Print this Article


ලේඛකාධිකාරි ධුරයට

ලේඛකාධිකාරි ධුරයට

හඟුරන්කෙත සද්ධානන්ද හිමි

තලාතුඔය පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමය, බුටාවත්ත පුරාණ විහාරද්වයාධිපති, ශ්‍රී සද්ධර්මාරාමස්ථ ශ්‍රී රතනජෝති දහම් පාසලේ ප්‍රධානාචාර්ය, ශාසන කීර්ති ශ්‍රී ධර්ම ලෝකාර්ථචාරි වෛශාරද්‍ය සමස්ත ලංකා සාමදාන විනිශ්චයකාර හඟුරන්කෙත සද්ධානන්ද හිමි තලාතුඔය ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී පදවියට පත් කර ඇත.

දහම් පාසල් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ, දහම් පාසල් ධර්මාචාර්යවරයකු, ප්‍රධානාචාර්යවරයකු, ලේඛකාධිකාරිවරයකු, දිසාශාසන මණ්ඩල ප්‍රධානියකු මෙන්ම ලේකම්වරයකු ලෙස වසර හතළිහකට ආසන්න කාලයක් දහම් පාසල් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටියි.


වහන්තරේ සිද්ධාර්ථ හිමි

පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ දෙවන කලාපයේ ලේඛකාධිකාරී තනතුරට දෙවන වරටත් දිග්ගලගෙදර ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති වහන්තරේ සිද්ධාර්ථ හිමියෝ නිතරගයෙන් තේරී පත්වූහ.

උන්වහන්සේ කුරුණෑගල බෞද්ධාලෝක විද්‍යායතන පිරිවෙනේ පරිවේණාධිපති ධුරය සහ දිග්ගලගෙදර ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරස්ථ ශ්‍රී මේධංකර දහම් පාසලේ ප්‍රධානාචාර්ය හෙට්ටිපොල සමථ මූල මණ්ඩලයේ සමතකරු යන ධුරද දරති.