීම කළ නිසයි. උන්වහන්සේලා මේ ශාසනයේ යෙදිලා මේ කැපකිරීම කරන්නේ ඔවුන්ට ලැබෙන අධ්‍යාත්මික සුවය සහ ඒවා පහසුවෙන් උන්වහන්සේලාට කර ගන්නට අවකාශ තිබෙන නිසා. පිළිවෙලට දානය ලැබෙන්නේ් නැත්නම් වැඩ සිටින්නට තැනක් නැත්නම් මේ ධර්මය රකිනවා ත්‍රිපිටකය පාඩම් කරගෙන යනවා කියන දේ කරන්නට බැහැ. එනිසා මේවා පූජා කරනවා කියන්නේ පෞද්ගලික දෙයක් නොවේ. එය සඟසතු කොට සංඝයාට කරන පූජාවක්.

අටමහ කුසලයෙහි පළමුවැන්න කඨින පින්කම යි. මෙය මහ පින්කමක් වෙන්නේ් ඒ සඳහා යෙදෙන කලාසීමාව අනුවයි. ගොඩක් අය සිතන්නේ කඨින පින්කම කියන්නේ කඨින දවසට ගිහින් කඨින චීවරයට අතගහල අනුමෝදන්වීම කියලා. නමුත් තුන් මාසයක් තිස්සේ ඒ වෙනුවෙන් ම කැපවෙලා වැඩ කරන පුද්ගලයාට ලැබෙන ආනිශංස විශාලයි. තමාගේ් සිතේ පහළවන චේතනාව මත යෙදන තරමට පිනත් වැඩියි.

දෙවැනි අංගය අටපිරිකර පූජාව. මෙයත් මහ පින්කමක් වන්නේ එය සිදු කිරීමේදී සිතේ් ඇතිවන චේතනාව අනුවයි. ඒ පූජාව සමග යෙදෙන චේතනා ප්‍රමාණය විශාල වෙන්නට ඕන. තනිපට සිවුර, දෙපට සිවුර, අඳනය, පටිය, පාත්‍රය, දැලිපිහිය, ඉදිකටුව, නූල්බෝලය , පෙරහන්කඩය වෙන වෙන සකස් කර ගන්නට පුළුවන්නම් එය විශාල පිනක්. එවිට ඒ වෙනුවෙන් ගත කරන කාලය වැඩියි.

තුන්වැනි අංගය සාංඝික දානය. දානය දෙන දායකයාත් එය ලබන ප්‍රතිග්‍රාහක ස්වාමින්වහන්සේත් මෙහිදී වැදගත් වෙනවා. දෙදෙනාගේම සිතෙහි හොඳ චේතනා ඇත්නම් එම දානය මහත්ඵල මහානිසංස වෙනවා.

සතරවැනි අංගය සංඝාවාස පූජාව. බුද්ධ ශ්‍රාවකයන්ගේ සුවපහසුව සඳහා සංඝාවාස අවශ්‍ය යි. එය හාමුදුරුවන්ට පෞද්ගලිකව ;දන දෙයක් නොවේ. සඟසතු කරලයි එය පූජා කරන්නේ. පැමිණියා වූද, නො පැමිණියා වූද සතර දිගින් වඩින මහ සංඝරත්නයට මෙය පූජා කරනවානම් සංඝාවාස පූජාවේ පුද්ගලිකත්වයක් නැහැ. සතරවැනි පූජාව කෙත්වතු පූජාව. සමහර අයෙක් සිතයි ගෙවල් දොරවල් අතහැර පැවිදි වූ අයට කුමට ද කෙත්වතු කියා. නමුත් එයත් මේ ශාසනයේ පැවැත්මට උපකාරි වෙනවා. ඉස්සර කාලේ පන්සල්වල හාමුදුරුවරුන් සිය ගණන් වැඩ සිටියා. එවැනි පිරිසකට තනියම දන් දෙන්න අමාරු බව දැනගත පෙර සිටි රජවරු හොඳ බෝග සහිත ඉඩම් වතුපිටි පන්සලට පූජාකළා. එයින් ලැබෙන ආදායමින් පන්සල් නඩත්තු වුණා. එනිසා මෙම පූජාවන් ශාසනයේ අභිවෘද්ධිය පතා කරනවා නම් බොහෝ ආනිශංසදායක වෙනවා.

පස්වැනි අංගය ධර්ම පුස්තක ලියන එක. බණ පොතක් එසේ නැතිනම් මේ වගේ ලිපියක් වුවත් ලියන එක කෙතරම් කුසල චේතනා පහළ කරගෙන කළ යුතුª දෙයක් ද? බණ පොතක් ලියන එක එක්තරා භාවනාවක්. එය දවසකින් දෙකකින් කරන්න බැහැ. ඒ වෙනුවෙන් සිත සකස් කර ගන්නට ඕන. තමාට එවැනි පොතක් ලියන්නට බැරිනම් එයට අනුග්‍රහය දැක්වීමත් උතුම්.

හයවැනි කාරණය බුද්ධ ප්‍රතිමා පූජාව. බුද්ධ ප්‍රතිමාව මිනිසුන්ගෙන් නිතර වැඳුම් ලබනවා. එහෙම පින්කමක් කරනවිට තමාගේ් සෘජු දායකත්වය තිබෙන්නට ඕන. එම පිළිම වහන්සේ පූජා කරන අවස්ථාවට සහභාගිවෙලා සිත පහදවාගෙන ඒ පින රැස්කර ගන්නට ඕන.

හත්වැනි කාරණය වැසිකිලි කැසිකිලි පූජාව. මෙයත් ශ්‍රාවකයන්ට අත්‍යවශ්‍ය අංගයක්. උන්වහන්සේලාගේ සුවපහුව සඳහායි එය පූජා කරන්නේ. එයත් බොහෝ කැපවෙලා ශ්‍රමය, ධනය වැයකරලා සිදු කරනවානම් ඉහළ පිනක් රැස්වෙනවා.

මේ ආකාරයට ස්වාමින් වහන්සේලා දෛනික ජීවිතයේ පරිහරණයට අවශ්‍ය කෙරෙන දෑ පූජා කිරීමේදී තමාගේ් සක්‍රීය මැදිහත්කමක් තිබෙන්නට ඕන. එහෙම ක්‍රියාත්මක වන තරමටම කර්ම රැස් වෙනවා.