ඉපැරැණි රයිගම් රජ දහනට අයත්
හොරණ රජමහ විහාරය
සටහන හා ඡායාරූප
කළුතර දිසා සමූහ
දයාරත්න කුමාරසිංහ
කළුතර දිස්ත්‍රික්කයේ ඉපැරැණි විහාරස්ථාන අතරින් පැරකුම්බා රාජ සමයට
අයත් හොරණ රජමහා වෙහෙරට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. ශ්‍රී‍්‍ර ලංකාවේ
දැනට පවත්වාගෙන යන මහ පිරිවෙන් අතරින් ප්‍රකට මහ පිරිවෙනක් වන හොරණ
විද්‍යාරත්න විශ්වවිද්‍යාලයීය පිරිවෙනද මෙම විහාර භූමියේ පිහිටා ඇත.
එයද හොරණ රජමහා වෙහෙරෙහි කීර්තිය තවත් වර්ධනය වීමට හේතුවක් වී තිබේ.
රජමහ විහාරාධිපති හොරණ
පඤ්ඤාසේකර නා හිමි |
හොරණ රජමහ වෙහෙරෙහි දියුණුව නියත වශයෙන් උදාවී ඇත්තේ දහතුන් වැනි
සියවසෙන් පසුවය.පස්වැනි පරාක්‍රමබාහු නිරිඳුන්ගේ මහ ඇමැතිවරයා ලෙස
කටයුතුකළ දේව ප්‍රතිරාජයන් විසින් හොරණ පෙදෙසේ අරමක් තනවන ලද බැව්
පූජාවලියෙහි සඳහන් වන බවත් හොරණ රජමහා වෙහෙර යන නම ප්‍රකට වන්නට පෙර
මෙම ස්ථානය හැඳින්වූයේ පතිරාජ පිරිවෙන නමින් බවත් හිටපු පුරාවිද්‍යා
කොමසාරිස් ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා පෙන්වාදී ඇත. ලංකා සාහිත්‍ය
මණ්ඩලයේ ආරාධනාවෙන් කොළඹ රාජකීය විදුහලේ පැවැත්වූ දේශනයකදී ඔහු විසින්
මේ බව අනාවරණය කරන ලද්දේ කලකට ඉහතදීය.
සවැනි පැරකුම්බා හා සවැනි බුවනෙකබාහු රාජ්‍ය සමයේ ඉතාමත් දියුණූ
තත්ත්වයක පැවැති පතිරාජ පිරිවෙන හා හොරණ රජමහා විහාරස්ථානය
පෘතුගීසින්ගේ ආක්‍රමණයට ලක්වීමෙන් කඩා බිඳ දමා බිමට සමතලාකර දමනු
ලැබිණි. අනතුරුව ජනශූන්‍ය පෙදෙසක් බවට පත් වූ මේ ප්‍රදේශය වල්බිහි
වන්නට විය.
අනතුරුව හොරණ රජමහ විහාර භූමිය ප්‍රථමයෙන්ම සොයා ගනු ලැබ ඇත්තේ
දළුපිටියේ අත්තදස්සි නම් හිමිනමක විසිනි. විහාර භූ®මියට සමීපව ඇති
ඇල්ලේ කන්ද පාමුල කුඩා කුටියක් ඉදිකරගෙන භාවනායෝගීව වැඩ විසූ උන්වහන්සේ
උදේ සවස විහාරස්ථානය පිහිටි භූමියට පැමිණීම සිරිතක් විය. භූ®මියේ වූ
ගල්කණු, සඳකඩ පහන් හා පැරැණි විහාරයේ නටබුන් දැක සංවේගයට පත්වූ
එහිමියන් විසින් ඒ අවධියේ රයිගම කෝරළයේ වැඩ විසූ භික්‍ෂූන් වහන්සේට
නායකත්වය දුන් වීදාගම ශ්‍රී සෝභිත නා හිමියන්ට ඒබව දැනුම් දෙනු ලැබිණ.
විද්‍යාරත්න විශ්වවිද්‍යා පීඨයට අයත් එක් ගොඩනැඟිල්ලක් |
උන්වහන්සේ එවකට පැවති බ්‍රිතාන්‍ය රජය සමඟ වසර දහයක් පුරා ලිපි හුවමාරු
කර ගෙන හොරණ, රජමහ විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට අවසර ලබා ගෙන
ඇත්තේ දහසක් දුෂ්කරතා මධ්‍යයේය. බෞද්ධ මහජනතාවගේද සහාය ලබා ගත් සෝභිත
හිමියන්, පෘතුගීසින් කඩා බිඳ දමා තිබුණු විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කර
1870 වසරේදී යළිත් විවෘත කර තම ශිෂ්‍යවරයකු වූ කුඹුකේ මේධංකර හිමියන්ට
භාරකාරත්වය පවරා දී ඇත්තේ ඉන් පසුවය. හොරණ රජමහා විහාරස්ථානය මේ වන විට
සියලු විහාරාංගයන්ගෙන් සපිරුණු විහාරස්ථානයකි.
ඉපැරැණි රයිගම් රජ දහනට අයත් විහාරස්ථාන අතරින් පුරාවිද්‍යා වස්තුන්
වැඩිම සංඛ්‍යාවක් ඇත්තේද මෙම විහාරස්ථානයේය. අනුරාධපුර යුගයට අයත්
විදුරසුන්ගල, ඓතිහාසික බෝධින් වහන්සේ වටා ඉඳිකර තිබූ බෝධිඝරයේ නටබුන්
හා පොළොන්නරු යුගයේ නිර්මාණය කළ සඳකඩ පහන් තුනක්ද මෙම පුරාවිද්‍යාත්මක
වස්තූ®න් අතර වේ.
හොරණ රජමහ විහාරස්ථානයෙහි වර්තමාන විහාරාධිපති ධුරය හොබවනු ලබන්නේ
රයිගම හේවාගම සල්පිටි කෝරළත්‍රයේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත,
ශාස්ත්‍රපති හොරණ පඤ්ඤාශේඛර නා හිමියන් විසිනි. විහාරස්ථානයේ දියුණුව
සඳහා නා හිමියන්ගෙන් ඉටුවන්නේ අතිමහත් සේවාවකි. |