සදහම් නොදත් බාලයා රෝගියකු වැනිය
මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි
සිතින් නරකම සිතන්නේත්,කටින් නරකම කියන්නේත්,කයින් නරකම කරන්නේත් “බාලයා” බව දහමෙහි දක්වන
නිසා පුද්ගල හැඩරුවින් සහ සිනාවෙන්
පමණක් නොව ක්‍රියාකලාප
අධ්‍යයනය කිරීමෙන් බාලයා තේරුම් ගත යුතුය. බුදුරජාණන් වහන්සේ “බාලයා”
හට සංසාරය දිගය යනුවෙන් දක්වා ඇත්තේ සංසාරය කෙටි වුවක් නිසා නොවේ.
සංසාරය අනන්තය,
අප්‍රමාණය. කෙළවර මේ යැයි කිව නොහැකි තරම්ය. නමුත් මෙහිදී දක්වන්නේ
බාලයා සමාජයට කරනු ලබන නරක ක්‍රියා නිසාම ඔහු තමාගේ සංසාර ගමන තව තවත්
දික්කර ගන්නා බවය.
නරක දෙයම නිතර නිතර කීරිම සමාජයට මෙන්ම එය කරන්නාටද හානිකරය.නමුත් නරක
දෙය කරන නරකයා එය කරන
අවස්ථාවේ එ තුළින් කිසියම්
මිහිරක් ලබයි එහි විපාක ගිනි පුපුර මෙන් පෙරළා තමා වෙතම හඹා එන බව ඔහු
නොසිතයි
ශ්‍රී සද්ධර්මය පිළිබදව අවබෝධයකින් තොරව සමාජයේ ජිවත්වන්නා බුදු දහමෙහි
හඳුන්වනු ලබන්නේ “බාලයා” යන වචනයෙනි. බුදු දහම අනුව “පණ්ඩිතයා” පිළිබදව
හඳුන්වනු ලබන්නේ සද්ධර්මය දැන ජීවත්වන්නකු බවය.
මෙහිිලා අපගේ් අවධානය යොමුවන්නේ බාලයා ගේ ස්වභාවය පැහැදිලි කිරිම
සඳහාය.රැය නොනිදා රැය පහන් කරන්නට යන පුද්ගලයාට රාත්‍රිය කොතරම්
දිගුදැයි කල්පනා වෙයි.එයට හේතුව නින්දෙහි සිටින විට ගතවන කාලය පිළිබඳව
වැටහීීමකට වඩා නින්ද බලාපොරෙත්තුවෙන් නිදි නොලබා සිටින්නකුට ගතවන කාලය
පිළිබඳව ඇතිවන වැටහීමයි.දුර බැහැර ගමන් කරන හුරුපුරුදු කෙනෙකුට දුර
පිළිබඳව තියෙන්නේ වැටහීමට වඩා විඩාබරිත කෙනෙකුට ගමන් කිරීමේදී ඇතිවන
අපහසුව බරපතළ ලෙස දැනේ. ගමන් විඩා ඇත්තාට යොදුන දිගය.යනුවෙන් දක්වන්නේ
ඒ නිසයි.එම උපමා දෙක බණ පොතෙහි සදහන් කරනු ලබන්නේ සමාජ වැටහීමද
සද්ධර්මය පිළිබදව දැණුම සහ අවබෝධය නොතේරෙන නොදැනෙන පුද්ගලයා හැදින්වීම
සදහාය. එනම් “බාල” මිනිසා පිළිබඳවය.සංසාරයේ ගමන් කරන ආකාරය බණ දහමෙහි
වඩාත් හොදින් පැහැදිලි කරනු ලබයි.එම පැහැදිලි කරදීම සිදුකරනු ලබන්නේ
මිනිසාට සංසාර ගමන පිළිිබඳව නිවැරැදිව නිශ්චිත වැටහීමක් නොමැති
නිසාය.බුදුරාජාණන් වහන්සේට සංසාරය පිළිබදව නිවැරැදි නිශ්චිත දැනුමක්
තිබුණ නිසාය.
අනවබෝධයෙන් යුතුව ගමනක් යන මිනිසා සිය අරමුණ පිළිබඳ වැටහීමක් නැති
නිසාම තමා යන ගමන වුවද අපිළිවෙළ කරගනී අරමුණ සාක්ෂාත් කරගන්නේ නැතිව
වෙනත් හැගීම් සහ දැනීම්වල රැෙඳමින් ජීවිතයද අවුල් කරගනී. එසේ අවුල්කර
ගැනීමට බලපානු ලබන මුලික හේතුව වන්නේ අත්දැකීම් නොමැතිකම නිසා ලැබු
අනවබෝධයයි.
සංසාරය පුරා ජීවන අත්දැකීම් වලින් බුදුරජාණන් වහන්සේ අදාල ගැටලුව විමසා
බලා එයට පිළිතුර ලබාදෙයි. අනවබෝධි පුද්ගලයා කටයුතු කරන්නේ වැටහීමකින්
නොවන නිසා සිය සංසාර ගමන අවුල් කරගනී .අපිළිවෙළ කරගනී.පුද්ගලයකුට ඇස,
කන, නාසය,දිව, ශරීරය යන ඉඳුරන් පහ ජනන්මයෙන්ම ලැබී තිබෙන්නේ ඒවා
මැනවින් හසුරුවාගෙන ජීවිතය ජයග්‍රහණය කරගැනීම සඳහාය. නමුත් අනුවණයා
ජීවිතය ජයග්‍රහණය කරගැනීම සඳහා ලැබුණු එම ඉන්ද්‍රියන් සියල්ල ජීවිත
පරාජය පිණිස භාවිත කරයි.ඇතමෙක් සියල්ලමද, ඇතමෙක් එක දෙක බැගින් වු
ප්‍රමාණයකින්ද මේ කටයුත්තෙහි යෙදේ. එක්තරා ආකාරයක මානසික නොසන්සුන් බව
ජීවන අරමුණු පිළිබඳ නොසැලකිල්ල මේ සඳහා හේතුකාරණා වේ බුදුරජාණන් වහන්සේ
දක්වා තිබෙන්නේ යා යුතු ගමන නිශ්චය කරගෙන ඒ සදහා වැඩ සැලසුමක් (කාල
සටහනක් )සකස් කරගත යුතු බවයි. නමුත් අනුවණකමට මේ වැටහීම ඇත්තේම නැත “
බාලයා” යන වචනයෙන් ඔහු නම් කරනු ලැබ ඇත්තේ ද එම නිසාය.”බාලයා” හැම
වෙලාවකම සිත පුරවාගන්නේ අසුබ, නුසුදුසු සිතිවිලි වලින්මය. (දුචින්තීච
චිත්තී නෝතී) තැනක කතාබහ කරන්නට සිදුවණ කල්හි කතාවට අරගන්නේ නොකළයුතු
නුසුදුසු නොගැළපෙන කතාවලටය.හිත පුරවාගන්නේ එබඳු වචන වලින්මය.
(දුබිබාසිමා හාසී හෝතී) යම්කිසි ක්‍රියාවක් කරන්නට සිදුවුණු කල්හි
සිදුකරන්නේ නොකළයුතු නොගැළපෙන අසම්මත ක්‍රියාවන්මය. (දුකත කම්මකාරී
හෝතී)බාලයා කවුද? යන්න නිවැරැදිව කෙනෙකුට තේරුම් ගතහැකි අයුරු බුදු
සමයෙහි දක්වා ඇත්තේ එපරිදිය . එනම් ඔහු තමන්ගේ තුන්දොර සමාජයෙහි
හසුරුවන ආකාරය අනුවය.
සිතින් නරකම සිතන්නේත්,කටින් නරකම කියන්නේත්,කයින් නරකම කරන්නේත්
“බාලයා” බව දහමෙහි දක්වන නිසා පුද්ගල හැඩරුවින් සහ සිනාවෙන් පමණක් නොව
ක්‍රියාකලාප අධ්‍යයනය කිරීමෙන් බාලයා තේරුම් ගත යුතුය.බුදුරජාණන්
වහන්සේ “බාලයා” හට සංසාරය දිගය යනුවෙන් දක්වා ඇත්තේ සංසාරය කෙටි වුවක්
නිසා නොවේ.සංසාරය අනන්තය, අප්‍රමාණය. කෙළවර මේ යැයි කිව නොහැකි තරම්ය.
නමුත් මෙහිදී දක්වන්නේ බාලයා සමාජයට කරනු ලබන නරක ක්‍රියා නිසාම ඔහු
තමාගේ සංසාර ගමන තව තවත් දික්කර ගන්නා බවය. නරක දෙයම නිතර නිතර කීරිම
සමාජයට මෙන්ම එය කරන්නාටද හානිකරය.නමුත් නරක දෙය කරන නරකයා එය කරන
අවස්ථාවේ එ තුළින් කිසියම් මිහිරක් ලබයි එහි විපාක ගිනි පුපුර මෙන්
පෙරළා තමා වෙතම හඹා එන බව ඔහු නොසිතයි. එනිසාම එබඳු දේ නැවත නැවත ද
සිදු කරයි.”බාලයා”වරද දැන දැනම ඇතැම් විට එයම කරයි. එය නොකර වෙනත් කළ
හැකි දෙයක් නොමැති බව කියයි. තමා කළ ක්‍රියාව නිවැරැදි එකක් ලෙස සාධාරණ
හේතු දක්වන අටියෙන් විවිධ අදහස් කියයි.නමුත් ඒ කියන කිසිිදු අදහසක් තමා
කෙරෙහි දීර්ඝ කාලීනව බලපාන්නේ නැත. තමා කළ වරදෙහි විපාක වරද කොපමණ
සාධාරණීකරණය කළත්,තමාටම විඳීන්නට සිදුවේ.එය පුද්ගල වරදක් නම් විඳීන
විපාකයට වඩා පොදු සමාජයට එරෙහිව කරනු ලැබු වරදක් නම් විපාකය වඩාත්
බරපතළය.බුදුරජාණන් වහන්සේ දක්වනු ලබන්නේ පුද්ගල ක්‍රියාවන් මෙබදු ලෙස
සකස් වීමට හේතු තමා විසින්ම සොයා, විමසා, බැලිය යුතු බවයි.ඒ අවස්ථාවේ
මම ක්‍රියාත්මක වුයේ කොහොමද?යන ප්‍රශ්නයත් එම ක්‍රියාත්මක වු ස්වභාවයට
වඩා වඩාත් නිවැරැදි වෙනත් ක්‍රමයක් නැද්ද?
ඒ වේලාවේ කලබල වුයේ ක්ෂණිකවද ? සිතාමතා ද ? තමා කරපු වැරැදි ක්‍රියාවක්
පිිළිබඳව වේ ඇසුරෙන් සිතන්නේ තරමක් දැණුම් තේරුම් යන කෙනෙක්ය. නමුත්
“බාලයා” එසේ සිතන්නට යන්නේ නැත ඔහු කල්පනා කරන්නේ තමන් කළ ක්‍රියාව
නිවැරැදිම එක කියාය. නැතිනම් තමා දැක්වු ප්‍රතිචාරය හරිම එක කියාය.
බුදුරජාණන්වහන්සේ පුද්ගල ක්‍රියා කලාපය පිළිබද කළ අධ්‍යයනය වඩාත්
නිවැරැදි.පුද්ගලයාට සිතන්නට අවස්ථාව ලබාදුන් නිසාය “බාලයා” යනු එක්තරා
ආකාරයට රෝගියෙක්ය. යන අදහස මේ තුළින් හෙළිවේ.කොයි කවුරුත් නිදාගන්නා
රැයම නොනිදා නිදිමරන්නා රෝගියාය.විඩාපත් වු වෙහෙස ඇති පුද්ගලයාට දැනෙන
දුර හා වෙහෙස පිළිබදව උපමාව දක්වා ඇත්තේ සද්ධර්මය නොදත් “බාලයා” කීම
සදහාය.
මේ කරුණු කාරණාවලින් පැහැදිලි වන්නේ තමා කවුද?යන වග තමා විසින්ම
මැනවින් හඳුනාගත යුතු බවය.එසේ නැතිනම් ඒ සදහා මහන්සි වී කළ යුතු බවය
.එසේ නොවන්නේ නම් බාල අනුවණ බවින් කවදාත් තමාට ගැළවීමක් ගැන ඔහුගේ
සංසාර ගමනේද ඉමක් දකින්නට ලැබෙන්නේ නැත.
සටහන:
හේමමාලා රන්දුනු |