Print this Article


පින වැඩෙන මඟ

පින වැඩෙන මඟ

ලෝකයේ පහළවන බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ කල්‍යාණ මිත්‍ර සත්පුරුෂයන් වහන්සේලාට කරන්න පුළුවන්කම තිබෙන්නේ් කල්‍යාණ මිත්‍රත්වයෙන් ඒ ධර්මය කියා දීම. ඒ ධර්මය අසා හිතේ රඳවා ගන්න එක ඒ අරුත් විමසන එක, අරුත් විමසමින් ධර්මය

පිළිබඳව පහදින එක, පැහැදීමට අනුව හැසිරෙන එක තම තමාට පැවරෙන යුතුකමක්. වගකීමක් වෙනවා.

මෙලොව පහලවූ තුන්ලෝකාග්‍ර අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ මූලික අධිෂ්ඨානය, අපේක්ෂාව වන්නේ සියලු සම්පත් අත්හැර මේ සංසාර සාගරයෙන් එතෙර වීම. ඉන්පසු පරම අපේක්ෂාව බලාපොරොත්තු වූයේ දුක් විඳින සත්ත්වයා භයානක සංසාරයෙන් එතෙර කරවීම ම යි. බුදු පදවියට පත් වන උන්වහන්සේලා ලෝක සත්ත්වයා මේ සංසාර සාගරයෙන් එතෙරකරවීම සඳහා නිරන්තරයෙන්ම උත්සාහවත් වෙනවා. මහන්සි ගන්නවා.

නමුත් උන්වහන්සේට ඒ වුවමනාව අපේක්ෂාව තිබුණත් ඒ බලාපොරොත්තුව අදහස සඵල කර ගන්නට ලැබෙන්නේ නැහැ. නිවන් දකින මාර්ගය ලෙස ආර්ය අෂ්ඨාංගික මාර්ගය දැක්වුවත් ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිවිසීම සඳහා උපකාරක ධර්මතා ඇති සෝතාපන්න අංග දේශනා කර තිබෙනවා. ඒ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය, හා ධම්මානුධම්ම පටිපදාව කියන අංග හතර. මේ අංග හතර තව තැනක අංග දෙකක් ලෙසද කෙටි කොට දක්වා තිබෙනවා. එසේ අංග දෙකක් ලෙස දැක්වුවත් එහි සැඟව තිබෙන්නේ ඒ අංග හතරම යි. මේ අංග හතර ගැන අප කථාකළේ ලොවුතුරු බුදුරජාණන් වහන්සේලාට බොහෝ දෙනා සතර සාගරයෙන් එතෙර කරවන්නට මේ අංග හතරෙන් කරන්නට පුළුවන් කොටසක් තිබෙනවා. ඒ කල්‍යාණ මිත්‍රත්වයෙන් සමීප වෙන්න පුළුවන්. දැනගත යුතු, අසාගතයුතු ධර්මය දේශනා කරන්න පුළුවන්. හැබැයි තව කෙනෙකුගේ නුවණ මනස ධම්මානුධම්මපටිපදාව මෙහෙයවන්න බැහැ. එය තම තමා සතු කාර්යක්. එනිසයි උන්වහන්සේ දේශනා කළේ මා මාර්ගය පෙන්වන්නම්. ක්‍රියාව නුඹලා සතුයි කියා. යෝනිසෝමනසිකාරය හා ධම්මානුධම්මපටිපදාව වැඩපිළිවෙල තමන් සන්නකයි.

ලෝකයේ පහළ වන බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේ කල්‍යාණ මිත්‍ර සත්පුරුෂයන් වහන්සේලාට කරන්න පුළුවන්කම තිබෙන්නේ් කල්‍යාණ මිත්‍රත්වයෙන් ඒ ධර්මය කියා දීම. ඒ ධර්මය අසා හිතේ රඳවා ගන්න එක ඒ අරුත් විමසන එක, අරුත් විමසමින් ධර්මය පිළිබඳ පහදින එක, පැහැදීමට අනුව හැසිරෙන එක තම තමාට පැවරෙන යුතුකමක්. වගකීමක් වෙනවා.

එනිසා බුදුරජාණන් වහන්සේලාට මුළු ලෝකයාටම නිවන් අවබෝධ කරවීමට පුළුවන්කමක් නැහැ. අප සතුවත් යම් යම් හැකියාවන් තිබෙන්නට ඕන. අප ළඟත් අවම හෝ සුදුසුකම් ටික තිබුණොත් පමණයි ඒ හැකියාව බුදුරජාණන් වහන්සේට ඉෂ්ඨ කරන්න පුළුවන්කම තිබෙන්නේ. උදාහරණයක් ගත්තොත් කොසොල් මහ රජතුමා බුදුරජාණන් වහන්සේගේ හුඟාක් බණ ඇසුවා. කොසොල් රජතුමාට විශේෂ ධර්ම දේශනා කළා කෝසල සංයුක්තිය නමින්. නමුත් සත්පුරුෂ ඇසුර, සද්ධර්මය ශ්‍රවණය හොඳින් සිදුවුවත් ඉතිරි කාර්ය කොසොල් රජතුමාට මොනයම් හේතුවකින් හෝ කර ගන්නට බැරිවුණා. ඒ නිසා කොසොල් රජතුමාට සෝතාපත්තියේවත් පිහිටන්නට නොහැකි වූවා. එහෙමනම් පැහැදිලියි කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය අංග දෙක කෙනෙකුට ලැබුණොත් තමා ළඟ තිබිය යුතු සුදුසුකම් නො තිබුණොත් බුදුවරුන්ටත් පිහිටවිය නොහැකි බව. ඒ සුදුසුකම් ටික නොමැති අයට සුදුසුකම් සපුරාගන්නට සීල, සමාධි, ප්‍රඥා ත්‍රිශික්ෂා මාර්ගයට අවශේෂව දාන, සීල, භාවනා නමින් ත්‍රිවිධ පුන්‍ය ක්‍රියාවක් දේශනා කරන්නේ.

ඒ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිනක් කිරීම නොව පිනක් කිරීමට සිතීම පවා වටිනා බව. දන් පැන් පිළිවෙල කරවා ප්‍රතිග්‍රාහකයින් වැඩමවා දීම පමණක් නොව යමෙකුට පුළුවන්නම් මනෝමයෙන් දන්සල් ඉදිකර බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වැඩමවාගෙනවිත් උන්වහන්සේලාට සුදුසු ඒ ඒ අසුන්වල වඩා හිඳුවා ප්‍රනීත ආකාරයෙන් දම් පිළිගන්වලා ඒවා උන්වහන්සේලාගේ පාත්‍රවලට පූජා කරමින් නොයෙක් නොයෙක් පුද පූජාවන් මනෝමය වශයෙන් සිතන්න පුළුවන්නම් තථාගතයන් වහන්සේ වදාළා පිනක් කිරීම නොව මෙබඳු පිනක් කරන්න ඕනෑමය කියලා සිතන සිත පවා වටිනවා කියා. එක තැනක උන්වහන්සේ වදාළා මහණෙනි, පිනට බය වෙන්න එපා.’සුඛස්සේසං අධි වචනං’ පින කියන්නේ සැපයට කියන නමක් කියලා. පින කියන්නේ සැපයට යි. සැපය කියන්නේ පිනට යි. එනිසා වැස්ස නැවත නැවත වසිනා සේ, කිරිබීමට ගවදෙන වෙත පැටියා නැවැත නැවත දුවන්නා සේ, ගොවියා නැවැත නැවත කෙතට බසින්නා සේ උපන් මනුස්සයා විසින් නැවත නැවත පිනෙහි කුසලයෙහි යෙදිය යුතු බව.

තථාගතයන් වහන්සේ මහ චත්තාලිසාකාර සූත්‍රයේ දේශනා කොට තිබෙනවා මේ පුණ්‍ය ප්‍රතිපදාව ඇතුළත් ලෞකික මාර්ගයක් පිළිබඳව. ඒ ලෞකික මාර්ගය අවසන් වියයුත්තේ ලෝකෝත්තර මාර්ගය උපදවාගෙන. ඒ දිසාවට යන්න ඊට උපකාරක වැඩපිළිවෙළක් ඕන. ඒ අනුව ඒ පුන්‍ය ප්‍රතිපදාවේ මුල් අංගයට පත්කළේ සම්මා දිට්ඨිය යි. ඒ සම්මා දිට්ඨියෙන් ආරම්භ වන ලෞකික මඟ සම්මා සමාධිය යන තැනින් අවසන් වෙනවා. ඒ මාර්ගය තුළ තිබෙනවා සතර අපාය, ඉක්මවා මනුස්ස ලෝකය, මනුස්ස ලෝකය ඉක්්මවා සදෙව් ලෝකය, සදෙව් ලොව ඉක්්මවා රූපි බඹ ලොවද, රූපී බඹ ලොව ඉක්මවා අරූපී බඹ ලොව ද දක්වා ගමන් කිරීමේ හැකියාව පුද්ගල සංකල්පය දකින්නට ලැබෙනවා. උන්වහන්සේ පුණ්‍ය ප්‍රතිපදාවන් දේශනා කළේ පුද්ගල සංකල්පය මත. පුද්ගලයෙකු මිනිස් ලොව, දෙව්ලොව, බඹලොව රදවන්න නොවේ. මේ පුන්‍ය ප්‍රතිපදාව තුළත් මූලිකත්වය ලැබෙන්නේ මනසටම යි. ‘මනෝ පුබ්බං ගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා’ මොනම ආකාරයකින්වත් බුද්ධ දේශනාව මනසට මූලිකත්වය නොදී සලකන්නට ඉඩක් නැහැ. ඒක මනස මූලික කරගෙන එන දේශනාවක්. එනිසා මේ පුන්‍ය ප්‍රතිපාදව ගැන සලකන විට ලෝකයේ හැමදාම සතර අපායෙන් මිදෙන සුගතිගාමී වෙන වැඩපිළිවෙලක් ලෝකයේ තිබුණා කියලා. බෝසත් අවධිය ගැන කල්පනා කරලා බැලුවත් බෝධි සත්ත්වයන් වහන්සේ මෙලොව පහලවන අවධිය ගැන කල්පනා කර බැලුවත් මෙලොව පිළිසිඳ ගන්න දවසේ මව් දේවිය පෙහෙවස් සමාදන් වෙලා හිටියා. ගුණ පුරන අය සමාජයේ එදා සිටියා. මැති ඇමැති සමාජයේත් පෙහෙවස් සමාදන් වන අය සිටියා. ඊට එහාට ගිය සාමාන්‍ය සමාජයෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා යෝගාවචර ජීවිත ගතකළ අය අපට දකින්නට ලැබෙනවා. රජ ගෙදර රාජශශ්‍රීයෙන් සිටිමින් ද රජුට රුසි වූ ආචාර වූ අසිත කාලදේව නමින් ප්‍රකට මේ ආචාරතුමා පවා සියලු සම්පතින් වෙන්වෙලා මනස හිත වඩන යෝගාවචර ජීවිත තුළ රැෙඳන බව පෙනෙනවා. ආලාරකාලාම, උද්දකාරාම වැනි තවුස්වරු සතර පෙරනිමිති ගැන කල්පනා කිරීම මේ කාමභෝගි ජීවියෙන් වෙන්ව මේ මානසික සුවය හොයාගෙන යන බවට සාක්ෂි ඕන තරම් තිබෙනවා.

එදා ඒ දාන, සීල, භාවනා පුණ්‍ය ප්‍රතිපදාව ලෝකයේ තිබුණා. ඒ තිබුණ නිසයි ආලාරකාලාම, උද්දකාරාමපුත්ත , අසිත කාලදේවල වැනි මෙහි සඳහන් වන ධන්‍යලාභී සෘර්ධිලාභී සමාපත්තිලාභි තවුස්වරු ගැන හමුවෙනවා. මේ ශාසනය තුළ දාන, සීල, භාවනා තිබෙනවා. හැබැයි මේ ශාසනය තුළ ඒ වැඩපිළිවෙල ඊට වඩා අර්ථයක් ඇතුව ඊට වඩා ගැඹුරු අරමුණක් ඇතුව කළයුතු ක්‍රියාවක් ප්‍රතිපදාවක් වෙනවා. නමුත් ඒවා අප සමාජයෙන් අතහැරි ගොස් තිබෙනවා.

සටහන:
නයනා නිල්මිණි