Print this Article


වේවැල්වත්ත ශ්‍රී විජිතාරාම විහාරය

වේවැල්වත්ත ශ්‍රී විජිතාරාම විහාරය

වේවැල්වත්ත විජිතාරාම විහාරයේ විහාරාධිපති ගලගම බුද්ධදත්ත හිමියන්ගේ අනුශාසකත්වයෙන් මේ මස 19 වැනි දා සිට 23 වැනි දා දක්වා පින්කම් රාශියක් සංවිධානය කොට ඇත.

සෑම දිනකම පැවැත්වෙන මෙම පින්කම් මාලාවට රත්ගම වාචීස්සර හිමි, ගිරිමලේ චන්ද්‍රාලෝක නා හිමි, ගලගම මෙත්තාජීව හිමි, කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නා හිමි කුඹල්ගම මේධංකර නා හිමි, කැම්පනේ ගුණරතන හිමි, දිවියාගල විජිතසීල හිමි, කෝන්ගස්තැන්නේ ආනන්ද නා හිමි යන ස්වාමීන් වහන්සේලා සහභාගී වීමට නියමිතය.