|
|
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ මැදින් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ අප්‍රේල් 09 වනදා අඟහරුවාදා |
|||
ශ්‍රී සුන්දරාරාම විහාරයේ ප්‍රධාන මූලස්ථානය ලෙස ගම්පල කොබ්බැවල පුරාණ විහාරස්ථානය හැඳින්විය හැකිය. එහි වැඩ සිටි ශාස්ත්‍රපති බඹරගල ශ්‍රී සුමංගල හිමියන්ගේ ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී සුන්දරාරාම විහාරයේ දර්ශනීය විහාර මන්දිරය ද බෝධි ප්‍රාකාරයද ඉදිකරන්නට යෙදුණි. පසුව උන්වහන්සේ දුනුකේවිල ස්වර්ණජෝති හිමියන්ට කොබ්බැවල පුරාණ විහාරයේ කටයුතු භාරදී ශ්‍රී සුන්දරාරාම විහාරස්ථානයට වැඩම කර ඇත. 1949 දී සුමංගල හිමියන් අපවත්වීමෙන් අනතුරුව, කොබ්බැවල විහාරයේ වැඩසිටි දුුනුකේවිල ස්වර්ණජෝති හිමියෝ මෙම විහාරස්ථානයෙහි විහාරාධිපති ලෙස පත්වූහ.
ශ්‍රී සුන්දරාරාම විහාරයේ දාන ශාලාව 1970 දී ද ධර්ම ශාලාව 1989 දී ද
ඉදිකරන්නට යෙදුණි. එවකට විහාරයේ වැඩසිටි බඹරගල ශ්‍රී සුධර්මරතනජෝති
හිමියන් විසින් 1963 දී ශ්‍රී සුධර්ම දහම් පාසල අරඹන ලදී. දුනුකේවිල
ස්වර්ණජෝති හිමියන් 1971 දී අපවත්වීමෙන් අනතුරුව විහාරාධිපති ලෙස
ශාස්ත්‍රපති බඹරගල ශ්‍රී සුධර්ම රතනජෝති හිමියෝ පත්වූහ. උන්වහන්සේද
මුළුමහත් ප්‍රදේශවාසි ජනතාවගේ ගෞරවාදරයට පාත්‍රවෙමින් උදාර ශාසනික
සේවයක් සිදුකළහ. වසර 2011 දී උන්වහන්සේ අපවත්වීමෙන් අනතුරුව කැන්දගොල්ලේ සුධර්මානන්ද හිමියෝ විහාරාධිපති ධුරයට පත්වූහ. ප්‍රදේශවාසි සියල්ලන්ගේ සිත් වඩ වඩාත් දහමට නැඹුරු කරවන්නට උන්වහන්සේ උත්සාහයෙන් කටයුතු කරති. අද වන විට මේ විහාරස්ථානය සිරිපා කරුණා කරන්නට යන සැදැහැවතුන් විසින් අතරමඟ වැද පුදා ගනු ලබන පූජනීය ස්ථානයක් ලෙසද ඔවුන් විඩා සන්සිඳුවා ගන්නා ස්ථානයක් වශයෙන්ද ප්‍රසිද්ධයි. කන්ද උඩරට විරාජමානව වැඩ වසන ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදයෙන් ශ්‍රී සුන්දරාරාම විහාරස්ථානයෙන් සිදුකෙරෙන ශාසනික මෙහෙවර දිනෙන් දින වඩ වඩාත් සවිබල ගැන්වේවා යන්න ප්‍රදේශවාසි සියලු දෙනාගේම පැතුමයි.
|
||||
|
©
2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම |
||||