කොළඹ නවම් පෙරහර
තුනුරුවන් වෙත දක්වන
පූජෝපහාරයක්
සටහන: සීසර් සුදුසිංහ'
ආචාර්ය
කිරින්දේ
අස්සජි හිමි |
සමාජයෙන් ඈත් වී යන අපගේ සංස්කෘතිකාංග වෙත නව පුනර්ජීවයක් උදාවේ. අපේ
පෞරාණික නර්තන සම්ප්‍රදායන් තව දුරටත් ආරක්‍ෂා වෙමින් අනාගත
පරපුරට ද එය තිළිණ කළ හැකි වනුයේ මෙවන් පෙරහර පැවැත්වීම මඟිනි. කොළඹ
නගරයේ සියලු ජාතීන් ඒකරාශී වී පවත්වනු ලබන කොළඹ නවම් මහා පෙරහර හුදෙක්
ආගමික උත්සවයක් සේම ජාතික උත්සවයක් බවට ද පත්වී ඇත. ජාතික සමගියත්,
ආගමික සහජීවනයත් මෙමඟින් ඉස්මතු වේ
කොළඹ 02 ගංගාරාමය සම්භාවනීය ඉතිහාසයකට හිමිකම් කියන පෞරාණික
විහාරස්ථානයකි. ගංගාරාමය මගින් අතීතයේ දී ද ඇසළ පෙරහර පවත්වා තිබේ.
එහෙත් කාලයාගේ විවිධ දුෂ්කරතා හේතුවෙන් එම පෙරහර නතර වීය.
කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක, ගංගාරාමාධිපති, ආචාර්ය ගල්බොඩ ශ්‍රී
ඤාණිස්සර නාහිමියන්ගේ මාර්ගෝපදේශකත්වය යටතේ 1979 දී එවකට අග්‍රාමාත්‍ය
ආර්. ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් නැවත වතාවක් ගංගාරාමයේ පෙරහර ආරම්භ
කෙරිණි.
කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක
ගංගාරාමාධිපති
ආචාර්ය ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නා හිමි |
කොළඹ නවම් පෙරහරේ විශේෂත්වයක් නම් සිංහල, බෞද්ධ අය මෙන්ම දෙමළ මුස්ලිම්
ආදී අනෙකුත් ආගමික අයද මෙම පෙරහරේ දායකත්වය ගෙන කටයුතු කිරීමයි. නවම්
පෙරහර අරඹන දේශීය සැදැහැවතුන් දහස් ගණනකට අමතරව විදේශීයයන් රැසක්ද මෙම
පෙරහර නැරැඹීමට පැමිණෙති. ජපානය, කොරියාව, තායිවානය, සිංගප්පූරුව,
මැලේසියාව හා යුරෝපීය පිරිස් ද විශාල වශයෙන් පැමිණේ.
පෙරහර පුරාණය පිළිබඳ කල්පනා කිරීමේ දී බුදුරජාණන් වහන්සේ ලොව පහළවීමට
පෙර සිට පෙරහරක ලක්‍ෂණ දක්නට ලැබේ. සිදුහත් කුමරා මෙලොවට ජනිතවීමට
පෙරාතුව මහාමායා දේවිය දෙව්දහ නුවරට කැඳවා ගෙන යනු ලබන්නේ පෙරහර මඟිනි.
නැවත මාලිගාවට කැඳවාගෙන එනු ලබන්නේ ද පෙරහරකිනි. රහතන් වහන්සේලා
පිරිනිවන් පෑමෙන් පසු උන්වහන්සේලාගේ ආදාහන පූජෝත්සව පැවැත්වූයේ පෙරහරක්
මඟින් වැඩම කරවීමෙනි. පෙරහරට අවශ්‍ය කරන ගුණාත්මක අගය ලබා දුන්නේ අපේ
බුදුහාමුදුරුවෝ ලොව පහළවීමෙන් පසුව ය. පන්සලෙන් පිටත්වන පෙරහරත්
සාමූහිකව පිටත්වන ගමනත් අතර වෙනසක් දක්නට ලැබේ. පන්සලෙන් ආරම්භ වූ
පෙරහරෙහි විශේෂිත පිළිවෙලක් දක්නට ලැබේ. පෙරහරේ වැඩම කරවන ලද්දේ ශ්‍රී
සර්වඥධාතූන් වහන්සේ ය.
කොළඹ නවම් මහා පෙරහර පවත්වනු ලබන්නේ සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා
දෙනමට අගසවු තනතුරු ලබා දුන් ඓතිහාසික දිනය හෙවත් නවම් පුන් පොහොය
නිමිති කරගෙනය. ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදු වූ දිනය ආදී ලෙස සලකා
බලන විට ශාසනික වශයෙන් ඉතා සුවිශේෂිත වූ දිනයකි.
එදින පවත්වන නවම් පෙරහර තුනුරුවන්ට දක්වන ගෞරවයක්, පූජෝපහාරයක් ලෙස
සිදු කැරේ. කොළඹ නවම් මහා පෙරහරේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කැරේ.
බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේලා වැඩම වනු ලැබේ. එමෙන්ම ධර්ම
පුස්තක වඩමවනු ලැබේ. එමෙන්ම ධර්මය සජ්ඣායනා කරමින් රථ ගමන් කරනු ලැබේ.
ඊට අමතරව විරල දර්ශනයක් ලෙස සැලකිය හැකි කරුණක් ලෙස මහා සංඝරත්නය
පන්සිය නමකට අධික පිරිසක් ගමන් කැරේ.
මේ අයුරින් කොළඹ නවම් මහා පෙරහර තුනුරුවන් වෙත උපහාර දක්වමින් වසරෙන්
වසර සංවර්ධනය වී තිබේ. එකී වසරක කොළඹ නවම් මහා පෙරහරේ සහභාගි වූ ඇලි,
ඇතුන් සංඛ්‍යාව 167 ක් පමණ වී ඇත. එවන් අලි ඇතුන් පිරිසක්
සහභාගිත්වයෙන් පවත්වා ඇති පෙරහර ඇතැම්විට වාර්තාගත අලි ඇතුන්
සංඛ්‍යාවක් ලෙස ද සැලකිය හැකි ය. ඊට හේතුව නම් ගෘහස්ථ අලි ඇතුන් හෙවත්
හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව අඩු වී ඇති බැවිනි. වර්තමානයේ පෙරහර අලි ඇතුන්
60 කට පමණ සීමා කරගෙන තිබේ.
කොළඹ නවම් පෙරහරේ සහභාගීවන නර්තන ශිල්පීන් සංඛ්‍යාව හය දහසක් පමණ වේ. ඒ
කොඩි, සේසත් රැගෙන යන ජිනරතන කාර්මික විද්‍යාලයේ සිසු දරුවන්ට අමතරවය.
මෙවන් පෙරහරක් පැවැත්වීමෙන් සුවිශේෂිත කාර්යභාරයක් සිදුවේ.
සමාජයෙන් ඈත් වී යන අපගේ සංස්කෘතිකාංග වෙත නව පුනර්ජීවයක් උදාවේ. අපේ
පෞරාණික නර්තන සම්ප්‍රදායක් තව දුරටත් ආරක්‍ෂා වෙමින් අනාගත පරපුරට ද
එය තිළිණ කළ හැකි වනුයේ මෙවන් පෙරහර පැවැත්වීම මඟිනි.
ඒ සා උදාර මෙහෙවරක් අපේ සංස්කෘතියට සිදුවූවත්, පෙරහරක් පැවැත්වීම
නිරර්ථක ක්‍රියාවක් සේ සිතන ඇතැම් සංවිධාන, පුද්ගලයන් ද නැතුවා නොවේ.
අතීතයේ පන්සලෙන් පිටත් වූ පෙරහරට අලි ඇතුන් ලබා දුන්නේ රජවරු වෙතිනි. ඒ
අලි ඇතුන් සධාතුක කරඬුව පෙරහරේ වැඩම කරවන ලදී.
ඇතැම් විට අලි ඇතුන් පෙරහරක ගෙනයාමත් විවාදයට ලක්ව තිබෙන බව ද පෙනී
යයි. මාංශ භක්‍ෂක සතෙකු ලෙස පාවාඩ මතින් ගමන් කරන අලි ඇතුන් පෙරහරක
ගමන් කරනු ලබන්නේ ඉතා සංසුන්වය. එවන් අලි ඇතුන්ට එසේ තිබෙන අවස්ථාවත්,
අහිමිවීමට ඇතැම් සංවිධාන විවිධ මත පළ කරනු ලැබේ. කොළඹ නගරයේ සියලු
ජාතීන් ඒකරාශී වී පවත්වනු ලබන කොළඹ නවම් මහා පෙරහර හුදෙක් ආගමික
උත්සවයක් සේම ජාතික උත්සවයක් බවට ද පත්වී ඇත. ජාතික සමගියත්, ආගමික
සහජීවනයත් මෙමඟින් ඉස්මතු වේ.
ශ්‍රී ජිනරතන විද්‍යාලයේ තුන්දහසකට අධික තරුණ දරුවන්ගේ ශ්‍රම ශක්තිය
නවම් පෙරහරට පුද කිරීමද පැසසිය යුතු බවද ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ
පැවසූහ.
නවම් පෙරහර මෙම 24,25 දින වල දී පැවැත් වේ. |