Print this Article


ධර්මාචාර්ය විභාගයට ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2013 බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය

ධර්මාචාර්ය විභාගයට ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2013

බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය

2013 වසරේ පැවැත්වීමට නියමිත දහම් පාසල් ධර්මාචාර්ය විභාග විෂය නිර්දේශයට අදාළව ආදර්ශ ප්‍රශ්න පත්‍ර මාලාව සහ පිළිතුරු පත්‍රයේ තුන්වැන්න අද පළ වේ.

ත්‍රිවිධ චෛත්‍යයන් නම් කර චෛත්‍යයේ ආරම්භය හා විකාශය ගෙන හැර දක්වන්න

ශාරිරික චෛත්‍ය, පාරිභෝගික චෛත්‍ය හා උද්දේසික චෛත්‍ය යනු ත්‍රිවිධ චෛත්‍යයෝ වෙති. චෛත්‍යයේ ආරම්භක අවස්ථාව ලෙස මිසරයේ පිරමීඩ , බුරුමයේ පැගෝඩා දැක්විය හැකිය. මළගිය අය සිහිපත් කිරීමට මිසර ජාතිකයෝ පිරමීඩ තැනූහ. බුරුම ජාතිකයෝද එවැනි අදහසක් මුල් කරගෙන පැගෝඩා නිර්මාණය කර තිබේ. බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයන් වහන්සේලා පිරිවරාගෙන ලෝකයේ පැරැණි බුදුවරුන්ගේ, එනම් කකුසඳ,කෝනාගම,කාශ්‍යප වැනි බුදුවරුන් වෙනුවෙන් නිර්මාණය කර තිබූ චෛත්‍ය ස්ථාන නැරැඹීමට වැඩම කළ බව මහා පරිනිබ්බාණ සූත්‍රයේ’ උදේන, ගෝතමක, සත්තම්බ බහු පුත්ත ආදි පැරැණි චෛත්‍ය ස්ථාන ඉතා රමණීය බව දේශනා කොට තිබීමෙන්ම පැහැදිලි වේ. ස්ථුපාර්හ පුද්ගලයන් සිව් දෙනෙකු පිළිබඳ මහාපරිනිබ්බාණ සූත්‍රයේ සඳහන්ව ඇත.ලොව්තුරා බුදුන් වහන්සේ, පසේ බුදුන් වහන්සේ, මහරහතන් වහන්සේ නමක් හා සක්විති රජෙක් යන සතර දෙනා වෙනුවෙන් එතුමන්ලා සිහිපත් කිරීමට ස්ථූප ඉදිකිරීමට උපදෙස් ලබා දී ඇත.

ස්ථූපයක මුල් ස්වරූපය අප්‍රකට වුවත් ඉන්දියාවේ දැනට ද දැකිය හැකි සාංචි වැනි ස්ථූප වලින් ස්ථූපයේ ස්වරූපය කෙබඳු දැයි වටහා ගත හැකිය. පැරැණි ඉන්දියාවේ චෛත්‍යයක ප්‍රධාන අංග 4ක් දක්නට ලැබේ. එනම් මේධිය, ගර්භය,හර්මිකාව හා ඡත්‍රය යනු එකී අංගයන් ය. මෙම අංගයන් ආභාෂයට ගෙන නූතන කලාකරුවෝ ස්ථූපයක මූලික අංග 8 ක් ඇතුළත් කර ස්ථූප නිර්මාණය කළහ. එනම් පදනම හෙවත් අත්තිවාරම,ආසනය,පේසා වළලු, ගර්භය,හතරැස්කොටුව,දේවතා කොටුව,කොත් කැරැල්ල,කොත හා චූඩා මාණික්‍ය යනුවෙනි. මේවායෙන් ඉතා හරවත් අදහසක්ද දී තිබේ. වර්තමානය වන විට විවිධ ස්වරූපයේ ස්ථූපයන් කලාකරුවන් විසින් නිර්මාණය කර තිබේ. ඝන්ටාකාර, ඝටාකාර, ධාන්‍යාකාර, බුබ්බුලාකාර, පද්මාකාර, අම්ලාකාර යනු එකී ආකෘතින්ය. බුදු දහම පැතිරී ගිය බොහෝ රටවල විවිධාකාර ස්වරූපයන් ගත් ස්ථූප දැකිය හැකිය. විශේෂයෙන් විවිධ ආකෘතීන්ට අනුව ස්ථූප නිර්මාණය කර තිබේ.

ජපානයට බුදුදහම ලැබුණු ආකාරය හා එරට බුදු දහම ව්‍යාප්තව ගිය අයුරු පැහැදිලි කරන්න.

ජපානය යනු පෙරදිග ඇති ඉතාම දියුණු රටකි. මෙම රටට බුදු සමයේ පණිවිඩය ලැබී ඇත්තේ අසල්වැසියෙක් වුූ කොරියාවෙන්ය. ක්‍රි.ව. 552 දි පමණ කොරියානු ධර්ම දූත පිරිසක් ලෝහමය බුදු පිළිමයක්, ත්‍රිපිටක පොත්පත් කීපයක් ගෙන ජපානයට ගියහ.කොරියාවේ සෙයිමෙයි රජු ජපානයට බුදු දහම ලබා දෙන විට එහි පාලකයා වූයේ කිං මෙයි නමැති අධිරාජ්‍යයාය. ජපානයේ එවකට පැවැති ආගම වූයේ ෂිංතෝ දහමයි. එම දහමට අනුව මළවුන් පිදීම, භූ®ත විශ්වාස ආදී නොදියුණූ මිත්‍රයා සංකල්ප ආගම් වශයෙන් අදහනු ලැබීය. ජපානයට බුදු දහම ලැබෙන අවධියේ ජපන් අධිරාජයාට පාලනය ගෙන යාම සඳහා ගෝත්‍රික කණ්ඩායම් තුනක එනම් මොනො නොබේ නකතෝ ම් සහ සෝගාවරුනගේ සහ සහයෝගය ලැබී තිබුණත් බුදු දහම ලැබීමත් සමඟ මේ අය දෙපිරිසක් බවට පත්වූහ. එක් පිරිසක් පැරැණි ෂිංතෝ දහමට ගරු කරමින් බුදු සමයට එරෙහිව ක්‍රියා කළහ. ෂෝගාවරු විශේෂයෙන් බුදු දහම වැළඳගෙන ක්‍රියා කළ අයයි. එවකට ජපන් අගමැතිව සිටින සෝගානෝ ඉනාමේ ධර්ම දූතයන් සමඟ සාකච්ඡා කර බුදු දහම බැහැර කළයුතු දහමක් නොවන බවත් හරවත් දහමක් බවත් පිළිගෙන ක්‍රියා කළහ.

මේ කාලය තුළ ජපානය තුළ මහා සාගතයක්ද හදිසි ගින්නක්ද ඇති විය. ෂිං තෝ දහම පිළිගත් අය කීවේ නව දහමේ සම්ප්‍රාප්තිය මෙම විනාශයට හේතුව බවයි. ඔවුන් බුදු මැදුර කඩා ත්‍රිපිටක පොත් විනාශ කර ප්‍රතිමාව ගඟකට දැමීය. එසේ වුවත් සාගතය අඩුනොවීය. ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොවුයෙන් පෙර පරිදි පුද පූජා පැවැත්වීය. එම දරුණු නියඟය නිමා වී මහ වැසි ඇද හැලි සමෘද්ධිමත් රටක් බවට ජපානය පත්වීමයි.

ජපානයට මෙසේ ලැබුණු බුදු දහම ව්‍යාප්ත කිරීමෙහිලා පුරෝගාමි වූයේ ජපානයේ අශෝක නමින් හඳුන්වන ෂෝතෝකුතෛෂී හෙවත් උමයාදො කුමරුය. මොහුගේ කාලයේ ශීඝ්‍ර ලෙස බුදු දහම ප්‍රචලිත වූ අතර එරට රාජ්‍ය ආගම බවටද පත් කළහ.චතුර කථිකයෙකු වූ මොහු ජපානයේ රජවන විට වයස අවුරුදු 19ක තරුණයෙකි. ඔහු ඉතා දර්ශනීය පෙති පිළිම, වෙහෙර විහාර ඉදිකිරීම, පොත්පත් රචනා කිරීම කළේය. මොහුගේ කාලයේ ප්‍රධානම බෞද්ධ ආරාමය ලෙස සලකන්නේ හොරියුජි ආරාමයයි.ලෝකයේ දැනට ඇති පැරැණිම දැවයෙන් සැදූ ගොඩනැගිල්ලක් ලෙස මෙය සලකන ලදී. මොහු බෞද්ධ විනය පිටකය මැනවින් හදාරා කාණ්ඩ 17 කින් යුතු නීතිරීති ග්‍රන්ථයක් රචනා කළේය. “දයිබුත්සු, නමින් ලෝක ප්‍රකට ලෝහමය බුදු පිළිමයක් ඉදිකළේය. සද්ධර්ම පුණ්ඩරික, සූත්‍රය, මහායානික සූත්‍ර පරිවර්තනය කොට ජනතාවට අත්පොත් වශයෙන් බෙදා දුන්නේය. බෞද්ධ ආභාෂය මුල් කරගෙන විශාල අධ්‍යාපනික ආයතන, අනාථ මඩම්, විශ්‍රාම ශාලා, ගිලන් හල් ඇතිකළහ. නාරා ප්‍රදේශය මුල්කොට ගෙන විශාල බෞද්ධ ප්‍රබෝධයක් මොහුගේ කාලයේදී ඇති කළේය. ජපන් රටේ බුදු සමය පැතිරී ගියේ මේ ආකාරයෙන් ය.

4 වන ප්‍රශ්න පත්‍රය මැයි 18 වන දා පත්‍රයේ පළ වේ