ක්‍ෂාන්තියෙන් දුරැලිය යුතු
ක්‍රෝධය
රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති,
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක, අග්ග මහා පණ්ඩිත
පල්ලත්තර සුමනජෝති නා හිමි
ඔබ ඔබේ නිවසෙහි එහාට මෙහාට වේගයෙන් යන අවස්ථාවක ඔබේ පය ඔබම තියාපු
මේසයක හෝ පුටුවක හෝ වෙනත්
අවයවයක හෝ හැපෙයි. එවිට ඔබට මහත් වේදනාවක් ඇතිවෙයි. ඒනිසා ඇතිවන තරහ
හෙවත් ක්‍රෝධය අස්ථාන ක්‍රෝධයයි.
සමහරවිට ඔබ ඔබටම බැණගන්න, දොස් කියා ගන්න තරම් ඔබ දරුණු වේ. ඇතැම්
අනුවණයන් එබඳු අවස්ථාවල අඹු දරුවන්ට මාපියාදීන්ට පවා බණිමින් පහර
දෙමින් තම සිත සනසා ගන්න උත්සාහ කරනව
කොධං වධිත්වානතදාචි සොචති
මක්ඛප්පහානං ඉසයො වණ්ණයන්ති
සබ්බේසං වුත්තං ඵරුසං චමෙථ
එකං ඛන්තිං උත්තම මාහු සන්තො
යම් කෙනෙක් ක්‍රෝධය නසල කිසියම් දවසක ශෝක නොකෙරෙයි. එසේම කිසිවෙක්
ගුණමකු කම නමැති මක්ඛය නසල බුද්ධිමතුන්ගේ පැසසුමට භාජන වෙති. එමෙන්ම
හැමදෙනාගෙන්ම අසන්නට ලැබෙන ඵරුෂ බස් හැකිතාක් ඉවසන්න. මේ කියන ක්‍රෝධය,
මකු බව, ඵරුෂ බස, යන මේවා ඉවසීම උතුම් ඉවසීම හෙවත් ක්‍ෂාන්තිය යයි
සත්පුරුෂයෝ කියති යන්නයි මේ ගාථාවේ අදහස. ක්‍රෝධය උපදින්නේ තමාට
අපි‍්‍රය අරමුණ සිත ගැටීමෙනි. එයට අප පටිඝය කියල කියනව. අපි‍්‍රය
අරමුණු නම් ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත කියන ඉඳුරන්ගෙන් ගන්නා රූප,
ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අපි‍්‍රය අරමුණ යි. සිත අපි‍්‍රය අරමුණක්
සමඟ ගැටුණාම සිතේ ඇතිවන රළු බව, පරුෂ බව, තද බව ක්‍රෝධයයි. එවිට සිත
චණ්ඩ බවට පත්වේ. අනතුරුව ඒ චණ්ඩ වූ සිතේ ප්‍රමාණයට එම සිත ඉපදීමට හේතු
වූ වස්තුවෙන් හෝ පුද්ගලයාගෙන් පළිගැනීමට සේ පෙළඹේ.
කිසියම් පුද්ගලයෙක් හෝ සත්වයෙක් මට පෙර අනර්ථයක් නොකෙළසා දැනුදු කරයි.
මතු ද කෙරේ. එසේම මාගේ අසවල් සතුරාට යහපතක් පෙර කෙළේ ය. දැනුදු කරයි,
මතුද කරන්නේය යන නව ආකාරයෙන් අපේ සිත්වල ක්‍රෝධය උපදින බව
බුද්ධදේශනාවයි. මේ නව විධ ආඝාත වස්තුවලට අමතර ව ද අපේ සිත්වල ක්‍රෝධය
උපදියි. මේ අස්ථාන ක්‍රෝධයත් එක් වූ විට එය දශවිධ වේ. කිසිම සතුරු
කිසිවක් නොමැතිව ඉබේම ඇතැම්විට අපේ සිතේ ක්‍රෝධය උපදින කොතෙකුත් අවස්ථා
තිබේ. ඔබ ඔබේ නිවසෙහි එහාට මෙහාට වේගයෙන් යන අවස්ථාවක ඔබේ පය ඔබම
තියාපු මේසයක හෝ පුටුවක හෝ වෙනත් අවයවයක හෝ හැපෙයි. එවිට ඔබට මහත්
වේදනාවක් ඇතිවෙයි. ඒනිසා ඇතිවන තරහ හෙවත් ක්‍රෝධය අස්ථාන ක්‍රෝධයයි.
සමහරවිට ඔබ ඔබටම බැණගන්න, දොස් කියා ගන්න තරම් ඔබ දරුණු වේ. ඇතැම්
අනුවණයන් එබඳු අවස්ථාවල අඹු දරුවන්ට මාපියාදීන්ට පවා බණිමින් පහර
දෙමින් තම සිත සනසා ගන්න උත්සාහ කරනව. සමහරවිට එම ද්‍රව්‍ය කඩා බිඳ දමන
අනුවණයෝ ද සිටිති. අද අප රටේ අනුවණ බොහෝ දෙනා ස්වභාව ධර්මයට අකාලයේ
අනුව වැස්සක් වැටුණත් වැස්ස සමඟ ක්‍රෝධ කරනව. පෑව්වත් ක්‍රෝධ කරනව.
බණිනව. එයටත් වඩා විහිළුව අද ස්වභාව ධර්මයට අනුව සිදුවන කවර දෙයකට හෝ
රජයට හෝ ජනපතිට හෝ මැති ඇමැතිවරුන්ට හෝ බැණවැදීමයි. මේ රටේ සිදුවන
ස්වභාවික විපත්වලටත් පොදු ජනයා කරන වැරදිවලටත් විශේෂයෙන් තමන් අනුමත
නොකරන යම් සිද්ධියක් වේ නම් ඒ සියල්ලටම වගකිය යුත්තන් සේ සලකා බැණ
වදින්නේ පාලකයන්ට ය. මෙසේ කී නොකී බොහෝ සිද්ධිවලට වගකිය යුත්තේ
අන්‍යයන් බව සිතා අප ඇතිකරගන්නා ක්‍රෝධය බොහෝවිට අස්ථාන ක්‍රෝධයයි.
අද සමස්ත ලෝකයාම පෙළන අසාධ්‍ය රෝගයන් බවට ක්‍රෝධය පත්ව තිබේ. රටක් තවත්
රටක් දිසාව බලන්නේත්, මිනිසුන් සෙසු මිනිසුන් දිශාව බලන්නේත්
ක්‍රෝධයෙනි. මේ ක්‍රෝධය නිසා කුලල්කා ගනිති. නිලධාරීහු කුළල් කා ගනිති.
එකරටක සිටින ඒ ඒ ජාතීහු කුලල් කා ගනිති. මාපියෝ, අඹු සැමියෝ, මාපිය දූ
දරුවෝ, ස්වාමි සේවකයෝ ආදී හැම දෙනාම ප්‍රමුඛත්වය දී ඇත්තේ ක්‍රෝධයටයි.
මේ අනුවනයෝ ක්‍රෝධය නිසා පළිගන්නට පෙළඹී අනුන් නැසීමට කෝටි ප්‍රකෝටි
ගණන් මුදල් වැය කරමින් නිෂ්පාදනය කරන්නේ මිනිසා, සත්වයා ජීවත් කරවීමට
අවශ්‍ය දෙය නොවේ. ඒ ඒ රටවල වාසය කරන ජනතාව බුරුතු පිටින් කලණයෙන් මරා
දැමීමට උපයෝගී කරගත හැකි අවි ආයුධයි. වසවිසයි.
ක්‍රෝධය යටපත් කිරීම අතිශය දුෂ්කර කාර්යයකි. නිර්වාණමාර්ගඥානයේ දී එය
ප්‍රකාශ වන්නේ සකෘදගාමි ඤාණයෙන් එහි ඇති ඕලාරක තත්ත්වය අඩු වී අනාගාමි
මාර්ගඥානයෙනි. “අක්කෝධෙන ජිනෙ කෝධං” යන බුදුන්ගේ දෙසුම අනුව ක්‍රෝධය
දිනිය යුත්තේ ක්‍රෝධ නොකිරීමෙනි. ක්‍රෝධ කිරීම වසල ධර්මයක් හෙවත් පහත්ම
පහත් අයගේ ගතියක් බව වසල සූත්‍රයේ දී බුදුරදුන් දේශනා කර තිබේ. දස
පාරමිතාවෙන් සවන පාරමිතාව ක්‍ෂාන්ති පාරමිතාවයි. බුදුබව ලබන්න පෙරුම්
පුරණ බෝසතුන් වහන්සේ විසින් මෙම ඉවසීමේ ගුණ ධර්මය පාරමිතාවක් වශයෙන්
සම්පූර්ණ කළ යුතු නම් ක්‍රෝධය හෙවත් අන්‍යයන්ගේ ඇණුම් බැණුම් ආදිය
ඉවසිය යුතුයි. බුදු පසේ බුදු රහත් යන බෝධිත්‍රයෙන් කවර හෝ බෝධියකට
පැමිණ නිවන් අවබෝධ කරන්නට උත්සාහ දරන යෝගාවචරයා කරුණාවෙන් හා
ප්‍රඥාවෙන් යුක්තව අපරාධ ඉවසීමෙන් මෙම පාරමිතාව සම්පූර්ණ කළ යුතුයි.
ඉවසීම හෙවත් ක්‍ෂාන්ති ගුණය යෝගාවචරයාගේ බලයක් හෙවත් ශක්තියක් වශයෙන්
“ඛන්ති බලං” යන්නෙන් (අංගුත්තර නිකාය) බුදුන් දේශනා කර තිබේ. ඉවසීමේ
ශක්තියෙන් සතුරන් දමනය කළ හැකි බව එයින් කියයි. සාරිපුත්ත මහරහතන්
වහන්සේ දිනක් පිණ්ඩපාතේ වැඩියහ.එක්තරා මිසදිටු බමුණෙක් උන්වහන්සේ ඉවසන
කෙනෙකැයි අසා තිබුණි. සැරියුත් හාමුදුරුවො මඟ වඩිනව දුටු සේ උන්වහන්සේ
ළඟට කිට්ටු වී කම්මුලට පහරක් ගැසීය. පහර කෑ සැරියුත් හාමුදුරුවෝ
කිසිවක් නොකියා බිම බලාගෙන ඉදිරියට වැඩියහ. එකී සිටි බෞද්ධ පිරිසක් අපේ
හාමුදුරුවෝ කිසිවක් නොකියා බිම බලාගෙන ඉදිරියට වැඩියහ. එකී සිටි බෞද්ධ
පිරිසක් අපේ හාමුදුරුවන්ට පහර දුන්නේ ඇයිදැයි අසමින් බමුණාට පහර දෙන්නට
සූදානම් වන විට සැරියුත් හාමුදුරුවෝ, පින්වත්නි, යි කියා බෞද්ධ පිරිස
අමතා ඒ බමුණා පහර ගැසුවේ මටයි. ඔහුගෙන් පළිගන්නවා නම් මමයි පලිගත
යුත්තේ. ඔබලා නොවෙයි කීවිට ඔවුහු බැහැරව ගියහ. මෙය බලා සිටි මිසදිටු
බමුණා උන්වහන්සේ සමීපයට දිව ගොස් වැඳ වැටී සමාව ගෙන උන්වහන්සේ නිවසට
වඩමවා ගෙන ගොස් වඩා හිඳුවා දන් පිළිගන්වා උපාසකයකු වූ බව අපේ බණ පොතේ
සඳහන් වේ. බලන්න ඉවසීමේ බලය.
ක්‍ෂාන්තිය යන්නට අර්ථ සපයන අටුවාචාරීන් වහන්සේලා පැහැදිලි කර තිබේ.
ක්‍ෂාන්තිය නම්, ක්‍ෂමාකිරීම, ඉවසීම, නොසැඬ බව, කුඩුකේඩුකම, සිතේ
නොසතුටු ගතිය යන ස්වභාවයන් ඉවසීමකි. මෙ බඳු චිත්ත ශක්තිය හෙවත් ඉවසීම
පරම තපසක් බව බුදුන් දක්වා ඇත්තේ “ඛන්ති පරමං තපොතිතික්ඛා” යනුවෙනි.
ක්‍ෂාන්තිය හෙවත් ඉවසීම ක්‍රෝධය යටපත් කර ගැනීම දිනීමට අසීරු යුද්ධයක්
දිනීම වැනියයි බුදුන් වහන්සේ වදාළේ කුද්ධං අප්පටි කුජ්ඛන්තො යුද්ධං
ජයහි දුජ්ජයං” යනුවෙනි. එනම් තමාට ක්‍රෝධ කරන්නාට පෙරලා ක්‍රෝධ නොකිරීම
දිනිය නොහැකි යුද්ධයක් දිනීම වැනියි යනු එහි අදහසයි. එමනිසා තමාට
ක්‍රෝධ කරන්නහුට පෙරළා ක්‍රෝධ කිරීම පාපයක් වශයෙන් සලකන ලෙසට උන්වහන්සේ
අපට අවවාද කළසේක. පුද්ගලයාගේ අභිවෘද්ධියට හේතු වන අර්ථයන්(ස්වාර්ය)
උතුම් අර්ථයක් බවත් එසේම අර්ථයන් අතුරෙන් ක්‍ෂාන්තියට වඩා උතුම්
අර්ථයක් හෙවත් අභිවෘද්ධියක් නැතැයි ද වදාළ බුදුරජාණන් වහන්සේ මෙසේ ද
වදාරා තිබේ.
යොහවෙ බලවා සන්තො
දුබ් බලස්ස තිතික්ඛති
තමෙම පරමං ඛන්තිං
නිච්චං ඛමති දුබ්බලො
හැම අතින් ම අතිශයින් බලවත් පුද්ගලයෙක් දුබලයා විසින් තමාට කිසියම්
අපරාධයක් කළ විට එය ඉවසීම හෙවත් එකට එක නොකිරීම හෝ දුබලයාට සමාව දීම
විශිෂ්ටතම ඉවසීමයයි වදාළහ
බුදු දහමේ උගන් වන්නේ ‘සබ්බෙ සත්තා භවන්තු සුඛී, තත්තා’යනුවෙනි.
එහෙයින් ඉවසීමට ආගමක් අනවශ්‍ය බව සිතන්න. ක්‍රෝධය හැම සත්වයාටම තිබෙන
අති දුබලකමකි. තිරිසනාට ක්‍රෝධයක් ඇති වූ විට එය යටපත් කරන හැටි ඉවසන
හැටි ඔහු නොදනී. එසේ මනුෂ්‍යයන් වන අපි ක්‍රෝධයත් ඉවසීමෙන් හඳුනන්නෙමු.
ශාන්තියක් හඳුනන්නෙමු. ඉවසීමෙන් සැනසීම ලැබේ යන උතුම් සිංහල කියමන
මෙනෙහි කොට හා ධර්මානුකූලව සිතා ක්‍රෝධ ගින්න නිවාලන්නට උත්සාහ කිරීම
සත්පුරුෂ ගතියයි. ‘අක්කොධෙන ජිනෙ කොධං’ යයි වදාළේ ක්‍රෝධ කරන්නා ක්‍රෝධ
නොකිරීමෙන් හෙවත් ඉවසීමෙන් දිනාගත යුතුයි.
ක්‍රෝධ සිතත් උපන්විට ඔබ හොඳට සිහිබුද්ධියෙන් කටයුතු කරන්න. බුදුන්
වදාළා කෙනෙකුට පහර දීම හරියට දෙකොණ ගිනිගත් දර කැබැල්ලකින් පහර දීමක්
බඳුය කියල. එහි තේරුම දෙකොණ ගිනිගත් දර කඩක් අනෙකාට පහර දෙන්නට තමන්
අතට ගන්නවිට පළමුව තමාගේ අත දැවේ. අනතුරුවයි සතුරා දැවන්නේ. එමෙන්ම
අසූචි වැගුණ දර කැබැල්ලකින් පහර දීමත් එවැනියි, එසේත් නැත්නම් තමා මේ
පහර දෙන්නේ පෙර ආත්ම ගණනක් තමාට මාපිය වූ හෝ සහෝදර සහෝදරියන් වූ හෝ
වෙනත් ඥාති හිතවතෙක් වූ හෝ කෙනකුට නොවේදැයි සිතන කොට ඔබේ ක්‍රෝධය යටපත්
වේ. එකම සසර සයුරේ ගිලී සිටින අප නිතරම ඉවසීමෙන් යුතුව සහෝදර
ප්‍රේමයෙන් ජාති කුල, ආගම් භේද පෞද්ගලික කරුණු වශයෙන් සලකා මනුෂ්‍යයෝ
වශයෙන් පොදුවේ අප හැමෝම එකම මිනිස් කොටසක් බව සිතා බුදුන් විසින්
‘චත්තාරො වණ්ණා සම සමා’ යි වදාළ පරිදි සිතා සමඟියෙන් සමාදානයෙන් කටයුතු
කරන්නේ නම් මිනිස් දහමට ප්‍රමුඛත්වය දුන් මිනිසුන් හැටියට ලෝකයාගේ
ප්‍රශංසාවට ඔබත් මමත් හැමෝමත් ලක්වනු ඇත. |