Print this Article


උතුරු තල්පිටිය භාවනා මධ්‍යස්ථානයේ පින්කම්

 උතුරු තල්පිටිය භාවනා මධ්‍යස්ථානයේ පින්කම්

බස්නාහිර පළාත් සමාජසේවා අමාත්‍යාංශයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ අනුග්‍රහයෙන් හා උතුරු තල්පිටිය ග්‍රාම සංවර්ධන සමිතියේ සංවිධානයෙන් උතුරු තල්පිටිය විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති හැඩිගල්ලේ වජිර හිමියන්ගේ අනුශාසනා පරිදි පින්කම් රාශියක් සංවිධානය කොට ඇත. පෙබරවාරි මස දෙවැනිදා පෙරවරු 8. 30 සිට පස්වරු 3. 00 දක්වා ලේ දන්දීමේ කඳවුරක්, ඇස් කන්නාඩි ප්‍රදානයක්, ඇස් පරීක්‍ෂා කර කාච ලබාදීම, රෝද පුටු හා අත්වාරු ප්‍රදානයක් සහ ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා ආධාර දීමක් සිදු කෙරේ. - වාද්දූව සංචාරක