Print this Article


ගම්පොළ රත්මල්කඩුව මහා වෙසක් කලාපය

ගම්පොළ රත්මල්කඩුව මහා වෙසක් කලාපය

ගම්පොළ රත්මල්කඩුව බෝධිරුක්ඛාරාමයේ දී සේනපුර සුමන හිමියන්ගේ හා ගම්පොලවත්තේ ධම්මපාල හිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී බෝධි ළමා හා ප්‍රජා සංවර්ධන පදනම හා ශ්‍රී බෝධි තරුණ බෞද්ධ සමිතිය මඟින් සංවිධානය කරන ධර්ම දේශනා මාලාව වෙසක් මස 17 වන දින සිට 23 වන දින දක්වා පැවැත්වේ. 17 වන දා කාව්‍යමය ධර්මදේශනය මකුලේමඩ චන්දිම හිමි, 18 වන දා විශේෂ බෝධි පූජාව නියන්වෙල ශාසනරතන හිමි, 19 වන දා ධර්ම දේශනය දිඹුල් කුඹුරේ විසුද්ධානන්ද හිමි, 20 වන දා ධර්ම දේශනය වෙලන්ගහවත්තේ සාගර හිමි, 21 වන දා ධර්ම දේශනය හඳුන්ගමුවේ පඤ්ඤාසාර හිමි, 22 වන දා විශේෂ ධර්ම දේශනය මහනුවර ලේවැල්ලේ සෙනසුන භාවනා මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත මිස්සක කමලසිරි නාහිමි, 23 වන දා ධර්ම දේශනය සන්දිලිගම ආනන්ද හිමි, 24 වන දින දවස පුරා පින්කම් මාලාවක් ද එදින පස්වරු 6.00 ට කප්රුක් පූජාව, චතුමධුර පූජාව, බෝධි පූජාව, රාත්‍රි 7.30 ට බත් දන්සැල හා රාත්‍රී 8.00 ට තොරණ විවෘත වේ. 25 වන දින සවස 6.00 ට බෝධි පූජාව ආරම්භ වේ. රාත්‍රී 7.00 ට ශ්‍රී බෝධිරුක්ඛාරාම දහම් පාසල් ළමුන් ඉදිරිපත් කරන බැති ගී සන්දර්ශනය ද රාත්‍රී 9.00 ට තොරණ ද විවෘත වේ. 26 දින සිට තොරණ 28 වන දින දක්වා රාත්‍රී 8.00 ට ප්‍රදර්ශනය කෙරේ.