Print this Article


භික්ෂු සං‍ඝස්ස 06- “අනේ හාමුදුරුවනේ සම්මත මහණ කරගන්න එපා”

“අනේ හාමුදුරුවනේ සම්මත මහණ කරගන්න එපා”

අපේ සෝම හාමුදුරුවෝ ගුවන්විදුලි වැඩසටහනක් කරනවා ලලිතා නංගිලා ඇහුවද? “අනේ සම්මත අයියේ අපි දන්නේ නෑ ? අපිට ඔය ගොල්ලෝ කිව්වා නම්....”

“අනික් දවසෙ වැඩසටහන යන දිනය මම කියන්නම්කෝ. තාම ඒක පටන් ගත්තා විතරයි” “අනේ සම්මත අයියා මහණ වෙන්නේ නෑ නේද? මට සෙල්ලම් කරන්න කෙනෙක් නැතුව යනවා”

“ඔයා දුක් නොවී ඉන්නකෝ මම මහණ වෙන්නෙත් නෑ. මට මහණ වෙන්න ඉඩ ලැබෙන්නේ නෑ. භික්ඛු සංඝස්ස අතරට යාම පහසු නැත. සම්මත ලලිතා වැනි කුඩා දරු දැරියනටද මහණවීම පිළිබඳව කතා කළ හැකිය. නමුත් එය සිදුවන්නේ කෙසේදැයි ඔව්හු නොදනිති. ඒ කුඩා දරුවන් පමණක් නොව,අද අප අතර සිටින ඇතැම් මහා මිනිසුන් පවා මහණකම ලැබීමට පේවිය යුත්තේ කෙසේදැයි නොදනී.

භික්ඛු සංඝස්ස පිළිබඳව කතා කරන විට අපේ රට ශ්‍රී ලංකාව අමතක කළ නොහැකිය.මෙරට භික්ඛු සංඝස්ස ඉතිහාසය වසර 2500 කට වැඩිය. එය සිංහල ඉතිහාසය තරමටම පැරණි බව කීවද වරදක් නැත. බුද්ධ වර්ෂ 237 – 277 අතර දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ මෙරට බුදුදහම ස්ථාපිත වීමත් සමගම සංඝ සමාජය ද ඇරඹිණ.

අද මේ රටේ භික්ෂු සංඝස්ස පරපුර අතිදැවැන්තය. එය ඇරඹුනේ,දේවානම්පියතිස්ස මහරජ තුමාගේ ප්‍රධාන ඇමති අරිට්ඨ, සසුන්ගත වීමත් සමගයි. ශ්‍රී ලංකා භික්ඛු සංඝස්ස ආදි කර්තෘවරයා අරිට්ඨ ඇමතිය. නමුත් අපි උන්වහන්සේ සිහිකොට එක මලක් පූජා කරන්නේ නැත. එය විශාල අඩුවකි. දැන්වත් මේ අඩුව පිරිමැසිය යුතුය. බුද්ධාගම මෙරට ස්ථාපිත කිරීම සඳහා උර දුන් අරිට්ඨ ඇමති, පසුව අරිට්ඨ රහතන් වහන්සේ සිහිකොට පිං නොදීම කෙතරම් බලවත් වරදක්ද? මෙරටට සංඝ සමාජ දිනයක් තිබිය යුතුය. එය භික්ඛුසංඝස්ස වෙනුවෙන් වෙන්විය යුතුවීම අතිශය වැදගත්ය.මේ දිනය ලෝක පූජිත දිනයක් වීමෙන් ලංකාවට ලැබෙන වාසිදායක ප්‍රතිඵල එමටය. ගරු භික්ඛූූසංඝස්ස හිතා බලන සේක්වා!

සෑහෙන කලකට පසු පල්ලේබැද්දේ සෝම හිමි,පල්ලේබැද්දේ කංකානම්ගේ මායාදුන්න අප්පුහාමිගේ නිවහනට වැඩිසේක. කිසිමදාක නොවු පරිදි එදා උන්වහන්සේ මහත් හරසරින් පිළිගන්නා ලද්දේ අප්පුහාමි විසිනි. සවස් යාමයක සිදුවූ මේ ගමන අප්පුහාමිට මහත් හිසරදයක් වුවද, ඔහු ඒ වගක් නොපෙන්වා,සෝම හාමුදුරුවන් ඉදිරියේ වැඳ වැටුනේ අතිශය භක්තියක් ප්‍රදර්ශනය කරමිනි. ඒ සමග හාමිනේද සුදුරෙදි කඩක් ඇතිව පැමිණ,උන්වහන්සේ හමුවේ වැඳවැටුනාය. කොහේදෝ සිට ලලිතා සම¼ග ආලින්දයට දුව ආ සම්මත පුතාද,මහත් භක්තියෙන් උන්වහන්සේගේ පාද නමස්කාර කළේය.

“ලලිතා දුවත් වඳින්න අර සම්මත අයියා වැන්දා වගේ!

හාමිනේ උපදෙස් දුන් වහා ලලිතා දියණිය සෝම හිමි පාමුල වැඳ වැටුනාය.

“සුවපත් වේවා!”

“අපේ හාමුදුරුවෝ මාත් එක්ක තරහාවෙලාද?”

“ඉඳා? හාමුදුරුවෝ මොකට තරහා වෙන්නද අප්පුහාමි එක්ක? “”

“එහෙනම් ඇයි මට විතරක් සුවපත්වේවා නොකීවේ ?”

“මං සුවපත්වේවායි කියන්නේ කොහොමද කටගොන්නක් බීගෙන වැනෙන කොට?”

කිසිම කෙනෙක් කටක් හෙල්ලුවේ නැත. අප්පුහාමි එතැනින් පසු බැස්සේ අඩියට දෙකටය. සම්පත් සහ ලලිතා එක තැනකට වී සෝම හාමුදුරුවන් දෙස බල සිටියේ ඇහිපිල්ලමක් පවා නොගසාය.

“අපේ හාමුදුරුවෝ අද මෙහේ වැඩම කළෙ! හුග දොහොකට පස්සේ නේද? ”

“මම ඉස්කෝලෙක ගුරුකමක් කරනවා දැන් එන්න ඉවරයක්නෑ බණගෙවල් වලින් ආරාධනා ලැබුණාම,ලොකු හාමුදුරුවෝ යවන්නෙත් මාවයි.

“ලොකු හාමුදුරුවෝ එහෙනම් දැන් අපේ හාමුදුරුවන් සමග යාලු කමින්....”

යාලු කමක්ම නොවෙයි ඒක! එක්තරා විදිහක ගුරු ගෝල සම්බන්ධකමක් “ “මාමා හාමුදුරුවෝ කියන්නේ ලොකු හාමුදුරුවන්ගේ බණද? “ නෑ සම්මත මල්ලි මම කියන්නේ බුදුහාමුදුරුවන්ගේ බණ?

“ එහෙනම් දැන්.....” “ මම ගිලන්පස කෝප්පයක් පිළියෙල කරන් එන්නම් හාමුදුරුවනේ, ඒ හාමිනේය.

“කරදරයක් නැත්නම් ගේන්න ”

“මාමා හාමුදුරුවෝ දැන් කිව්වා නේ ලොකු හාමුදුරුවන්ගෙ බණගෙවල්වල යන්නෙත් මාමා හාමුදුරුවෝය කියලා? “

“සම්මත හිතේ තියා ගන්න ලොකු හාමුදුරුවෝ කියන්නෙත්, මම කියන්නෙත්, බුදුහාමුදුරුවන් අපට උගන්වාපු බණය කියා.”

“හාමුදුරුවන්ට ඉගෙන්නුවාද බුදුහාමුදුරුවෝ”

“මම බුදුහාමුදුරුවන්ගෙන් ඉගෙනගත්තේ නෑ, උන්වහන්සේගෙන් ඉගෙනගත්තු හාමුදුරුවරුන්ගෙන් මම ඉගෙන ගත්තා බණ කියන්න!”

“හාමුදුරුවෝ අනේ කියනවද මේ සම්මත අයියාව මහණ කරවනවද කියලා”

“ලලිතා නංගි ඇයි එහෙම අහන්නේ?”

“ඇයි අපේ හාමුදුරුවෝ දවසක් පන්සලේදී කිව්වේ සම්මත මහණකමට හොඳයි කියලා?”

“මම එමෙම කිව්ව නම් තමයි! ”

“අනේ එපා හාමුදුරුවෝ සම්මත මහණ කරවන්න! මට සෙල්ලම් කරන්න කෙනෙක් නැතුව යනවා! ”

“ඇයි ලලිතාට නැද්ද වෙන කෙනෙක් සෙල්ලම් කරන්න? “ “හිටියට මං කැමති නෑ ඒගොල්ලට! මං කැමති සම්මත අයියට!”

තවත් කොටසක් ලබන සතියේ


භික්ෂු සං‍ඝස්ස 05 - කිලිටි ගතේ බුද්ධ චීවරය රැඳෙන්නේ නැත