ජනක වෙත්තසිංහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පොල්ගහවෙල, පනලිය ග්‍රාමයේ කඳුබිම් පරිසරයක ඇති මෙම
ගල්ලෙන් විහාරය හඳුන්වන්නේ ගෝඨාභය ගල්ලෙන් රජ මහා විහාරය වශයෙනි.
මුහුදු මට්ටමෙන් අඩි 400 ක් පමණ උස් වූ භූමියක පර්වතයක් ඇසුරුකර
ගනිමින් විහාරස්ථානය ගොඩ නංවා ඇත්තේ නෙතට පි‍්‍රය වූ සිතට සුවදෙන
නිස්කලංක පරිසරයක ය.
ක්‍රි.පූ. දෙවන සියවසෙහි රුහුණේ රජකම් කළ ගෝඨාභය රජතුමා විසින් විහාරය
ඉදිකිරීම වෙනුවෙන් අනුග්‍රහය දක්වා තිබෙයි. විහාරස්ථානය සතුව තිබූ
පැරැණි විත්ති පුස්තකයක ද ඒ බව සඳහන්ව තිබෙන බව ද ප්‍රකාශ වෙයි.
පසු කලෙක සීතාවක රාජසිංහ රජතුමාගේ අවිචාරවත් හැසිරීම් රටාවේ බලපෑමේ
ප්‍රතිඵලයක් වශයෙන් එවකට විහාරස්ථානයේ වැඩ සිටි භික්‍ෂූන් වහන්සේ
ස්ථානය හැර ගිය බව ද ඉනික්බිති මෙතැන විනාශයට මෙන්ම මහත් පාළුවට පත් වූ
බවද පැවැසේ.
මහනුවර රජකළ පළමුවන විමලධර්මසූරිය රාජ්‍ය සමයේදී කන්ද උඩරට වෙත ගමන්ගත්
ප්‍රතිකාල් හමුදාවක් විහාරස්ථානය සමීපයේ කඳවුරු, බැඳ සිටි බවද ඒ
පරදේශක්කාර හමුදාව අතින් මේ අධ්‍යාත්මික සංස්කෘතික උරුමයේ ප්‍රතිමා
ගෘහයේ වූ සම්බුදු පිළිම වහන්සේ කැඩී සුනුවිසුනු වූ බව ද පැවැසෙ යි.
ඉහත විහාර වංශකතා ඉතිහාසයේ සියලු වගතුග අප වෙත ගෙන හැර පාන්නේ
ජනප්‍රවාදය විසිනි.
ඉන් පසු යුගයකදී තිබ්බටුවාවේ සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නා හිමි පාණන්
වහන්සේගේ අනුශාසකත්වයෙන් සත්කෝරල මහා දිශාව වු මීගස්තැන්නේ අධිකාරම
විසින් නැවත විහාරස්ථානය ප්‍රකෘති තත්වයට පත් කළ බව කියාපාන්නේ ද
ජනප්‍රවාදය විසින්ම ය .
ප්‍රබල ජන මතයක කරුණු ඔස්සේ විහාරස්ථානයේ ඉතිහාසය මෙසේ ගොඩනැගෙන අතර එම
භූමියේ ඇති නවය, දහය සියවස් වලට අයත් ටැම් ලිපියත් කාලවකවානු හරි හැටි
හඳුනා ගැනීමට අසමත් ඉපැරණි සිරිපතුල් ගලත්, ලෙන් විහාර මස්තකයේ රෝපණය
වී ඇති දීර්ඝායු විඳිමින් තවමත් සජීවිව වැඩ වසනා වයෝවෘද්ධ බෝධීන්
වහන්සේගේ නියෝජනයත් අපව දිගු අතීතයක් වෙතට කැඳවාගෙන යයි.
මඳ වශයෙන් බැස්මක් සහිත වූ කඳු පර්වතයෙහි කටාරම් සලකුණැති ඇතුල් මාලයත්
පියසක් සවිකර සාදා නිම කළ පිටමාලයක් සහිත ප්‍රතිමා ගෘහය විහාරස්ථානයේ
ප්‍රමුඛ පුරාස්ථානය බවට පත්ව ඇත. මෙහි ඇතුල් මාලයේ දිග මීටර් 17.28 ක්
සහ පළල මීටර් 4.95 ක් පමණ වෙයි. කටාරම් සහිත ලෙන් විහාරය තුළ ස්වාභාවික
පිහිටීමට සමවදින අයුරෙන් සැතපෙන පිළිම වහන්සේ නමක් නිර්මාණය කර
විහාරස්ථානයට ආකර්ෂණීය පෙනුමක් එක්කර තිබෙයි. කලකදී විනාශයට පත් වූ මෙම
පිළිම වහන්සේ යුගයෙන් යුගය ප්‍රතිසංස්කරණයට නතුවීමේ හේතුවෙන් එහි
ඉපැරැණි ස්වරූපය අද දකින්නට පුළුවන්කමක් නොමැත. ප්‍රතිමා ගෘහයේ ඇතුළු
මාලයේ සිතුවම් ද අවශේෂ ප්‍රතිමාදියට ද එසේ වූ වෙනස්කම් විඳ දරා ගැනීමට
සිදුව තිබෙයි.
හිටි බද්ධ ප්‍රතිමා ,දේව ප්‍රතිමා, දේවා දී සිතුවම් සමාධි බුද්ධ
සිතුවම්, රහතන් වහන්සේලාගේ සිතුවම්, මල්කම්, ලියකම් ආදියෙන් පොහොසත්
නිර්මාණයන් බහුතරයක් කාලානුරූප කලා සම්ප්‍රදායන්ගේ වෙනසට බඳුන් වී
තිබෙන අතර, අදටත් පැරැණිම ලක්‍ෂණ පිළිබිඹු කරන බුදු රූ පෙළෙහි
ලක්‍ෂණයන් මහනුවර කලා සම්ප්‍රදායේ මුල් යුගයේ ලක්‍ෂණයන් හා සම වැදී
පවති යි.
ප්‍රතිමා ගෘහය සහිත ගල් පර්වතයේ එක් ඉමක පාමුල ඇති ස්වභාවික ගල් කෙමිය
ද විහාරයේ පැන් පහස වෙනුවෙන් දායක වු බව ද සිතිය හැකිවේ. එහි ඇතැම්
බිත්ති ගල් කුට්ටිවලින් තනා තිබෙ යි.
පැරැණි විහාරයට අනෙක් පසින් පසු යුගයකදී ඉදිකර ඇති මධ්‍යම ප්‍රමාණයේ
චෛත්‍යය වෙතට නැග යාමට සිමෙන්ති බදාමයෙන් කළ පිය ගැට පෙළ ද දෙපස
අත්වාරුවේ කැටයම් ආදිය ද විහාරස්ථානයේ ඉපැරැණි ආකෘතිය හා සමවැදීමට
ප්‍රයත්න දරා තිබෙ යි. පුණ්‍ය භූමියක ඌණ පූර්ණය වෙනුවෙන් සෑදි ඇති
චෛත්‍යය විහාර භූමියට රැගෙන එන්නේ සුන්දරත්වයකි.
ලෙන තුළ වන සිතුවම් ප්‍රතිමාදිය පිරික්සීමේදි ඒවා ක්‍රි.ව. 18 වැනි
සියවසෙහි අගභාගයටත් ඇතැම් සිතුවම් 19 වැනි සියවසෙහි මුල් යුගයටත් අයත්
යැයි සිතිය හැක.
එහෙත් කටාරම් ලකුණු සහිත ලෙන් මෙන්ම විචිත්‍ර කැටයමින් තොර සිරිපතුල්
ගල් ආදිය පිළිබඳ නිශ්චිත දින වකවානු හැඳින නොගත්ත ද මේවා අනුරාධපුර
යුගය නියෝජනය වේ යැයි අනුමාන කළ හැක. 9 –10 සියවසට අයත් ටැම් ලිපියද ඒ
බවට සාධක සපයයි.
ඇතැම්විට එ දවස මෙවන් කටාරම් සහිත ලෙන්හි වැඩවාසය කළෝ යෝගාවචර
භික්‍ෂූන් වහන්සේලාය. එවන් වකවානුව හා සැසැඳීමේදි මෙවන් පිවිතුරු නිසසල
ස්ථානයන්හි ලෙන් කුටි ආදිය රහත්ඵල ලාභී කසාවතෙහි ආලෝකයෙන් බොහෝ විට
දීප්තිමවත්ව බැබලුණා වෙන්නට ද හැකියාව ඇත.
ඒ තරමට සැදැහැති සිත් සැනසවීමට සමත් ආකර්ෂණීය ආනන්දනීය පරසරිසරයක්
නිර්මාණය කිරීමට උචිත සොඳුරු පරිසරයක් මෙවන් ස්ථාන විසින් මවනු ලබයි.
බහුතරයකගේ අවධානයෙන් තොරව එහෙත් අභිමානයෙන් එදා වොරැඳුණු මෙවන්
පුණ්‍යභූමි හෙටත් අප සංරකෂණය කළ යුතු වන්නේ එවන් ස්ථානයන්හි පෞරාණික
ලක්‍ෂණයන් නොමකමිනි. ගරාවැටෙන විට මුක්කු ගැසීමකින් තොරව පරිසරයට අනුගත
වූ ස්වභාවික සුන්දරත්වයට විකාර වෙස් මුහුණ පැළදවීමකින් තොරව යථා තත්වය
අරක්ෂා කිරීමට පමණක් ප්‍රතිසංස්කරණය කරමින් මෙවැන් තැන්හි පිවිතුරු බව
හෙටත් අප සුරැකිය යුත්තේ වනපස වන මලක පිවිතුරු බව නොකෙලෙසන පරිද්දෙන්
එවන් සුන්දරත්වය අත්විදීමට උචිත පරිසරයක් නිර්මාණය කිරිමට සමත් දෑත්
වලිනි. |