Print this Article


රත්මලානේ අවුරුදු පිරිත් පින්කම

රත්මලානේ අවුරුදු පිරිත් පින්කම

පහතරට ධර්මශාස්ත්‍රෝද්දීප්තියේ ආදි කර්තෘ වූ වලානේ ශ්‍රී සිද්ධාර්ථ මහා ස්වාමීන් වහන්සේ විසින් 1860 දී ආරම්භ කරන ලදුව රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙන් විහාරස්ථානයේ දායක සභාවේ හා වෙනත් සැදැහැවතුන්ගේ දායකත්වයෙන් මේ දක්වා අඛණ්ඩව වාර්ෂිකව පවත්වන අවුරුදු පිරිත් පින්කම මේ වර්ෂයේ දී පැවැත්වෙයි. විහාරාධිපති මඩපාත ධම්මසාර ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි 2013 අප්‍රේල් මස 06 වන සෙනසුරාදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා පසුදින උදේ මහා සංඝයා වහන්සේ විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවකින් උත්සවය සමරනු ලබයි.