මං කැමැතියි සිල් සුවඳ පැතිරෙනවා දකින්න
පල්ලේබැද්දේ අප්පුහාමි සිතාගෙන සිටියේ, සුගත් මස්සිනා මහණ වුව ද, වැඩි
කලක් සිවුරේ රැඳී නොසිටිනු ඇත කියාය.නමුත් එදාට වඩා අද තත්ත්වය වෙනස්ය.
ගුරු හාමුදුරුවන් සහ පොඩි හාමුදුරුවන් අතර සමීප සම්බන්ධතාවයක් ද දැන්
ගොඩ නැගීඇත්තේ ය. යායුතු නියම දහම් මග පල්ලේපැද්දේ සෝම හිමි හඳුනාගෙන
ඇතිබව ද උන්වහන්සේගේ භික්ඛූ සංඝස්ස ගුවන්විදුලි වැඩසටහනින් මැනවින්
ප්‍රදර්ශනය වන්නේ ය.
ඇත්ත වශයෙන්ම ලොකු හාමුදුරුවන් සුගත් මහණ කරවා ගත්තේ,පන්සලට අයත් දේපොළ
ආරක්‍ෂාකර ගැන්මට කෙනෙක් අවශ්‍ය වුන නිසා ය.
“හාමිනේ සෑහෙන සාංඝික දේපොළ සහ පුරාවස්තු ඇති පන්සලක් බාරව මම ඉන්නේ.
මැරිලා යනකොට ගෙනි යන්න නොවෙයි, අනාගත පරපුර සඳහා අපි පන්සලේ වත්කම්
ආරක්‍ෂා කරලා තියන්න එපායැ, නැත්නම් කියාවි පන්සලේ වත්කම් සියල්ල, මම
විනාශ කරලා කියලා! “
“මට තත්ත්වය වැටහෙනවා අපේ හාමුදුරුවනේ, මට වැටහෙනවා.
“හාමිනේ, මම පන්සලෙන් පිටත රෑ බණකට හරි පිරිතකට හරි යනවාය කියන්නේ
පන්සලෙන් හුඟාක් දේ අතුරුදන් වෙනවා කියන එකයි”
“අපි” අකමැති නෑ ලොකුහාමුදුරුවනේ සුගත් මලයා මහණ කරවන්න මමත්
කැමතියි.අප්පුහාමිත් කැමතියි, මලයාගේ කැමැත්ත තමයි ප්‍රශ්නය ”
“මිනිහා තරුණයෙකු බවට පත්වෙලා මානමාලකම ඔලුවට ගැහුවොත් නම් හාමිනේ අපේ
උත්සාහයන් වතුරේ.”
සුගත් මහණ කරවා ගන්න හාමිනේට සිදුවූයේ මේ සියලුම බාධක ජය ගැනීමෙන් පසුව
ය. සුගත් වැඩිය කතා කරන අයෙකු නොවේ. නමුත් අවශ්‍ය තැන කතා නොකර
සිටින්නෙත් නැත. දරුකමට හදා ගත් මලයා මහණ කරවන්න සිදුවීමත් දෛවෝප
සහගතය. සුගත් දරුකමට හදා ගන්නා ලද්දේ පවුලේ බූදලයට ආරක්‍ෂකයකු අවශ්‍ය
නිසාය. දැන් ඔහු පන්සලේ මහණවෙන්නේ, පන්සලේ බූදලයට ආරෂකයෙකු අවශ්‍ය
බැවිනි.
”හැබැයි අක්කේ මම අක්කාට ගරු කරලා මහණවෙන්නම්!අක්කාට වගේම සංඝ ශාසනයටත්
ගරුකරලා මහණ වෙන්නම්, බුදුහාමුදුරුවෝ ගැනත් සිතලා මහණවෙන්නම්,
මහණවුනාට....
”මා ගැන නොවෙයි සුගත් මල්ලියෙ බුදුහාමුදුරුවොයි,උන්වහන්සේගෙ සංඝ
ශාසනයයි ගැන හිතලා මහණ වෙයන්! ඒ ඇති මට!”
“හැබැයි අක්කේ මම කැමති නෑ රබර් ෂීට් ගනින්නයි පොල් කඩන කොට ගස්යට
ඉඳගෙන පොල්ගෙඩි ගණන් කරන්නයි”
“හරි හරි මල්ලියෙ උඹ ඕනෑ නැ ඒවා කරන්න ”
කොහේදෝ සිට එතැනට කඩා වැදුණු අප්පුහාමි කියා සිටියේ.
“රබර් ෂීට් ගණන් කරන්නයි පොල්ගෙඩි ගණන් කරන්නයි බැරි ගෝලයෙකුට මං
හිතන්නේ නෑ. පන්සලේ ඉන්න පුළුවන් වේවි කියා!”
ඒ වචන ටික ඇසුණු සැණින් හාමිනේ සහ සුගත්කළේ, හිටි තැනින් නැගිට,
මුලුතැන්ගෙට පියමං කිරීමය.
“අයියා” නං අක්කේ කොහොමත් කැමති නෑ මම මහණ වෙනවාට නේද?”
“අයියා නොවෙයි මල්ලියෙ නුඹව මහණ කරවන්නේ මම! නුඹේම අක්කා! මං කැමතියි
උඹ ළඟ සිල්සුවඳ පැතිරෙනවා දකින්න”
“පිනක් තිබුණොත් නම් මා ළඟත් සිල් සුවඳ පැතිරේවි! “
රජකාලේ, සිටම අපේ රටේ සංඝයා වහන්සේලා සිටි සේක! දේවානම්පියතිස්ස
රජතුමාගේ රාජ්‍ය සමයේ මෙහි භික්ඛු සංඝස්ස අඩිතාලම වැටුණු අතර මහ
රහතන්වහන්සේලා එයට කලින් සිටම මෙහි සිටි බව ඉතිහාසය තහවුරු කරයි.
බුදුන් වහන්සේ තුන්වන වර මෙහි වැඩම කළේ පන්සියයක් මහරහතන් වහන්සේලා
සමගය. එම රහතුන් වහන්සේලා සුලු පටු අය නොවූහ.
ඉතිහාසය දක්වන අයුරු සැරියුත්, මුගලන්, මහා කාශ්‍යප, උපාලි ,අනුරුද්ධ,
උපවාන බක්කුල , සීවලී, අංගුලිමාල , බුද්ධ පුත්‍රයාණන් වුූ දහහතර
හැවිරිදි රාහුල භද්දිය, සේල,රාධ කොණ්ඩඤ්ඤ ආදී වශයෙන් මහාස්ථවිරයන්
වහන්සේලා රැසක් බුද්ධ පිරිසට ඇතුලු වූහ.
ඒ තරම් උත්තරීතර මහා සංඝයා වහන්සේලා පිරිසක් එක්වර ගැවසුණු වෙනත් රටක්
මේ ලොව ඇද්දැයි අපට සිතා ගන්නටවත් බැරිය. ශ්‍රී ලංකාව අද දිව්‍ය ලෝකයක්
නොවේ. නමුත් එදා ගරුතර මහා සංඝරත්නය,රහතුන් පරිදි මේ රට පුරා අහසින්
ඇවිදින විට,මෙය දිව්‍යලෝකයක් වූවාද නැද්ද?
”භික්ඛු සංඝස්ස” පිළිබඳව අපි පෙර නොලියැවුණු කතාවක් ලියනු විනා,කතාවක්
කරනවා නොවේ! භික්ඛුවක් වන පින අපට නැතුවා විය හැකිය.නමුත් භික්ඛුවක්
දකින පින අපට ඇත. එසේ දකින භික්ෂුව සම්බන්ධයෙන් ඔබ හිත්නනේ කුමක්ද?
සම්මත පුතා, කුඩා දරුවෙකු වශයෙන් පූජ්‍ය පල්ලේබැද්දේ සෝම තෙර
දෙස,අනිමිසලෝචන බැල්මෙන් බලමින් මොනවා සිතනවා ඇද්ද? සම්මත අයියා මහණ
වෙනවා දැයි නිතර සම්මතගෙන් විමසන කුඩා ලලිතා දැරිවිය කුමක් සිතනවා
ඇද්ද?
“අම්මේ? මාම හාමුදුරුවෝ බලන්න පන්සල් යමුද?
“පන්සල් ගියාට සම්මත පුතා බුදුගෙයින් එළියට එන එකක්යැ?”
“බුදුහාමුදුරුවෝ දිහා කොතෙක් බලා හිටියත් මදි අම්මේ ! ”
“ වරදක් නෑ! බුදුහාමුදුරුවෝ දිහා බලා ඉන්න ඕනෑ.මාමා හාමුදුරුවොත් ළඟ
තියාගෙන”
“ඇයි ඒ අම්මේ ? ”
“ එහෙම බලාගෙන ඉන්න කොට පුතාට දැනේවි වෙනසක්! ”
තවත් කෙටසක් ලබන සතියට
භික්ඛු සංඝස්ස 7 - දායක පිරිසක් පන්සලෙන් ඈත් වේවි ද? |