Print this Article


දුකසේ විඳින කර්ම විපාක

දුකසේ විඳින කර්ම විපාක

මිතුරෙකුගේ වේශයෙන් ඔබත් සමග යාලුවෙලා සිටි ඒ මිතුරු නොවන භික්ෂුවක් ඇද්ද? ඒ අඥාන පුද්ගලයා  කය බිඳුනට පස්සේ පරලොව ගියේ මොනවගේ උපතකට ද? ශ්‍රමණ පේ‍්‍රතයාගේ ඔළුව උඩ තමා මම ඉන්නේ. ඒ පව්කළ ඔහු දැන් පේ‍්‍රත ලෝකයේ ඉන්නේ මම වගේම පේ‍්‍රතයකු වෙලයි. ස්වාමිනි, මගේ භෝජන මේවායි. අනෙක් උදවිය වැසිකිලි කරද්දී ඒ අසුචි මම කනවා. මම වැසිකිලි කරද්දී මගේ අසුචි තමයි ඒ ශ්‍රමණ පේ‍්‍රතයා කන්නේ

තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන කල්හි රාජ පුත්‍ර ප්‍රේතයකු උදෙසා මෙම දේශනාව වදාළ සේක.

අතීතයේ දී ‘කිතවස්ස’ නම් රජ කෙනෙක් වූවා. ඒ රජුගේ පුත්‍රයා උයන් කෙළියට යන අතර එක් පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිඬුසිඟා වඩිමින් සිටියා. අර පුත්‍රයා

’’ මේ මුඩු මහණා මට ගරු සරු නො කොට නික්ම ගියා’’

යැයි රාජ අභිමානය ඇතිකරගෙන ඉතා නපුරු සිතින්

‘ඔබ පිණ්ඩපාතය ලබා ගත්තාදැයි’

අසා පාත්‍රය ගෙන පොළොවේ ගසා බිඳුණු ලැබුවා. උන්වහන්සේ කිසිවෙකුට කම්පා නොවන නිසා වෙනසක් නොවී කරුණාව පැතුරුණු සෞම්‍ය වූ සොම්නස් සහගතව පහන් වූ සිත් ඇතිව ඒ රාජ පුත්‍රයා දෙස බැලුවා. එහෙත් ඔහු නිකරුණේ ක්‍රෝධ සිතක් ඇතිකරගෙන

‘මා කිතවස්ස රජුගේ පුතා බව නො දන්නේ ද? ඔබ මා දෙස බලා මට කුමක් කරන්නදැයි කියා’

අවමන් කොට එතැනින් පිටත්ව ගියා.

එතැනින් පිටත් වෙනවාත් සමගම ඔහුට නිරයේ ගිනිදැල් වැදුනාක් මෙන් ශරීරය පුරා බලවත් දැවිල්ලක් හට ගත්තා. ඔහු මහා දුකකින් යුතුව බලවත් වූ අපහසුතාවයකින් වේදනාවකින් දුක් විඳ මිය ගියා. මියගිය සැණෙන් ඔහු අවීචි මහ නිරයේ ඉපදුනා.

ඒ නිරයේ දකුණු පසින්ද, වම් පසින්ද උඩුකුරුව හා යටිකුරුව බොහෝ ආකාරයෙන් පෙරළි සිට අසූහාරදහසක් අවුරුදු ගෙවා එතැනින් චුතව පේ‍්‍රතයකු ලෙස උපත ලැබුවා. ඒ පේ‍්‍රතයා අසීමිත කාලයක් සා පිපාසාදි දුක් වින්ඳා.

ඒ කාලයේ සානුවාසී හිමියන් තමාගේ ඥාති පේ‍්‍රතයන් පිළිබඳව කියා සිටි අවස්ථාවේ තථාගතයන් වහන්සේ ඔබගේ ඥාතීන් පමණක් නොවේ ඔබද, මෙවන් ඉහත ආත්මභාවයක පේ‍්‍රතයකු වී මහ දුක් වින්දා යි කියා සිටියා. ඒ තෙරුන් ගේ බලවත් ආයාචනය නිසා උන්වහන්සේ මේ ‘රාජ පුත්‍ර’ පේ‍්‍රත වස්තුව වදාළා.

පෙර කරපු කර්මයෙන්මයි මේ සැප විපාක ලැබෙන්නේ. නමුත් මේ සිත්කළු රූප, ශබ්ද, ගන්ධ රස ස්පර්ෂවලට ඔහුගේ් සිත යට වෙනවා.

ස්වල්ප නො වන නැටුම් ගැයුම් කම්සුව කෙළිසෙල්ලම් වලින් සතුටු වෙවී ඉඳළ උයන්වල විනෝද වෙවි ඉඳල රජගහ නුවරට ඇතුළු වුණා. එවිට ඔහු ‘සුනෙත්ත’ නම් වූ පසේබුදු සෘෂිණරයාණන්ව දැක්කා. උන්වහන්සේගේ සිත. සමාහිතයි. අල්පේච්ඡ යි. වරදට ලජ්ජයි. පාත්‍රයට ලැබුණ දෙයින් සතුටු වෙනවා. රාජ පුත්‍රයා ඇතු පිටින් බැහැල පිණ්ඩපාතය ලැබුණාද? කියා පාත්‍රය අතට ගෙන පොළොවේ ගසා හිනාවෙවි ඉවත් වෙලා ගියා.

ඒ දරුණු පාප කර්මයේ විපාකයත් ඒ විදිහටම රාජ පුත්‍රයාට ලැබුණා. ඔහු අසූහාර දහක් අවුරුදු ගණන් හයෙන් වැඩි කරලා ගත්තු අවුරුදු ගණනක බොහෝ දුක් වින්ඳා.

ඒ අඥාාන පුද්ගලයා උඩු අතට, යටිකුරුව, නිරයේ පැහුණා. වම් ඇලයෙන් සහ දකුණු ඇලයෙන් නිරයේ පැහුණා. බොහෝ කාලයක් නිරයේ පැහුණා.

කේන්ති යන උදවිය කෙරෙහි කිසි දවසක නො කිපෙන යහපත් ගති පැවතුම් තිබෙන ඒ මුණිවරයාණන් හට කරදර කරලා පව්කම් කරලා තමා ඔය ආකාරයෙන් කටුක දුක් වින්දේ. ඒ පුද්ගලයා බොහෝ අවුරුදු ගණනක් දුක්විඳ විඳ ඉඳලා එයින් චුත වෙලා ඉන් පස්සේ බඩගින්නේ වේදනා වින්ද පේ‍්‍රතයකු වුණා.

සැප සම්පත්වලින් මත්වෙලා හිටපු නිසයි මේ ආදීනව හට ගත්තේ. මේක තේරුම් ගන්න මනුස්සයා සැප සම්පත්වලින් හිතට ගන්න එක දුරු කරන්න ඕන. නිහතමානි බව ඇතිකර ගන්න ඕන.

යම් කෙනෙක් බුදුවරයන් වහන්සේ කෙරෙහි ගෞවරයෙන් යුක්ත නම් ඒ කෙනාට මේ ජීවිතයේදීම ප්‍රශංසා ලැබෙනවා. ඒ ප්‍රඥාවන්ත කෙනා කය බිඳී මරණින් මතු දෙව්ලොව උපදිනවා.

ගුථ ඛාදන පේ‍්‍රත වස්තුව

ශාස්තෘන් වහන්සේ ජේතවනාරාමයේ වාසය කරන කාලයේ එක් අශුචි අනුභව කරන පේ‍්‍රතයකු අරභයා මෙම දේශනාව වදාළ සේක.

සැවැත්නුවර නුදුරෙහි එක්තරා ගමක උපාසකයෙක් තම හිතවත් භික්ෂූන් වහන්සේ නමක් උදෙසා විහාරයක් කර පූජා කළා. සතර දිගින් වඩින භික්ෂූන් වහන්සේට ඒ කුටිය පරිහරණය කරන්න ආරාධනා කළා. උපාසකයාගේ හිතවත් ඒ භික්ෂුව එය ඉවසුවේ නැහැ. ඊර්ෂ්‍යාවෙන් යුතුව භික්ෂූන්ගේ දොස් උපාසකයාට කියා සිටියා. එවිට අර උපාසකතුමා හිතවත් භික්ෂුවගේ් වචන පිළිගෙන සතර දෙසින් එහි වඩින අනෙක් භික්ෂූන්ට දොස් කියන්නට වුණා.

කාලයක දී හිතවත් භික්ෂුව කලුරිය කොට එම විහාරයේ ම වැසිකිලියේ පේ‍්‍රතයකු ලෙස ඉපදුනා. උපාසක කලුරිය කොට පේ‍්‍රතයාගේ හිස මත්තෙහි පේ‍්‍රතයකු ලෙස ඕපපාතිකව උපන්නා.

දිනක් මුගලන් මහ රහතන් වහන්සේ මේ දෙදෙනා දැක මෙසේ අසා සිටියා.

අසුචි වළෙන් ගොඩට ඇවිදින් දීන ආකාරයට ඉන්න ඔබ කවුද? මොනවගේ පාප කර්මයක්ද ඔබ කළේ? මම කොහොමද සැකයක් නැතුව ඔබ විශ්වාස කරන්නෙ.

අනේ් ස්වාමිනි මම පේ‍්‍රතයෙක්. දුකට පත් වෙලා ඉන්නේ. පෙරේත ලෝකේ ඉපදිලා ඉන්නේ. පව්කම් කරලා පෙරේත ලෝකයට ආවා.

ඔබ විසින් කයින් වචනයෙන් මනසින් මොන වගේ පවක් ද කර ගත්තේ. මොනවගේ කර්මයක විපාකයක් නිසාද මේ වගේ දුකට පත්වුණේ.

සාදා දුන් ආවාසයක භික්ෂුවක් හිටියා. හරිම ඊර්ෂ්‍යායි. දායක පවුල්වලට මසුරුයි. ඒ කුටිය ගැනමයි සිත අලවාගෙන හිටියේ. කෑදරයි. සිල්වතුන්ට ගරහනවා.

මම ඇසුවේ ඒ දුස්සීල භික්ෂුවගේ වචන. මම සිල්වත් භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කළා. ඒ කර්ම විපාකය නිසා එයින් චුත වෙලා පේ‍්‍රත ලෝකයට ආවා.

මිතුරෙකුගේ වේශයෙන් ඔබත් සමග යාලුවෙලා සිටි ඒ මිතුරු නොවන භික්ෂුවක් ඇද්ද ඒ අඥාන පුද්ගලයා කය බිඳුනට පස්සේ පරලොව ගියේ මොනවගේ උපතකට ද?

ශ්‍රමණ පේ‍්‍රතයාගේ ඔළුව උඩ තමා මම ඉන්නේ. ඒ පව්කළ ඔහු දැන් පේ‍්‍රත ලෝකයේ ඉන්නේ මම වගේම පේ‍්‍රතයකු වෙලයි. ස්වාමිනි, මගේ භෝජන මේවායි. අනෙක් උදවිය වැසිකිලි කරද්දී ඒ අසුචි මම කනවා. මම වැසිකිලි කරද්දී මගේ අසුචි තමයි ඒ ශ්‍රමණ පේ‍්‍රතයා කන්නේ.

මුගලන් මහ රහතන් වහන්සේ මේ කථා පුවත භාග්‍යවතුන් වහන්සේට කියා සිටියා. උන්වහන්සේ ඊර්ෂ්‍යා කිරීම සහ ක්‍රෝධ කිරීමේ ආදීනව පෙන්වා දී ධර්මය දේශනා කළා.

තුරෙකුගේ වේශයෙන් ඔබත් සමග යාලුවෙලා සිටි ඒ මිතුරු නොවන භික්ෂුවක් ඇද්ද? ඒ අඥාන පුද්ගලයා කය බිඳුනට පස්සේ පරලොව ගියේ මොනවගේ උපතකට ද?

ශ්‍රමණ පේ‍්‍රතයාගේ ඔළුව උඩ තමා මම ඉන්නේ. ඒ පව්කළ ඔහු දැන් පේ‍්‍රත ලෝකයේ ඉන්නේ මම වගේම පේ‍්‍රතයකු වෙලයි. ස්වාමිනි, මගේ් භෝජන මේවායි. අනෙක් උදවිය වැසිකිලි කරද්දී ඒ අසුචි මම කනවා. මම වැසිකිලි කරද්දී මගේ අසුචි තමයි ඒ ශ්‍රමණ පේ‍්‍රතයා කන්නේ.

සටහන
නයනා නිල්මිණි


දුකසේ විඳින කර්ම විපාක - 33, 34 උච්ඡු පේ‍්‍රත වස්තුව