Print this Article


ර්මාචාර්ය විභාගයට ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2013 අභිධර්මය

ධර්මාචාර්ය විභාගයට ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2013

අභිධර්මය

2013 වසරේ පැවැත්වීමට නියමිත දහම් පාසල් ධර්මාචාර්ය විභාග විෂය නිර්දේශයට අදාළව ආදර්ශ ප්‍රශ්න පත්‍ර මාලාව සහ පිළිතුරු පත්‍රයේ හයවැන්න අද පළ වේ.

1 කොටස

(1) 1. සංඛ්‍යාත ධර්මවලට ආවේණික මූලික ලක්ෂණ තුන ලියන්න.

2. දෙපනස් චෛතසික ( මූලික කොටස් ) රාශි තුනකට බෙදෙයි. එම රාශි තුන නම් කරන්න. ඒවාට අයත් චෛතසික සංඛ්‍යා දක්වන්න

3. තුන් වැදෑරුම් කුසල මූල නම් කරන්න.

4. කයින් කෙරෙන අකුසල පිළිවෙළින් ලියන්න.

5. “දිට්ඨ ධම්මවේදනීය” කර්ම කුමක් ද?

6. ‘ නිප්පරියාය දේශනා’ හා ‘සප්පරියාය දේශනා’ යන්නෙන් ත්‍රිපිටකයට අයත් පිටක දෙකක් අර්ථවත් කරයි. එම පිටකයන් දෙක පිළිවෙළින් දක්වන්න.

7. ‘ ධම්මසංගණිප්පකරණ’ හා ‘ පට්ඨානප්පකරණ’ මූලික වශයෙන් වෙනස්වන්නේ ධර්මය ඉදිරිපත් කිරීමේ ක්‍රමය අනුවයි. එම මූලික වෙනස දක්වන්න.

8. විවිධ සාධක සමවායයෙන් ප්‍රතීත්‍ය සමුත්පන්නව න්‍යායානුකූලව හටගත් දේ අභිධර්මයේ දී හඳුන්වන්නේ කිනම් නමකින් ද?

9. අභිධර්මයේ දී යථාර්ථය හැඟවීම පිණිස යොදන පොදු වචනය කුමක් ද ? එහි මූලික ප්‍රභේද නම් කරන්න.

10. විරති චෛතසික පිළිවෙළින් නම් කරන්න.

01 කොටස පිළිතුරු

(01) 1. උප්පාදෝ පඤ්ඤායති,/ ඨිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති / වයෝ පඤ්ඤායති

2. අන්‍ය සමාන රාශිය – 13 යි අකුසල රාශිය – 14 යි

ශෝභන රාශිය – 25 යි

3. අලෝභ, අදෝෂ, අමෝහ

4. පරපණ නැසීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම

5. මේ ආත්මයේදී ම විපාක දෙන කුසල හෝ අකුසල කර්ම

කයෙන් සහ වචනයෙන් කෙරෙන වැරැදිවලින් වැළකී සිටීම

6. නිප්පරියාය දේශනා - අභිධර්ම පිටකය

සප්පරියාය දේශනා - සූත්‍ර පිටකය

7. ධම්මසංගණිප්ප්‍රකරණය – ධර්මය විශ්ලේෂණ ආකාරයෙන් හෙවත් ධර්මය බෙදමින් විග්‍රහ කරමින් ඉදිරිපත් කිරීම

පට්ඨාන ප්‍රකරණය – ධර්මය සංස්ලේෂණාත්මකව දැක්වීම විසිහතර ආකාරයකින් සම්බන්ධතා ඉදිරිපත් කිරීම

8. සංඛත – චිත්ත චෛතසික රූප මේ ගණයට අයත් වේ.

9. “ධම්ම” යන්න පොදු වචනය යි. එහි මූලික ප්‍රභේද දෙකකි. එනම් සංඛ්‍යා ධර්ම හා අසංකත ධර්ම වශයෙනි.

10. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව

1. පරමාර්ථ දේශනා හා වෝහාර දේශනා පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ශෛලිය අනුව ඇති සමානතා හා අසමානතා පිළිබඳව පැහැදිලි කරන්න.

පරමාර්ථ දේශනා ලෙස අභිධර්ම පිටකය හැඳින් වෙයි. වෝහාර දේශනා ලෙස ‘සූත්‍ර පිටකය’ හැඳීන්වෙයි. පරමාර්ථ දේශන හා වෝහාර දේශනා යන අංග දෙකින්ම බුද්ධ දේශනාව ඉදිරිපත් කෙරෙයි. බුදු දහමේ එන මූලික සංකල්ප පැහැදිලි කෙරෙයි. එය සමානතාවකි. එහෙත් මෙම ක්‍රම දෙක ඉදිරිපත් කර ඇත්තේ ශෛලීන් දෙකකිනි.

පරමාර්ථ දේශනාව පාරිභාෂික පද භාවිත කරමින් නිශ්චිත විලාසයකින් හා ශාස්ත්‍රීය මට්ටමින් කරුණු ඉදිරිපත් කෙරේ. විග්‍රහාත්මකව හා විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කෙරේ. මේ නිසාම සාහිත්‍යමය ස්වරූපයකට වඩා ශාස්ත්‍රීය මට්ටමක් පවතී.

වෝහාරදේශනාව උපමා උපමේය ගැළපී, කථා පුවත් මඟින් කරුණු ඉදිරිපත් කිරීම, ජනකාන්ත සංනිවේදන ක්‍රමයන් භාවිත කිරීම, විස්තරාත්මකව හා සාහිත්‍යමය ස්වරූපයකින් කරුණු ඉදිරිපත් කර ඇති නිසා පරමාර්ථ දේශනා ශෛලියෙන් වෙනස් වේ.

1. පරමාර්ථ ධර්ම පිළිවෙළින් නම් කර ඒවා සංඛත හා අසංඛත ලෙස බෙදා දක්වන්න.

අභිධර්මානුකූලව පරමාර්ථ ධර්මයෝ මෙසේ දැක්විය හැකිය. එනම්

1. චිත්ත

2. චෛතසික - සංඛත

3. රූප

4. නිබ්බාණ යනුවෙනි - අසංඛත

2. සංඛත හා අසංඛත අතර ඇති වෙනස්කම් දක්වන්න.

සංඛත ලෙස හඳුන්වන්නේ විවිධ සාධක සමවායෙන් ප්‍රතීත්‍ය සමුප්පන්නව, න්‍යායාත්‍රකූලව හටගත් දේය. හේතු ප්‍රත්‍ය බිඳී යාමෙන් මේ හටගත් දේ වෙනස් වෙයි – විනාශ වෙයි. මේ නිසාම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය සංඛත හා බැඳී පවතී.

අසංඛත යනුවෙන් හඳුන්වා ඇත්තේ නිර්වාණය යි. මෙම හේතු ප්‍රත්‍ය සමවායෙන් න්‍යායානුකූලව, හට නොගනී. මේ නිසාම හේතු ප්‍රත්‍ය බිඳීයාමෙන් ඇතිවන අනිත්‍ය බවක් හෝ දුක් සහිත බව හෝ අනාත්ම බවක් ඇත්තේ නැත. එසේම සංඛත ධර්මයන් නිසා ඇතිවන රාගාදි කෙලෙස් අසංඛත වූ නිර්වාණයේ නැත. සසර ගැටලු නැත. ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදියක් ද ඇත්තේ නැත. මේ නිසා සංඛත - සම්මුති සත්‍ය - සම්මුති ලෝකය තුළ ඇතිවන ගැටලු සහිත වන අතර අසංකතය නිර්වාණය අර්ථවත් කරන නිසා, සංඛතයන්ට අදාළ වන්නාවූ සියලු ලක්ෂණවලින් විනිර්මුක්ත වේ.

03. චෛතසික යනු මොනවාදැයි හඳුන්වා දෙන්න

“චෙතසි නියුකතා, චෙත සි සංඝඨාවා චෙතසික”

සිතෙහි යෙදුණු, හෝ සිත හා බැදුණු ධර්ම චෛතසික නම් වේ. මිනිසාට උරුම වූ විශිෂ්ට දායාදයකි චින්තන ශක්තිය, අප සිත යනුවෙන් හඳුන්වන්නේ ද එයයි. ඇස කන ආදී ඉන්දියකට රූප, ශබ්ද ආදී යමක් අරමුණු වූ කල අපගේ චින්තන ශක්තිය එදෙසට යොමු වේ. එතැන් පටන් චින්තන ක්‍රියාවලිය සිදු වේ.

මේ චින්තන ක්‍රියාවලියේ දී සිතට සහාය වන සිත හා සමඟ එක්ව ක්‍රියා කරන ධර්ම පනස් දෙකක් ඇත. ඒවා චෛතසික නම් වේ. සිතීමේ ක්‍රියාවලියේ දී ඉන්ද්‍රිය, අරමුණු හා සිත එකට හමුවීම (ඵස්ස) ඒ අරමුණට සිත නැංවීම (විතක්ක) ඒ අරමුණේ සුඛ, දුක්ඛ ආදි රස දැනගැනීම (වේදනා) වැනි ක්‍රියා කරන ආකාරය ඉතා සියුම් අන්දමින් බෙදා දැක්වීමකි. එබැවින් චෛතසික හැදෑරීමෙන් සිත ක්‍රියාත්මක වන ආකාරය, වෙනස්වන ආකාරය හා විවිධ වන ආකාරය අවබෝධ කරගත හැකි වේ.

සිතත්, චෛතසිකත් අතර පවතින මේ වෙන්කළ නොහැකි සම්බන්ධය කෙතරම් ද යත් චෛතසික හඳුන්වා දීමේ ද සිතෙන් වෙන් කොට කථා කළ නොහැකිව තිබේ. ඒ අනුව චෛතසික හඳුනා ගැනීමේ ලක්ෂණ සතරක් ඇත.

1. සිත සමඟම ම උපදී. (එකුප්පාද)

2. සිත සමඟ ම නැතිව යයි. ( එක නිරොධ)

3. සිත ගත් අරමුණ ම ගනී.

4. සිත ඒ අවස්ථාවේ ඇසුරු කරන චක්ඛු, සොත, ආදී චිත්ත ප්‍රසාද වස්තුව ම ඇසුරු කොට පවතී. ( එකවතථුක ) යනු ඒ සතරයි.

මෙබඳු ලක්ෂණ චෛතසිකයන් හඳුනා ගැනීමේදී දැකිය හැකි ය.

04. දෙපනස් චෛතසිකයෝ නම් කරන්න

1. අන්‍යසමාන රාශිය - චෛතසික 13 යි.

2. අකුසල රාශිය - චෛතසික 14 යි.

3. ශෝභන රාශිය - චෛතසික 25 යි යනුවෙනි

5. අඤඤ සමාන චෛතසිකය හඳුන්වා දෙන්න

1. සබබ චිත්ත සාධාරන චෛතසික සත (7) ය.

2. ප්‍රකීර්ණක චෛතසික සය (6) ය. යනුවෙන් අඤ්ඤසමාන රාශියට අයත් චෛතසිකද වර්ග දෙකකට බෙදේ. මෙයින් සබ්බ චිත්ත සාධාරණ චෛතසික සෑම සිතකටම පොදුය. ප්‍රකීර්ණක චෙතසික සියලු සිත්වල නොයෙදෙන නමුත් යෙදෙන සිත්වලදී ඒ සිතට ගැළපෙන පරිදි සිය ස්වරූපය වෙනස්කර ගැනීමට සමත් ය. එහි අදහස ඒ චෙතසික අකුසල සිත්වල දී අකුසල චෛතසික ලෙසිනුත් කුසල සිත්වලදී කුසල චෛතසික ලෙසිනුත් ක්‍රියාකරන බවයි. මෙසේ මේ වර්ග දෙකටම අයත් චෛතසික තෙළෙස (13) තමන් හා යෙදන සිතටත් සෙසු චෛතසිකවලටත් අනුරූපව සිටින බැවින් සමානව සිටින බැවින් අඤ්ඤ සමාන නම් වෙයි.

6. සබ්බ චිත්ත සාධාරණ චෛතසික මොනවා ද?

ඵස්ස වේදනා, සඤ්ඤා, ඒකග්‍රතා, ජීවිතීන්ද්‍රිය, මනසිකාර, යනු සබ්බත්ත සාධාරණ චෛතසික සත වෙයි.

මේවා අසූනවයක් වූ සියලුම සිත්වලට සාධාරණ බැවින් ඒවායේ නියත වශයෙන් ම යෙදෙන බැවින් සබ්බචිත්ත සාධාරණ නම් වෙයි. අරමුණක් හමුවීමේ පටන් චිත්තන ක්‍රියාවලිය. (ඵස්ස)

ඵුසතීති, ඵසෙසා - අයංගි අරූප – ධමෙමා සමානො, ආරමමණෙ, ඵුසනා කාරෙණාව පවතති.

ස්පර්ශවීම – හැපීම ඵස්ස යයි. මෙම අරූප ධර්මයක් වුවද ඉන්ද්‍රිය සහ අරමුණු මුණ ගැසීමයි. ගැටීමක් සේ සලකා ඵස්සය යි කියනු ලැබේ. සිතීමේ ක්‍රියාවලියේ ප්‍රථම පියවර වන මේ ‘ඵසසය’ සම්පූර්ණ වීමට අංග තුනක් එකතු විය යුතුය. එනම් ඉන්ද්‍රීය – අරමුණු - සිත යන තුනයි. ( චකඛුංච පටිච්ච රූපේව උපපජ්ජති චක්ඛු විඤ්ඤාණං තිණණං සංගති

සිතෙහි ප්‍රභේද දක්වා කාමාවචර සිත් බෙදී යන අයුරු ලියන්න.

සිත් කොටස් වශයෙන් හැදෑරීමේදී භූ®මි වශයෙන් චතුර්විධ ව දැක්වීම ඉගෙනීම පහසුය. සිතෙහි ප්‍රභේදයන් 04කි. කාමාවචර, රූපාවචර, අරූපාවචර හා ලෝකෝත්තර වශයෙනි. මිනිසා තුළම විවිධ අවස්ථා හා අරමුණු අනුව පහළ වන මේ සිත් බෙදා දැක්වීමේදී සියල්ල 121ක් වේ. සිත් 121වන ආකාරය මෙසේය.

කාමාවචර සිත් = 54
රූපාවචර සිත් = 15
අරූපාවචර සිත් = 12
ලොකෝත්තර සිත් = 40

මේ සෑම සිතක්ම කර්ම, විපාක, ක්‍රියා යන සිත් වර්ග තුනෙන් එකකට අයත් වේ.

කාමාවචර නම් කාම ලෝකයන්හි උත්පත්තිය ලැබීමට හේතු වන සිත් ය. සතර අපාය, මිනිස් ලොව හා දෙව්ලොව යනු එකී කාමභූමින් වේ. මෙම භූ®මිවල බහුල වශයෙන් ක්‍රියාත්මක වන්නේ කාමාවචර සිත්ය. ඒවා 54කට බෙදා දැක්වෙයි. එනම්,

1. අකුසල සිත් = 12
2. අහේතුක සිත් = 18
3. ශෝභන සිත් = 24

ඉහත දක්වන ලද සිත් 54න් අකුසල සිත් ඇතිවන්නේ ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන් මුල් කොට ගෙනය. ඒ අනුව ලෝභ සිත් 8ක් ද ද්වේෂ සිත් 2ක් ද මෝහ මූලික සිත් 2ක් ද ආදී වශයෙන් අකුසල සිත් 12කි. අහේතුක සිත් 18ක් වනුයේ අකුසල කුසල ක්‍රියා වශයෙන් කාමාවචර භූ®මියේ දී පහළ වන කුසල විපාක හා ක්‍රියා වශයෙන් වෙන්කොට දැක්විය හැකි සිත් කාමාවචර ශෝභන සිත් නමින් හැඳින් වේ. එක් කොටසකට සිත් 8 බැගින් කුසල් සිත් සහ සහේතුක ක්‍රියා සිත් වශයෙන් ඒවා දැක්වේ. මෙසේ කාමාවචර සිත් 54 බෙදී යන ආකාරය දැක්විය හැකි ය.

තවත් කොටසක් ජුනි මස 16 වන දා පත්‍රයේ පළ වේ


ධර්මාචාර්ය විභාගයට ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2013 ථෙරවාද බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම්