Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය- ‘මමායනය’ යනුවෙන් ධර්මයෙහි සඳහන් වන “ මම සැප විඳිමි’ යන හැගීම සත්තවයා තුළ පවත්නා තාක් භවයෙන් මිදීම හෙවත් ඉවත් වීමේ කැමැත්ත ඔහු තුළ පහළ නොවේ. මෙය මිථ්‍යා දෘෂ්ටිය (සක්කාය දිට්ඨි) යන නාමයන්ගෙන් ධර්මයෙහි සඳහන් වන අතර එය සත්වයා තුළින් ඉවත් කළ හැකි විසුද්ධි මාර්ගය කුමක්ද? යන්න පැහැදිලි කරන්න.

පිළිතුර - දුඞඛ නිරෝධ ගාමිණී පටිපදා මාර්ග සත්‍යයෙහි ප්‍රථමයෙන්ම “ සම්මා දිට්ඨිය යෙදී ඇත්තේ දුඞඛ සමුදාය දුක හටගැනීම” නැසීම සඳහා අනිවාර්යයෙන්ම වැඩිය යුතු ප්‍රගුණ කළ යුතු මාර්ගය වූ නිසාය.

ප්‍රශ්නය – විඤ්ඤාණය නිසා නාමරූප හට ගැනේ” විඤ්ඤාණ පච්චයා නාමරූපං” මෙ ප්‍රස්තුතය බුද්ධ ධර්මයෙහි මූලික ධර්මකරුණු වලට අන්තර්ගත වෙයි. එහෙත් සාමාන්‍ය සැදැහැවතෙකුට සරල නිදසුන් මගින් විවරණයක්ද කළ හැකිය. පැහැදිලි කරන්න.

පිළිතුර - නාම රූප යන භාවිතයෙන් ධර්මයෙහි සටහන් වන රූපවේදනා, සඤ්ඤා, සංඛාර විඤ්ඤාණයන් ස්කන්ධ පංචකයි. මෙයින් නාම යන්න නොයෙක් අතට (නැමීම අරමුණ අබිමුවෙහිදී නැමෙන ලක්‍ෂණ කොට ඇති බැවින් ඒ නම යෙදී තිබේ. ඉහතින් සඳහන් කළ ස්කන්ධ (රාශි = සමූහ = ගොඩවල්) සතරක සංයෝගයකි (එක්වීමකි)

සත්වයාගේ ශරීරය එය රූපය වශයෙන් ඇසට ලක්වන රූපයයි.අපා , දෙපා , සිවුපා,බහුපා ආදි මිනිස් ලොව හැම සතෙකුටම රූප හෙවත් භෞතික කොටසක් ඇත.රූප නොවන්නේ අරූප ධර්මයෝය. ඒ කලින් සඳහන් කළ අරූප ධර්මයෝය. රූප අරූප ධර්මයන්ගේ සංතතිය සත්වයා යයි කියනු ලැබේ.රූප ධර්ම වලින් වර්ණ රූපය පමණක් අපේ ඇසට පෙනේ. එහෙත් අරූප ධර්ම (නාම ධර්ම ඇසට නො පෙනේ.අරූප ධර්ම (නාමධර්මයන් ගේ වෙන් වීමෙන් අභාවය හෙවත් මරණය සිදුවේ. එවිට රූපයට ක්‍රියාකළ නොහැකි ය. යාම, සිටීම, හිඳීම, නිදීම ආදි ඉරියව් පැවැත්විය නොහැකිය. රූපයෙන් අරූප ධර්ම වියෝවීම නිසායි. එහෙයින් රූපය ක්‍රියා කරවන්නේ අරූප ධර්ම බව දේශනා පිළිවෙළයි.

ප්‍රශ්නය- බුදු දහමට අනුව “පුද්ගල පද්මය” විකසිත විය යුත්තේ සමාජයීය කේන්ද්‍රය තුළමය.මේ නිසා කෙනෙකු නිරතුරුවම අන්අයගේ ජීවිත වටිනාකම පිළිබඳව සැලකිය යුතුමය. ධර්මයෙහි සඳහන් අත්තුප්පනායක” ධම්මපරියාය” (තමා උපමානය වශයෙන් සලකා) දේශනා ක්‍රමයට අනුව සමතුලිතතාවයක් පවතීද යන්න පැහැදිලි කරන්න.

පිළිතුර - මම යන ‘රූපකාය’ බිහිවන්නේ අවට පරිසරය (පතිරූපදේසවාස) සාධක කොට ගෙන බව බුදු දහම අවධාරණය කරයි. සිඟාලෝවාද සූත්‍රගත දේශනාවලට අනුවත් පුද්ගල පෞරුෂය ගොඩනැගෙන්නේ අවට පරිසරයේ ප්‍රතිඵලයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ එම සූත්‍රයෙහි අවධාරණය කරන්නේ යුතුකම් වලින් අයිතිවාසිකම් ගම්‍ය මාන වන බවත් අයිතිවාසිකම් වලින් යුතුකම් ගම්‍යමාන වන බවත්ය.

අපට ලැබෙන අයිතිවාසිකම් වලට කෘතගුණ පූර්වක ආකල්පයක් දක්වන්නේ නැත්නම් දුදනන් හා මෝඩයන් (අසේවනාච බාලානං එතං මංගල මුත්තමං) බහුල සමාජයක් බිහිවන ලකුණු පහළවන බවත් සමාජය සදාචාරාත්මක අගයෙන්ද පිරිහී පුද්ගල අගයද හීන වී යන බවත්ය. එයින් අදහස් වන්නේ සොබාදහම අපවෙත සාධාරණ අන්දමින් සලකන නිසා අප විසින්ද සොබා දහමට සාධාරණ අන්දමින් සැලකිය යුතු බව අවධාරණය කරයි. ස්වභාවධර්මය සමඟ කතාබහක් ඇති කර ගත හැකි එකම මඟ නම් සදාචාරය බව බුදු දහම විශ්වාස කරයි.

ප්‍රශ්නය- බුදුරජාණන් වහන්සේගේ ධර්ම දූත මෙහෙවරේ උසස් ප්‍රතිඵලය ලැබූ ශාක්‍ය ජනපදය බුදුරදුන්ගේ ජන්ම භූමියද විය.මෙම ශ්‍රේෂ්ඨ ශාක්‍ය ජනපදයෙන් බුදු සසුනට එකතුවූ විශේෂිත පුද්ගල නාමයන් කිහිපයක් සටහන් කරන්න.

පිළිතුර– මහා ප්‍රජාපතීගෝතමි යශෝධරා,රාහුල, නන්ද ,අනුරුද්ධ , නාගකිම්බිල යන අයයි.