විමාන වත්ථු
කථා පුවත්
12
දිව්‍ය විමානයක් ලත්
අන්‍යතර දෙවඟනකගේ
කථා පුවත
රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ
අධ්‍යනාංශ ප්‍රධාන
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය
උණුවතුරබුබුලේ
මහින්ද හිමි
තිලෝගුරු අප අමාමෑණි බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ
වෙසෙන සමයෙහි නිරන්තරයෙන් පංචශීලය ද පතිව්රතා ධර්මය ද ආරක්ෂා කළ
උපාසිකාවක් ඒ නුවර වාසය කළා ය. ඇය තමන්ට හැකි අවස්ථාවලදී හැකි පමණින්
දානාදි කුශල කර්මයන් ද කළා ය. සැවැත්නුවර පුරා ඇය ප්‍රසිද්ධ වූයේ
ස්වාමිභක්තියෙන් අනූන යහපත් භාර්යාවක ලෙස ය.
අමුතු පිනක් නො කළ ද, දිවිය පුරා ආරක්ෂා කළ පතිව්රතා ධර්මයේ ආනිසංස
වශයෙන් ඇය මරණින් පසු තව්තිසා දෙව්ලොව උපත ලබා දිව්‍ය ඓශ්චර්යයෙන්
ආඪ්‍යව පී‍්‍රතියෙන් කාලය ගත කළා ය. මුගලන් මහරහතන් වහන්සේ තව්තිසා
දෙව්ලොවට වැඩම කළ එක් අවස්ථාවකදී මේ දෙවඟන මුණ ගැසිණි. උන්වහන්සේ ඇගෙන්
මෙසේ විචාළහ.
“පින්වත් දේව දියණියෙනි, මහාර්ඝ වූ දිව්‍ය විමාණයක් පහළවීම නිසා ඔබ
මහත් පී‍්‍රතියෙන් සිටිනු පෙනේ. පරිවාර දිව්‍ය ස්ත්රීන්ගේ නැටුම්,
ගැයුම්, වැයුම් ආශ්වාදනය කරමින් අනෙකුත් දෙවඟනන් අභිබවා සිටිනු ද පෙනේ.
අසිරිමත් රූපශ්රීයයක් ද අප්‍රමාණ දිව්‍ය ඓශ්චර්යයක් ද ලැබීම සඳහා
මනුෂ්‍ය ලෝකයේ දී ඔබ කවර නම් කුසල කර්මයක් කෙළෙහි ද”
උන්වහන්සේගේ ප්රශ්නය සමඟ අතීතාවර්ජනයෙහි යෙදුණු ඈ තුළ ඇති වූයේ මහත්
පී‍්‍රතියකි. මිනිස් ලොව දී තමා ගත කළ ධර්මානුකූල ජීවිතයත්, එහි විපාක
ලෙසින් තව්තිසා දිව්‍ය ලෝකයෙහි මහත් වූ සම්පත්තියත් ලත් ආකාරය ඇයට
මෙනෙහි වූවා ය. ඒ සියල්ල තත් වූ පරිද්දෙන් ම මුගලන් තෙරුන් වහන්සේට
ප්‍රකාශ කළා ය.
ඒ ඇසූ මුගලන් තෙරුන් වහන්සේ ද ඇයගේ ධර්මානුකූල දිවි පැවැත්මේ අගයත්,
එවන් දිවිපෙවෙතකින් ලැබිය හැකි මහත් ආනිසංසත් අළලා රැස්ව සිටි පිරිසට
ධර්ම දේශනා කළ අතර මිනිස් ලොවට පැමිණීමෙන් පසු මේ ප්‍රවෘත්තිය
බුදුරජාණන් වහන්සේට ද සැළකර සිටියහ.
එය ම අර්ථෝත්පත්ති කරගනිමින් බුදුරජාණන් වහන්සේ විහාරයට රැස්ව සිටි
සිව්වණක් පිරිසට ධර්ම දේශනා කළ සේක.
|