Print this Article


වටද්දර ඤාණස්සර හිමියන්ට සංඝ නායක පදවියක්

වටද්දර ඤාණස්සර හිමියන්ට සංඝ නායක පදවියක්

අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිත මහානායක මාහිමියන් ප්‍රමුඛ විංශත් වර්ගික කාරක සංඝ සභාව විසින් සබරගමු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය බළන්ගොඩ කූරගල ශ්‍රී පාද දිවාගුහා රාජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වටද්දර ඤාණිස්සර නාහිමියන් වෙත පිරිනමා ඇත.

ඒ පිළිබඳව සන්නස් පත්‍රය පිළිගැන්වීමේ මහෝත්සවය මේ මස 29 වැනිදා පස්වරු 2 ට සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක මහියංගණ රාජමහා විහාරාධිපති ගලගම අත්ථදස්සී අනුනා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

මෙම සුවිශේෂ අවස්ථාවට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී කුරුණෑගල ඇත්කඳ රාජමහා විහාරාධිපති දර්ශනපති ආණමඩුවේ ධම්මදස්සී, බදුලු මුතියංග රාජ මහා විහාරාධිපති ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික වරකාගොඩ ඤාණරතන, ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මැදගම ධම්මානන්ද, මල්වතු මහා විහාර කාරක සංඝ සභික පියදස්සි නා හිමිවරු ප්‍රමුඛ සබරගමු පළාතේ තෛ‍්‍රනිකා මහා සඟරුවන, සබරගමු පළාත් ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාර, සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න, විදුලිබල හා බල ශක්ති අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්ම මහත්මීහු ඇතුළු පළාත් සභා ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රිවරු ප්‍රාදේශීය ලේකම්වරු සහභාගී වෙති.