UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

උඳුවප් අමාවක ජනවාරි 11 වනදා සිකුරාදා

මවු පිය පදවිය

මෙලොව ලැබිය හැකි උතුම් පදවි අතර මවු පිය පදවිය ලැබීම පවා මහත් වාසනාවක් ලෙස සැලකිය හැකිය. මවු පදවිය, පිය පදවිය ඉතා උතුම් වන්නේ කරුණු රැසක් මුල් කරගෙන ය.

කවර තරාතිරමක වුව ද ඕනෑම මවුපිය දෙපළකට මෙ ලොව ඇති වටිනාම වස්තුව වන්නේ තම දූ පුතුන් ය.දරුවකු මෙ ලොවට බිහිවීමට මවුකුස පිළිසිඳ ගත් දා පටන් එම මව තම කුසින් බිහිවීමට සිටින දරුවා ආරක්‍ෂා කර ගැනීමට දරනුයේ මහත් වෙහෙසකි. සිය පියා ද ඊට නො දෙවැනි මෙහෙවරක් කරනුයේ දරුවා මෙලොවට බිහි කිරීමේ අපේක්‍ෂාවෙන් පසුවන බිරිඳට අවශ්‍ය කරන සියලු සම්පත් ළඟා කර දෙමිනි.

මවු පියවරු, තම දූ, පුතුන් කෙරෙහි සිව් බඹ විහරණයෙන් යුක්තය. ඒ මිනිස් සමාජයේ දරුවන් වෙත දක්වන සැලකිල්ලෙන් එක් කරුණක් පමණි.

මිනිස් සමාජයේ පමණක් නොව තිරිසන් සත්ත්වයන් වෙසෙන තිරිසන් ගත සමාජයේ තිරිසන් සතුන් පවා තමන්ගේ දරුවන් හැදෙන වැඩෙන තුරු කෑම ටික පවා සොයා ගෙනවිත් කෑම කෑමට පවා හුරු පුරුදු වන තෙක් මහත් ඇල්මෙන් සෙනෙහසින් රැක ගනිමින් කටයුතු කිරීම සිරිත ය.

බාහිර වශයෙන් පැමිණෙන කවර උවදුරකදී වුවද, ඒ තිරිසන් සතුන් පවා තම දරුවන් රැක ගැනීමට ගත හැකි සෑම උත්සාහයක් ම දැරීම දක්නට ලැබෙන සුලභ දසුනක් වේ.

ඇතැම් විට ඒ තිරිසන් සතුන් අතරේ පවා ඇති ඇතැම් ආදර්ශමත් යහපත් දේ සමහර විට අපේ මිනිස් සමාජයේ කලාතුරෙකින් හෝ වෙසෙන ඇතැම් මවු පියවරුන් වෙතින් ගිලිහී යාමට පටන් ගත හොත් අපේ සමාජය ගුණ දහම් වෙතින් අගාධයට පත්වීම වළක්වා ගත හැකි වේද?

පුංචි දරුවන් මල් මෙන් මෘදුය. මොළොක් ය. මවුපිය දෙපළගෙන් ලැබෙන යමකින් සතුටුවීම ඒ කුඩා දරුවන්ගේ ස්වභාවයයි. අවාසනාවකට මෙන් ඇතැම් පියෙකුට තම දරුවාගේ ජීවිතය ගැනවත් කිසිඳු තැකීමක් නැත.

තම සෙනෙහෙබර දරුවාගේ ජීවිතය අකාලයේ මිලින කිරීමට තරම් ඇතැම් පියෙකු කුරිරු වන්නේ නම් එය අවාසනාවකි. හැදෙන වැඩෙන කුඩා දරුවකු පියා නිසා ජීවිතයකින් වන්දි ගෙවන්නේ නම් එය අපේ සංස්කෘතියට සිදුවන මහත් හානියක් නොවේද? මිනිස් කමටවත් උහුලා දරා ගත නොහැකි එවැනි අපරාධවලට යොමුවන්නන් අපේ සමාජයට, මිනිස්කමට සිදු කරනුයේ අවමානයක් නොවේද?

දරුවන්ට සියලු සැප සම්පත් ලබා දෙමින් දරුවන් රැක බලා ගන්නා කාරුණික, ගුණවත් මවුපියවරුන්ට පවා ඔවුන් කරනුයේ මහත් අවමානයක් නොවේද?

නීතිගරුක ජීවිතයක් ගත කිරීම මෙන්ම සදාචාරවත් ගුණ ගරුක ජීවිතයක් ගත කිරීම දරුවන් හදන වඩන මවුපියවරුන් සතු මහඟු යුතුකමක් වනු ඇත. සමාජයේ යහ පැවැත්ම සුරක්‍ෂිත කිරීමට කටයුතු කිරීම මවුපිය වගකීම වේ.

කවර අපරාධයක් සිදු කළද, නීතියේ රැහැනින් ඈත් වී හෝ ඇස නොගැටී සිටීමට නම් අවස්ථාව නොලැබේ. සාමය සුරකින, අගයන සෑම අංශයක්ම එබඳු අපරාධ සොයා මහත් වෑයමක් දරා අපරාධකරුවා නීතියේ රැහැනට යොමු කර ගැනීමට ගන්නා උත්සාහය ද අගය කළ යුතු වේ.

එපමණක් නොව තම දරුවකු අකාලයේ මිලින කළ වරද සිය දහස් වාරයක් තම සිතිවිලි අතරේ තමාටම මහත් වද දෙන්නක් වී සිතින් දුක්විඳිමින් පසුතැවිල්ලට ලක්වීම එබඳු අයකුට වැළකිය නොහැකි ය.

එබැවින් වසර දෙදහස් ගණනක ශ්‍රේෂ්ඨ අතීතයකට උරුමකම් කියන අපගේ සංස්කෘතිය රැක ගැනීම මේ යුගයේ වෙසෙන අප සැමගේ යුතුකම වේ.

තම තමන්ගේ දරුවන්ට, ගෙන් ගෙට බුදුවරු වැනි වටිනා මවුපියවරු වෙසෙන සමාජයක කලාතුරෙකින් හෝ දරුවන්ට මවුපියවරුන්ගෙන් සිදුවන අකටයුතු දුරු කර ගුණවත්, නැණවත්, බුද්ධිමත් ජීවිත ගත කිරීමට කල්පනා කළ යුතු වෙමු.

මවු පදවිය, පිය පදවිය දරුවන්ට ආශිර්වාදයක් පිණිසම වේවා. ඒ උතුම් මවු පියවරුන් සමාජයට ආදර්ශයක් වේවා.

 

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය ජනවාරි මස 11 වැනි දා සිකුරාදා පූර්වභාග 04.37 ට ලබයි.
12 වැනි දා සෙනසුරාදා පූර්වභාග 01.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 11 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජනවාරි 18 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසෙලාස්වක

ජනවාරි 26

Second Quarterඅව අටවක

පෙබරවාරි 03


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]