Print this Article


භාවනා වැඩසටහන

භාවනා වැඩසටහන

මහනුවර අම්පිටිය ශ්‍රී ජෙම්සන් ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහනුවර දිසා සංඝනායක ශාස්ත්‍රපති අම්පිටියේ සිරිවිමල නාහිමි ගේ අනුශාසනා පරිදි භාවනා මධ්‍යස්ථානයේ වැඩ සිටින මහනුවර ධම්මසිරි හිමි 2013 වසරේ පහත සඳහන් පරිදි භාවනා පන්ති පවත්වනු ඇත.

සෑම මාසයකම හතරවෙනි සෙනසුරාදා උදේ 8.30 සිට සවස 4.00 දක්වා සමථ විදර්ශනා භාවනා පුහුණුව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වනු ඇත.

මේ අතර මාසයේ අග සතියට යෙදෙන පුර පසළොස්වක පෝයදින ධම්මසිරි හිමි, කටුගස්තොට ත්‍රිසිංහල සීමාරාමය කටුගස්තොට බෝධිමළුව විහාරය කටුගස්තොට බෞද්ධ බල මණ්ඩලය යන ස්ථානවල භාවනා වැඩසටහන් පැවැත්වීමට නියමිතය.