පුනරුප්පත්ති ලිපි - (07)
මරණාසන්න අත්දැකීම
මරණය යන ධර්මතාව සැමටම පොදු වූවක් බැවින් එහි අත්දැකීම වන්නේ ද මරණයට
පත්වීම බවයි. එහෙත් වෛද්‍යවරු විසින් කරන ලද පරීක්ෂණ ඔස්සේ මේ පිළිබඳව
යම්
අවබෝධයක් ලබා ගත හැකි ය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
හිටපු කථිකාචාර්ය
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි
පෙර සාකච්ඡාවේදී ශරීරයෙන් සිත වෙන්වන අවස්ථාවන් පිළිබඳව සාකච්ඡා
කෙළෙමු.
මෙවර අපගේ අවධානය යොමු වන්නේ මරණය සම්බන්ධ අත්දැකීම් කීපයක් විස්තර
කිරීමටය.
මරණාසන්න අත්දැකීම ජීවන ගමනේදී විස්තර කළ හැක්කේ කෙසේද ?
මෙය තනි පිළිතුරක් දීමට අපහසු ප්‍රශ්නයකි. ඊට හේතුව මරණය යන ධර්මතාව
සැමටම පොදු වූවක් බැවින් එහි අත්දැකීම වන්නේද මරණයට පත්වීම බවයි. එහෙත්
වෛද්‍යවරු විසින් කරන ලද පරීක්ෂණ ඔස්සේ මේ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත
හැකිය.
කිසියම් හේතුවක් නිසා අනතුරකට ලක්වීම රෝගයකින් පෙළීම, දිවි නසා ගැනීම
ආදී කවර හේතුවක් නිසා හෝ කෙනෙකු මිය ගිය පසු වෛද්‍යවරුන් විසින් ඔහු
මිය ගිය අයෙකු ලෙස වෛද්‍ය විද්‍යානුකූලව නිගමනයකට එළැඹි පසුව යමෙකු
නැවතත් සිහිය ලැබ නව ජීවයක් ලද විට ඒ මිය ගිය අවස්ථාවේ සිට නව ජීවය ලද
අවස්ථාව දක්වා කාලය තුළ ඒ පුද්ගලයා අත්විදි අත්දැකීම් මරණාසන්න
අත්දැකීම් ලෙස සඳහන් කළ හැකි ය. එනම් යමෙකුගේ කායිකව මිය යෑමේ සිට (මනෝ
කාය වෙන්වීම) නැවත ජීවිතය ලැබීම අතර කාලයයි. මෙම කාලය විනාඩි 5 සිට පැය
දක්වා දිවෙන බව වෛද්‍යවරුන්ගේ මතය යි.
මනෝ වෛද්‍යවරියක වන එළිසබෙත් කැබ්ලර් රෝස් මහත්මිය දිගු කලක් තම රෝගීන්
සමඟ ගත කැරමින් ලද අත්දැකීම් වලින් පසු ඇය විසින් “මරණින් මතු ජීවිතය”
”ON LIFE AFTER DEATH” නමින් පොතක් ලියා පළකරන ලදී” එහි
සඳහන් වූ එක්තරා අත්දැකීමක් මෙසේය.
1943 දී නිව්මෝනියා රෝගය වැළදීම නිසා ඇමරිකානු හමුදා නිලධාරියෙකු වන
ජෝර්ජ් රිච් මරණයට පත් විය. ඔහු මිය ගොස් ඇති බව වෛද්‍යවරුන් සහතික කළ
පසුව ඔහුගේ සිරුර මෘත ශරීරාගාරයට ගෙන යන අවස්ථාවේ මළමිනියේ අතක්
සෙලෙවනු එක් සහායෙකු දැක ඇත. මේ ගැන ඔහු සහතික කොටම කියන ලද නිසා
වෛද්‍යවරුන් නැවත බෙහෙත් එන්නත් ගත කළ විට රීච්ට නැවත ජීවත්වීමේ වරම්
උදාවිය.
නැවත පණ ලද පසු මරණය සිදු වූ අවස්ථාවේ ඔහු ලද අත්දැකීම් පිළිබඳව ඔහු
විස්තර කරන ලදී. මරණින් පසුව නැවත ජීවත්වීමේ වරම ලබන තෙක් ඔහු අමුතු
ලෝකයකට පාවෙමින් මෙන් ජීවත්ව ඇත. ඔහුට නැවත තම භෞතික කය වෙත පැමිණ එය
හඳුනා ගත හැකි වූයේ වම් අතේ පැළඳ සිටි මුඳුව නිසා බව ඔහු පවසා ඇත.
එම මුදුව නොතිබෙන්නට එහි අනෙකුත් මෘත ශරීර කීපය අතුරින් තම ශරීරය වෙන්
කැර හඳුනා ගත නොහැකි වන බව පවසා ඇත.
තවත් අවස්ථාවක හදවත් සැත්කමක් සිදු කළ වෛද්‍යවරයෙකුට පුදුම සහගත
අත්දැකීමකට මුහුණ පෑමට සිදුව ඇත.
එනම් සැත්කම සිදු වෙමින් තිබියදී රෝගියා දෑත විහිදුවා පියාසර කරන
විලාසයක් නිරූපණය කිරීමයි.
මෙයින් ප්‍රධාන වෛද්‍යවරයා ඇතුළු කණ්ඩායම සිහිය ලැබූ පසු රෝගියාගෙන් ඒ
ගැන විමසා ඇත.
එවිට රෝගියා පවසා ඇත්තේ ඔහු මිය ගිය ඥාතිවරයෙක් හමුවීමෙන් පසු නැවතත්
තම සිරුර වෙත පැමිණි බවයි.
1982 දී ලංකාවේ සිදු කළ පරික්ෂණයේදී වෛද්‍යවරු මෙබඳු අත්දැකීමකට මුහුණ
පා ඇත. ශාන්ති නම් උපාධිධාරී තරුණියක් රෝහලේ ශල්‍යාගාරයේදී සැත්කමකට
භාජනය කරන ලදී. එහිදී නිර්වින්දනය සිදු කරන අවස්ථාව ඇයට දක්නට ලැබිණි.
ඉන් අනතුරුව ඇයට දක්නට ලැබුනේ පාළු වූ නිවසක් වෙත ඇය ගමන් කරන ආකාරයයි.
එහි වටවූ ප්‍රදේශයක් වෙත ඇය පාවී ගියාය.
එහිදී ඇයට මිය ගිය ඥාතිවරියක් හමු විය. එම ඥාතිවරිය ඇය දැඩි ලෙස ආදරය
කළ තැනැත්තියක් වූවාය. ඇය නිවස තුළට ගමන් කිරීමට කීප විටක්ම උත්සාහ
ගත්තද එහි නොපැමිණෙන ලෙස ඥාතිවරිය ඇයට කියා සිටියාය. ඒ අනුව ඇය නැවත
පැමිණි බව පැවැසුවාය. එසේ පැමිණි ඇයට දක්නට ලැබුණේ තමා වටා සිටි ශල්‍ය
වෛද්‍යවරයා සහ හෙදියන් බව ඇය පවසා ඇත.
මෙසේ ශරීරයෙන් සිත ඉවතට ගොස් ලබන අත්දැකීම් හඳුන්වන්නේ සිරුරෙන් බැහැර
අත්දැකීම් ලෙසය. (Out of Body Experience)
මෙම මරණාසන්න අත්දැකීම් පිළිබඳ ගවේෂණයක් කළ මූඩී (Moody) නමැත්තා තම
Life ‘After Life’ නම් ග්‍රන්ථයේදී එම අත්දැකීම්වල පොදු ලක්‍ෂණ
කීපයක් මෙසේ ගොනු කැර ඇත.
කවර හෝ භාෂාවකින් හෝ වචන වලින් පැහැදිලි කළ නොහැකි අන්දමේ අත්දැකීම්
ලැබීම.
සාමය හා නිශ්චලතාව පිළිබඳව හැඟීමක් තිබීම,
අසාමාන්‍ය ශබ්ද ඇසෙන්නට ලැබීම,
අඳුරු උමඟක් වැනි දෙයක් දක්නට ලැබීම,
තමා තම සිරුරට බැහැරින් සිටිනු දක්නට ලැබීම,
භූතාත්ම මුණ ගැසීම,
ඉතා දීප්තිමත් ආලෝකයක් දක්නට ලැබීම,
තම ජීවිත අත්දැකීම් පිළිබඳව දක්නට ලැබීම,
තමාට යා හැකි සීමාවක් දැක ගන්නට ලැබීම,
නැවතත් තම සිරුරට ඇතුළුවීම,
තමාට සිදුවූ දේ අන් අයට පැවැසීමට උත්සාහ කිරීම,
මරණයට ඇති බිය තුරන්ව යෑම ආදිය සිරුරෙන් පරිබාහිරව ලබන පොදු අත්දැකීම්
වේ.
සටහන
බණ්ඩාර පිලවල
පුනරුප්පත්ති ලිපි - (06) භෞතික කයෙන් වෙන්වන මනෝ කායේ ක්‍රියාකාරීත්වය
|