බෙන්තොට ගලපාත රජමහා විහාරස්ථ පෙරහර
ගීතා සමන්මලී කුමාරසිංහ
ශ්‍රී.ල.නි.ප. ප්‍රධාන සංවිධායිකා, බෙන්තර - ඇල්පිටිය
බෙන්තොට ඓතිහාසික ගලපාත රාජමහා විහාරස්ථානය වූ කලී දකුණුලක පිහිටි අති
පැරණි, පරම පූජනීයමෙන්ම රමණීය බෞද්ධ සිද්ධස්ථානයකි. වෙසෙසින්ම අනුබුදු
මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ නමක් මෙම
විහාරස්ථානයේ වැඩ සිටීම දකුණු ලකට මෙන්ම මුළු දිවයිනට ද වාසනාවකි.
මෙම මහා කාශ්‍යප දන්ත ධාතූන්වහන්සේ ගලපාත විහාරයෙහි වැඩ සිටීම පිළිබඳ
වූ වංශකතාව ලංකා ඉතිහාස ග්‍රන්ථවල පැහැදිලිව සඳහන් වේ.
පූජාවලියේ සඳහන් වී ඇති පරිදි පෙරදී විහාරයේ දළදා මැදුරක වැඩ සිට මෙම
දන්ත ධාතුව දෙවන පැරකුම් රජු විසින් දැනටද විහාරයේ පිහිටි පැරණි චෛත්‍ය
රාජයා තුළ නිධන් කළ බව ප්‍රකටය.
මෙම මහා කාශ්‍යප දළදා වහන්සේ ගලපාත විහාරයට ලැබීම පිළිබඳව ලංකාවේ පුරා
විද්‍යා කොමසාරිස් ධුරය දැරූ ඊ.ආර්.අයි. ඊටන් මහතා 1920 පෙබරවාරි 14 දා
තවත් පුරා විද්‍යාඥයින් දෙදෙනකු සමඟ ගලපාත විහාරයට පැමිණ ගවේෂණ කටයුතු
කර එළඹුණු නිගමනයකට අනුව සටහන් කරන ලද එම ප්‍රකාශය මෙසේයි.
දුටුගැමුණු රජ කාලේ මහා කාශ්‍යප දළදා වහන්සේ දඹදිවින් අනුරාධපුරයට ලැබී
අනුරාධපුරයේ එක් රහතන්වහන්සේ නමක් විසින් එවකට රහතුන්වහන්සේගේ
නිජභූමියක් වූ ගලපාත විහාරයට වැඩම කරන ලද්දේයැයි ද, මේ ප්‍රවෘත්තිය කනට
වැටුණු දුටුගැමුණු රජතුමා වහාම සිය මලණු සද්ධාතිස්ස රජුන් බෙන්තොටට එවා
මහා කාශ්‍යප දළදා වහන්සේ වැඩ සිටින විහාරය අංග සම්පූර්ණ සංඝාශ්‍රමයක්
කළේ යැයි ද පුරා විද්‍යා කොමසාරිස් ඊ.ආර්.අයිර්ටන් මහතා කියයි. මේ බව
මහා වංශයේ ද පැහැදිලිව සඳහන් වේ.
පොළොන්නරු යුගයේ දී පළමුවන විජයබාහු - කීර්ති නිශ්ශංකමල්ල පළමු
පරාක්‍රමබාහු ආදී රජවරු මෙම විහාරය දියුණු කර කාශ්‍යප දළදා වහන්සේට
මහත් පූජෝපහාර පැවැත්වූහ. දඹදෙණියේ දෙවන පැරකුම් සමයවනතෙක් මහා කාශ්‍යප
දළදා වහන්සේ වැඩසිටියේ ගලපාත විහාර භූමියේ සාදවා තිබූ දළදා මැදුරකය.
ඉන් පසුවය අද අපට දක්නට ලැබෙන විහාරස්ථ චෛත්‍යය තුළ නිදන් කර ඇත්තේ එම
පැරණි චෛත්‍ය මීට වසර 240 කට පමණ පෙරදී නැවත ප්‍රතිසංස්කරණය කරවීමේ දී
කාශ්‍යප දන්ත ධාතූන්වහන්සේ එළියට වැඩමවා මහජනතාවට වැඳ පුදා ගැනීමට
සතියක් ප්‍රදර්ශනය කළ බව ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වේ. මෙම ධාතූන්වහන්සේට
පූජෝපහාර දැක්වූ අයුරු ඉතිහාස ග්‍රන්ථවල පැහැදිලිව සඳහන් වේ. එය
මහාවංශයෙහි සඳහන් වන්නේ ‘ධාතු පූජං පවත්තෙසි - මෝදමානෝ දිනත්තයං’
යනුවෙනි. එහි අර්ථය ‘පී‍්‍රති ප්‍රමෝද්‍යයෙන් යුක්තව දන්ත ධාතු පූජාව
පැවැත්වීය’ යන්නයි. දෙවෙනි පැරකුම්බා රජු මහා කාශ්‍යප දළදා උත්සවය කළ
අයුරු පූජාවලියේද සඳහන් වේ. පැරකුම් රජු පුරා රාත්‍රී තුනක් බෙන්තර ගම
වටකර එනම් රවුම් පාරේ (අද පෙරහර ගමන් කරන රජ මාවත) පහන් වැට සාදවා
මලින් සුවඳින් පුදා පහන් පූජාවෙන් මෙම පූජෝපහාර කළ බව එහි සඳහන් වෙන්නේ
මෙසේ ය. ඔබ කෙරේ උපන් මහත් වූ ශ්‍රද්ධාවෙන් මහත් වූ මංගල්‍යයෙන් සිව්
රඟ සෙනඟ හා සමඟ බෙන්තොට ගොස් ඔබගේ දළදා දැක උපන් මහත් වූ පී‍්‍රතියෙන්
පිනා ඒ සා දනව්ව සිසාරා ඇව්රි බඳවා තුන් දිව්‍ය රාත්‍රියක් බතින් මලින්
සුවඳින් පුදා මහත් වූ ප්‍රදීප පූජාවෙන් පින් රැස් කළහ. යනුවෙනි.
ඓතිහාසික තොරතුරු අනුව දෙවන පැරකුම්බා රජු ආරම්භ කළ මෙම කාශ්‍යප දළදා
පූජෝත්සවය රජ නියමයෙන් වාර්ෂිකව අඛණ්ඩව පවත්වාගෙන ආ බව ඉතිහාසයේ සඳහන්
වේ.
කුරුණෑගල රාජධානිය කර විසූ 4 වන පණ්ඩිත පරාක්‍රමබාහු රජු විසින් ශ්‍රී
සර්වඥ දළදා වහන්සේට මෙන් මෙම මහා කාශ්‍යප දළදා හිමිටත් පුද සිරිත්
පැවැත්විය යුතු යයි ව්‍යවස්ථාපන්තියක් පනවන ලද බවත් මතු ඇතිවන සියලු
රජදරුවන් විසින් ද මේ දළදා දෙනමටම පුද සිරිත් පැවැත්විය යුතු යැයි ද
නියම කළ බවත් එකල ලියවුණු ‘දළදා සිරිත’ නම් ග්‍රන්ථයේ සඳහන් වේ.
දෙවැනි පැරකුම් රජු පටන්ගත් මෙම දළදා උත්සවය 1568 නොවැම්බර් 05 වන දා
ගලපාත විහාරයට එල්ලවූ පෘතුගීසි ප්‍රහාරයෙන් පසු නැවතී ගොස් ඇත. එදින
පෘතුගීසීහු විහාරය සතු වූ සියලු වටිනා දේ කොල්ලකාගෙන විහාරයේ දේපළ
රැසක්ම විනාශ කළහ. වාසනාවකට මෙන් චෛත්‍යයේ නිදන් කර තිබූ කාශ්‍යප ධාතුව
ඔවුන් අතට පත් නොවිණි. යටත් විජිතවාදී කිසිවෙකුට එකල බෙන්තොට ප්‍රදේශයේ
එක පවුලක්වත් අබෞද්ධයන් කළ නොහැකි වූයේ ද මෙම ධාතූන්වහන්සේගේ
ප්‍රාතිහාර්යයක් නිසා විය යුතු ය. පෘතුගීසි ප්‍රහාරයෙන් පසුව මේ
පූජෝත්සවය ආරම්භ කිරීමේ ගෞරවය අපවත් වී වදාළ විහාරාධිපති ඇලකාගේ
පඤ්ඤාවාස නාහිමියන්ට හිමිවේ. එතැන් පටන් කෙරීගෙන ආ ‘බෙන්තොට ශ්‍රී
අනුබුද්ධ මහා කාශ්‍යප දළදා පූජෝත්සවය මහ පෙරහර’ මෙවරත් පැවැත්වීම
පිළිබඳව අප කාටත් සතුටු විය හැක. ඉකුත් 29 දා රාත්‍රී බෙන්තොට පෙරහර
පැවැත්වීමට සංවිධානය කර තිබිණි.
|