Print this Article


වාර්ෂික උපසම්පදා පුණ්‍යෙත්සවය

වාර්ෂික උපසම්පදා පුණ්‍යෙත්සවය

මල්වතු අස්ගිරි උභය මහා විහාරය

සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි වාර්ෂික උපසම්පදා පුණ්‍යෙීත්සවය 2013 මැයි මස 24 දා ආරම්භ වී ජූනි මස 23 දා අවසන් කෙරේ. මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නා හිමි අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිත මහ නා හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වේ.

මේ වර්ෂය තුළ උපසම්පදා අපේක්‍ෂිත සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි මහා විහාර නියෝජනය කරන දිවයිනේ සියලු විහාරස්ථානවල සාමණේර භික්‍ෂූන් එයට අදාළ ලිපි ලේඛන සමඟ මේ මස මාර්තු 31 දාට පෙර මහා විහාරයන්හි ලේකම් හිමිවරුන්ගෙන් විමසන්න. - බණ්ඩාර පිලවල


කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍රධර්‍ම මහා සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා මහෝත්සවය 2013 ජූනි මස 27, 28, 29, 30 යන දිනයන්හි කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී හා උපසම්පදාපේක්‍ෂක නේවාසික පුහුණුව 2013 ජූනි මස 14, 15 සහ 16 දිනවල බණ්ඩාරගම අලුත්ගම සර්වෝදය මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. මෙවර උපසම්පදාව සඳහා අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අප සංඝ සභාවට අයත් ස්වාමින්ද්‍රයන් වහන්සේලා අදාළ ඉල්ලුම් පත් සම්පූර්ණකර 2013 මැයි මස 01 වන දිනට පෙර උපසම්පදා ලේඛකාධිකාරීන් වහන්සේ වෙත ලැබෙන්නට සැලැස්විය යුතු බව ශාසනාලයෙන් යුතුව දන්වා සිටී. නියමිත දිනට පසුව ලැබෙන ඉල්ලුම් පත් පාර්ශ්ව භේදයකින් තොරව ගෙන අවසාන දිනයේ දී උපසම්පදාව සඳහා යොමු කරනු ලැබේ. නියමිත ඉල්ලුම්පත් උපසම්පදා ලේඛකාධිකාරී ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ශ්‍රී මහා චේතියාරාමය, කිඳෙල්පිටිය, වැල්මිල්ල හන්දිය, බණ්ඩාරගම යන ලිපිනයෙන් හෝ ඒ ඒ පාර්ශ්වයන්හි ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් ලබාගත හැකි බව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මකුරුප්පේ සෝමාලංකාර හිමියෝ නිවේදනය කරති.