දෙව්ලොව හිමි
බෞද්ධයන්ට පමණ ද?
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි
හොඳ නරක පදනම් කරගත්
සම්මා දිට්ඨිය තිබෙන්නේ බෞද්ධයන්ට පමණක් නොවේ. අබෞද්ධ
අන්‍යාගමිකයන්ටත් එය තිබෙනවා.
ඒ විශ්වාසය මත කවුරුහරි කෙනෙක් හොඳ කරමින් නරකින් වළකිනවා නම්
ඒ අය වෙනත් ආගමික නායකයින්
අනුගමනය කළත් කර්ම න්‍යායට අනුව අපායේ යන්නේ නැහැ.
හොඳ ක්‍රියා අනුව දිව්‍ය ලෝකයේ යනවා. දිව්‍ය ලෝකයේ උපදින්නේ බෞද්ධයෝ
විතරයි කියන තර්කය එයින් බිඳෙනවා
අතිශයින්ම ඉතාමත් දුෂ්කරව ලැබුණු මේ මිනිස් ජීවිතයෙන් අප උපරිම
ප්‍රයෝජනය සලසා ගැනීමට ඒකාන්යෙන්ම උපකාරි වන දහම ලෙස බුදු දහම
හැඳින්විය හැකියි. තථාගතයන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය මුලත් මැදත්
අගත් ඉතා සුන්දරයි.
ඉරට කලින් පෙනෙන “අරුණෝදය” නිසා අප දන්නවා ඒකාන්තයෙන්ම අද ඉර පායනවා
කියලා. “අරුණෝදය” කියන්නේ ඉරට පූර්වංගමව එහෙම නැත්නම් ඉරට පෙර දර්ශනය
වන දෙයක්. ඒ වගේ තථාගතයන් වහන්සේ වදාළා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ හට
ගැනීමට එහෙම නැත්නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමට පූර්වාංගම වන දෙයක්
තිබෙනවා. ඒ තමා කල්‍යාණ මිත්‍රතාව ය. කල්‍යාණ මිත්‍රත්වයක් නැතිනම් මේ
ලෝකයට ආර්ය අෂ්ඨාංගික මාර්ගයක් පහළ වන්නේ නැහැ.
ආර්ය අෂ්ඨාංගික මාර්ගය කොටස් අටකින් යුක්තයි. සම්මා කියන වචනයට බොහෝ
තැන්වල තේරුම දී තිබෙන්නේ යහපත් දැකීම, හරි දැකීම, නිවැරැදි දැකීම, හොඳ
දැකීම ආදී වචන. අන්‍ය ආගමිකයෙක් කියන්න පුළුවන් ඔබලා විතරක් නොවේ හොඳ
වචන කථා කරනවා. අපිත් යහපත්, වචන කථා කරනවා. අපිත් හොඳ වැඩ කරනවා, අපත්
භාවනා කරනවා. අපත් සමාධිය දියුණු කරනවා කියලා. ඇත්තටම එහෙම වෙනවා. ඒ
කියන ලක්ෂණ අන්‍ය ආගමිකයන් තුළත් තියෙනවා. එහෙමනම් ඔබට සිතෙන්න පුළුවන්
තථාගතයන් වහන්සේ සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා හය අවුරුද්දක්
දුෂ්කර ක්‍රියා කර සොයාගෙන තිබෙන්නේ අනිත් ශාස්තෘන් වහන්සේලාත් අවබෝධ
කළ දේ ම නේ කියලා. නමුත් තථාගතයන් වහන්සේ බොහෝ කාලයක් පර්යේෂණ කරලා
අවබෝධ කර ගත්තේ අනිත් අය ළග තිබෙන යහපත් නිවැරැදි දෙයක්ම නොවේ. එය
අවබෝධ කරගෙන එතැනින් ඉහළට යන ක්‍රමයක් තමා උන්වහන්සේ වදාළේ. වෙනත් බොහෝ
ශාස්ෘන්වහන්සේලා ළඟ තිබුණු ක්‍රමත් නිවැරැදි යි. නමුත් සසර නැවැත්මට
උපකාර වුණේ නැහැ. සසර ගමන නැවැත්වීමට නම් රාග විනය, ද්වේශ විනය, මෝහ
විනය අවශ්‍ය වෙනවා.
අප පුරුදුකරන ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළින් රාගය, ද්වේෂය, මෝහය නැති
කිරීමට උපකාරි වෙන්න ඕන. හොඳ දේ කළ පමණින් රාග ද්වේෂ මෝහය ප්‍රහාණය
වෙන්නේ නැහැ.
ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා. ලෞකික මාර්ගය
හා ලෝකෝත්තර මාර්ගය කියා. ලෞකික ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියන එක
බුදුරජාණන් වහන්සේ පහළ වීමටත් පෙර ලෝකයේ තිබුණා. බුදුරජාණන් වහන්සේ
සොයා ගත්තේ ලෞකික පැත්ත නොවේ. ලෝකෝත්තර පැත්ත යි. බුදුදහම නිවැරැදිව
තේරුම් ගැනීමට උපකාරි වන වචන දෙකක් තිබෙනවා පැවැත්ම හා නැවැත්ම කියා.
පැවැත්ම කියන්නේ ලෞකික පැත්ත. නැවැත්ම කියන්නේ ලෝකෝත්තර පැත්තයි. ලෞකික
කියන වචනයේ තේරුම තමා ලෝකයට අයිති කියන එක. ලෝකය කියන්නේ දුකේ පිහිටලා
තිබෙන එකක්. ලෞකික කියන්නේ ඒ ලෝකයට අයිති එකක්. යමෙක් ඒ ලෝකයට අයිතිනම්
එයා දුකේ ඉන්නේ. එහෙමනම් ලෞකික ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියන්නේ ලෝකයට
අයිති ආර්ය අෂ්ඨාංගික මාර්ගය. දුක නැති කරන්න අප මේ ලෝකයෙන් එතෙර වෙන්න
ඕන. ලෝකයෙන් එතෙර වීම තමා ලෝකෝත්තර කියන්නේ. ලෝකයට අයිති වන්නේ
තණ්හාවෙන් රාග, ද්වේෂ, මෝහයෙන් බැඳිලා ඉන්න නිසා. ලෝකයට බැඳිලා ඉන්න
නිසා ලෝකෝත්තර කියනවා. කවුරු හරි කෙනෙක් ලෝකයට බැඳෙන රාග, ද්වේෂ, මෝහ
නැති කළා නම් ඔහු ලෝකයෙන් එතෙර වෙනවා.
ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ එන පළමුවෙනි මාර්ගය සම්මා දිට්ඨියයි. සම්මා
දිට්ඨියත් ලෞකික සම්මා දිට්ඨිය හා ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලෙස කොටස්
දෙකකට බෙදෙනවා. සම්මා දිට්ඨිය ඇති වීමටත් හේතු දෙකක් තිබෙනවා. ඒ
පරතෝභූසය යි. යෝනිසෝ මනසිකාරය (නුවණින් මෙනෙහි කිරීම) පරතෝභූසය කියන්නේ
ආර්ය අෂ්ඨාංගික මාර්ගය රාග, ද්වේෂ, මෝහය නැතිවෙන ආකාරයය අනෙක් අයගෙන්
අසා දැන ගැනීම. ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගය දියුණු කරන කෙනාට
පරතෝභූ®සය යි, යෝනිසෝ මනසිකාරය කියන දෙකම අවශ්‍ය යි. ඒ වගේම සම්මා
දිට්ඨියත් දෙකට බෙදෙනවා. එකක් ලෝකයට අයිති සම්මා දිට්ඨිය. අනෙක ලෝකයෙන්
එතෙර වන සම්මා දිට්ඨිය. මේ අනුව සම්මා දිට්ඨිකයෝ වර්ග තුනක් ඉන්නවා. ඒ
පෘතග්ජන සම්මා දිට්ඨිකයෝ, සේක සම්මා දිට්ඨිකයෝ සහ අසේක සම්මා
දිට්ඨිකයෝ. පෘතග්ජන සම්මා දිට්ඨිකයෝ වර්ග දෙකයි. එක් අයෙක් බාහිරක
සම්මා දිට්ඨිකයා. අනෙක් කෙනා ශාසනික සම්මා දිට්ඨිකයා. පෘතග්ජන කියන්නේ
පෞද්ගලිකත්වයෙන් මමත්වයෙන් බැඳී සිටීම. ඒ කෙනා ලෞකික සම්මා දිට්ඨියට
අයිති. ඔහු ලෝකයට අයිති ලෝකයේ රැෙඳමින් කටයුතු කරන පුද්ගලයෙක්. “සේක”
කියන්නේ නිවන් මෙගයි හික්මෙන්නා යි. ඔහු හික්මෙන්නේ රාග, ද්වේෂ, මෝහ
නැතිවෙන ආකාරයට හික්මෙනවා. සේක සම්මා දිට්ඨිකයෝ 7 දෙනයි. ඒ තමා
සෝතාපන්න මාර්ගස්ථ පුද්ගලයා, ඵලස්ථ පුද්ගයා. සකෘදාගාමි මාර්ගස්ථ සහ
ඵලස්ථ පුද්ගලයා, අනාගාමි මාර්ගස්ථ සහ ඵලස්ථ පුද්ගලයා, සහ මහරහත්
මාර්ගස්ථ පුද්ගලයා. මේ අය මාර්ගයේ ගමන් කරන අය. තවම නිවන අවබෝධ කර
නැහැ. අනෙක් සම්මා දිට්ඨිකයා එක් අයෙක්. ඒ උතුමන්ට හික්මෙන්න අවශ්‍ය
නැහැ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය සම්පූර්ණ කළ පුද්ගලයා. ඒ රහතන් වහන්සේ.
රහතන් වහන්සේ සම්මා දිට්ඨිකයෙක්.
දැන් බලමු බාහිර සම්මා දිට්ඨියා කවුද කියා. ඒ මේ ශාසනයෙන් පිට ඉන්න
පුද්ගලයා. ඒ පිරිසත් පෘතග්ජනයි. ඒ පෘතග්ජන අයට තිබෙනවා ලෞකික සම්මා
දිට්ඨිය. ලෞකික සම්මා දිට්ඨිය බෙදනවා කොටස් දෙකකට . ඒ දස වස්තුක සම්මා
දිට්ඨිය හා කම්මස්සකථා (කර්මය ස්වකීයත්වයෙන් ගැනීම) සම්මා දිට්ඨිය. දස
වස්තුක සම්මා දිට්ඨි කාරණා 10 පිළිබඳව නිවැරැදි දැකීමෙකින් ඉන්නවා. ඒ
තමා දුන් දේ විපාක ඇත, යැදූ දේ විපාක ඇත, පිදූ දෙයි විපාක ඇත, හොඳ
කළවිට හොඳ විපාකත් නරක කළ විට නරක විපාකත් ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත,
මව් කියා විශේෂ කෙනෙක් සිටිනවා, පියා කිියා විශේෂ කෙනෙක් සිටිනවා. ඉබේ
පහළ වන දෙවියන්, බ්‍රහ්මයන්, භූතයන්, පේ‍්‍රතයන් වගේ සත්ත්ව කොට්ඨාශ
ලෝකයේ ඉන්නවා. තමා විසින්ම ජීවිතය අවබෝධ කරගත් උතුමන් වහන්සේලා සිටිනවා
කියා විශ්වාස කරනවා. ඒ දස වස්තුක සම්මා දිට්ඨිය යි.
මේ කියන ලෞකික සම්මා දිට්ඨිය හෝ පෘතග්ජන සම්මා දිට්ඨිය තුළ තිබෙන සම්මා
දිට්ඨිය බෞද්ධයන්ට පමණ ද තිබෙන්නේ? දන් දුන්නාම හොඳ විපාක ලැබෙනවා ,
පුද පූජාවල විපාක තිබෙනවා, කර්මයේ හොඳ විපාක, මව්පිය උපස්ථානයේ විපාක,
මරණින් මතු නැවත උපතක්, මෙ ලොව පරලොව පිළිබදව අනික් ආගම්වලත් විශ්වාස
කරනවා. ඒ අය දිගින් දිගට යන ජීවිතයක් තිබෙන බව විශ්වාස කළේ නැතුවාට මේ
මරණින් පස්සේ ස්වර්ගයේ හෝ අපායේ ඉපදෙන බව විශ්වාස කරනවා. මේ හොඳ නරක
පදනම් කරගත් සම්මා දිට්ඨිය තිබෙන්නේ බෞද්ධයන්ට පමණක් නොවේ. අබෞද්ධ
අන්‍යාගමිකයන්ටත් එය තිබෙනවා. ඒ විශ්වාසය මත කවුරුහරි කෙනෙක් හොඳ
කරමින් නරකින් වළකිනවා නම් ඒ අය වෙනත් ආගමික නායකයින් අනුගමනය කළත්
කර්ම න්‍යායට අනුව අපායේ යන්නේ නැහැ. හොඳ ක්‍රියා අනුව දිව්‍ය ලෝකයේ
යනවා. දිව්‍ය ලෝකයේ උපදින්නේ බෞද්ධයෝ විතරයි කියන තර්කය එයින් බිඳෙනවා.
ඉතිරි කොටස මැයි මස 02 වනදා පත්‍රයේ.
සටහන: නයනා නිල්මිණි |