Print this Article


පැවිදි බිමට

පැවිදි බිමට

තිස්සමහාරාම, යෝධකණ්ඩිය වැලිපොතේවල පදිංචි කසුන් සංකල්ප විජේධීර සහ පසිඳු තිලාන් සත්සර යන කුමරුවන් දෙදෙනා, තිස්සමහාරාම යෝධකණ්ඩිය පුරාණ නාගමහා විහාරාධිපති, මහරගම ගුරු විද්‍යාලයේ කථිකාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත මහවැව මහින්ද හිමියන්ගේ ද මාගම ශ්‍රී දක්‍ෂිණාරාමාධිපති ආන්දරගස්යාය විද්‍යාලයේ ධර්මාචාර්ය මොරගනේ ධම්මතිලක හිමියන්ගේ ද යෝධකණ්ඩිය පුරාණ නාගමහා විහාරාධිකාරි රණකෙළියේ සාරද හිමියන්ගේ ද ශිෂ්‍ය පුත්‍රයන් වශයෙන් මාර්තු මස 25 වන සඳුදා දින සසුන්ගත කිරීම සිදු කෙරේ.


අලවතුගොඩ, දිප්පිටිය බෝධිමළුව විහාරයේ දායක සභාව, යෞවන සමාජය මූලිකත්වයෙන්, විහාරාධිපති ශාස්ත්‍රවේදී ගිඩ්ඩව, ශ්‍රී සුමණතිස්ස නාහිමිගේ අනුශාසකත්වයෙන් සංවිධානය කරනු ලබන මැදින් පෝදින සීලමය පින්කමක් පැවැත්වෙයි. එයට සමගාමීව පියුම්, ධම්මික දරුවා, පණ්ඩිත ගිඩ්ඩව සුමණතිස්ස නාහිමිගේ ආචාර්යත්වයෙන් සසුන්ගත කිරීම සිදු කෙරේ.