Print this Article


මාතර බෝධිය අබියස දම් දෙසුම්

මාතර බෝධිය අබියස දම් දෙසුම්

මාතර බෝධි ආරක්‍ෂක සභාව සංවිධානය කළ වෙසක් සතියේ ධර්මදේශනා මාලාව මෙසේය. අදාළ දිනයන්හිදී දිනපතා රාත්‍රි 7.00 සිට 8.30 දක්වා දම් දෙසුම් පැවැත්වේ.

මෙම 17 වනදා කොළඹ 07 ග්‍රෙගරි පාර ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධයා රූපවාහිනි සහ ගුවන්විදුලි මාධ්‍ය ජාලයේ සභාපති ශාස්ත්‍රපති දරනාගම කුසලධම්ම හිමි, 18 වනදා රත්මලාන ආදර්ශ නගරයේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්‍ෂ හෑගොඩ විපස්සි හිමි, 19 වනදා ගල්කිස්ස වටරප්පල පාර බෞද්ධායතනාධිපති කොළඹ ආනන්ද කොළඹ නව කෝරලේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත දිවියාගහ යසස්සි නා හිමි, 21 වනදා ශාස්ත්‍රපති ලේනව මංගල හිමි, 22 වනදා පේරාදෙණිය හිඳගල මහකන්දේ ශ්‍රී සමාධි මාවතේ ශ්‍රී‍්‍ර සමාධි භාවනා පුහුණු මධ්‍යස්ථානයේ අනුශාසක, මහමෙව්නාවේ මංගල හිමි, 23 වනදා ශාස්ත්‍රපති ගලිගමුවේ ඤාණදීප හිමි.