සසර අත් නොහරින බැඳුම් වරපට
ජම්මික ප්‍රබෝධනී වැලිකල
‘පියෙහි විප්පයොගො දුෙක්‍ඛා’ පි‍්‍රයයන්ගෙන් ලබන ආදරය, කරුණාව, දයාව
ආදී ගුණාංගයන්ගෙන් දුරස්වීමට ලැබීම සසර සැරිසරන සත්වයාට ඉමහත් දුකකි.
පි‍්‍රයයන් හා දැඩි බැඳීම නිසා ඇතිවන තෘෂ්ණාවෙන් ශෝකය උපදින බව බුදුන්
වහන්සේ ද වදාරා ඇත. මෙය මිනිසාට පමණක් නොව සතා සිවුපාවාට ද පොදු වූ
සත්‍ය ධර්මතාවක් බව පෙන්වා දෙන පුවතක් පසුගියදා අලවතුගොඩ නම් ගමෙහි
පැවැති අවමංගල උලෙළකදී අසන්නට ලැබුණි.
ඒ බළල් සුරතලෙකු ගැන ය. වෙනදා මෙන්ම නිවැසියන්ගේ උකුළට වී සුරතල් වන
සුරතලා කලබලයෙන් නොසන්සුන් ලෙස හැසිරෙන්නේ තම ස්වාමියා රෝහල් ගත වීම
නිසා ය. එහෙත් ඒ නොසන්සුන් බව තවත් උග්‍ර වූයේ අසූ වියැති තම ස්වාමියා
ලෝක ධර්මතාව සනාථ කරමින් මිය ගිය බැවිනි.
නිවසට රැගෙන ආ දේහය අසළ ශෝකයෙන් වැළපුණු ඥාතීන් අතරට මේ බළල් සුරතලා ද
එක් වූයේ අසළ සිටින්නන්ගේ ද දෑසින් කඳුළැලි වගුරුවමින් ය. ශීතල වූ නිසල
දේහය අසළ වැතිරුණු බළල් සුරතලාට වෙනදා මෙන් තම ස්වාමියාගේ උණුසුම
නොදැනුනා සේ ය. දේහය හැර නොයමින් ඒ අසළ නිසොල්මනේ වැතිර සිටි සුරතලාගේ
ශෝචනීය දසුන බලා සිටියවුන්ගේ හද කම්පා කරවන සුළු විය. අවමඟුල් උළෙලට
සහභාගි වූ ඥාති මිත්‍රාදීන් බොහොමයක් තම ජංගම දුරකථනයන්හි කැමරා කාච
තුළ මෙම අසාමාන්‍ය දර්ශනය රූපගත කළහ.
තෙදිනකට පසු අවසන් කටයුතු සිදුවුණු අතර එහි දී ද ශෝකයෙන් දේහය හැර
නොගිය බළල් සුරතලා අසළින් ඉවත් කළේ ඉතා අසීරුවෙනි. තම ස්වාමියාට දැක්
වූ ලෙන්ගතුකම නිසාම දේහය හැර යාමට තරම් ශක්තියක් මෙම සිවුපාවාට ඇති
නොවුණා සේය. මෙම අපූර්ව සිදුවීම පාංශුකූලයට වැඩම කළ ස්වාමීන් වහන්සේගේ
ද විමතියට හේතු විය.
බුදුපියාණන් වහන්සේ ද අද වැඩ සිටියා නම් මේ සසර ගත බැඳීම කුමක්දැයි අපට
පැහැදිලි කර ගැනීමට හැකිවනු නියතය. පසුගියදා සිදු වූ මෙම සිදුවීම සේම
තවත් සසරගත බැඳීමක් පිළිබඳ කතාවක් පන්සිය පනස් ජාතක කතා පොතෙහි දැක්වෙන
‘අභිණ්ණක ජාතකයෙන්’ සඳහන්ව තිබේ. දිනක් බුදුපියාණන් වහන්සේ දෙව්රම්
වෙහෙරෙහි වැඩ සිටිය දී එක් උපාසකයකු හා වියපත් වූ තෙරුන් වහන්සේ නමක්
මූලික කර ගනිමින් මෙම ජාතක කතාව වදාරන ලදී. සැවැත්නුවර මිතුරෝ දෙදෙනෙක්
වූහ. එයින් එක් අයෙක් පැවිදි වී උපාසකගේ නිවසට නිබඳවම වැඩම කරමින් දානය
ලබා ගත්හ. උපාසක මිතුරා ද විහාරස්ථානයට නිබඳවම පැමිණෙමින් භික්‍ෂූන්
සමඟ සතුටු සාමිචියේ යෙදුණේ ය. දෙදෙනා අතර වූ මෙම කතාබහ බොහෝ විට දහම්
කරුණු විය හැකි ය. ඇතැම් දිනක උපාසක මිතුරා විහාරස්ථානයෙන් පිට වී
යද්දී භික්‍ෂූන් වහන්සේත් මිතුරා සමඟ වාහල්කඩ සමීපය දක්වාම වැඩම කළහ. ඒ
තරමටම දෙදෙනා සමීප වී සිටියහ.
බොහෝ දෙනාගේ කතා බහට ලක් වූ මෙම සුවිශේෂී පුවත දම්සභා මණ්ඩපයට රැස් වූ
භික්‍ෂූන් වහන්සේලාට ද දැනගන්නට ලැබුණහ. එහිදි එම ස්ථානයට වැඩම කළ
බුදුපියාණන් වහන්සේ මෙම දැඩි මිතුදමේ රහස පෙර සසර ගමන් මඟෙහිදීත් මෙසේ
යැයි වදාළහ.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමාගේ ප්‍රඥාවන්ත ඇමැතිතුමා වූයේ
බෝසතාණන් වහන්සේ ය. එකල රාජකීය ඇත්හලෙහි විසූ ඇතෙකු ආහාර ගනිද්දී වැටෙන
බත් පිඬු අහුලා කෑමට එක්තරා සුනඛයෙක් පුරුදු වී සිටියේ ය. මේ සුනඛයා
නිරතුරුවම ඇත් හලට පැමිණෙද්දී ඇතා සමඟ කුළුපඟ වූයේ ය. ක්‍රමයෙන්
දෙදෙනාට දෙදෙනාම නොදැක සිටීමට අසීරු විය. විටක සුනඛ මිතුරා ඇත්
මිතුරාගේ හොඬවැල අල්වාගෙන ඒ මේ අත පද්දවමින් කෙළි දෙලින් සිටිමින්
සතුටු විය. මෙසේ කාලය ගෙවී යද්දී ඇත් හලට පැමිණි එක්තරා මිනිසෙක්
ඇත්ගොව්වාගෙන් සුනඛ මිතුරා මිලට ගෙන තම ගමට ගෙන ගියේ ය.
සුපුරුදු පරිදි සුනඛ මිතුරා දැකීමට නොහැකි වී හුදෙකලා වූ ඇත් යහළුවා
දරා ගත නොහැකි ශෝකයෙන් නොකා නොබී සිටිමින් කාලය ගත කළේ ය. නිරාහාරව
සිටීමෙන් කෘෂ වී දුර්වල වන ඇතාගේ තතු විමසන්නැ’යි රජතුමා බෝසත්
ඇමැතිතුමාට පැවැරුවේ ය. ඇතා පිළිබඳ තොරතුරු දැනගත් ඇමැතිතුමා මේ ගැන
රජතුමාට පවසා ඊට කදිම උපදේශයක් ද ලබා දුන්නේ ය. යමකු සමීපයේ සුනඛයා
සිටියහොත් ඔහුට මෙපමණ දඩ යැ’යි අණබෙර කරුවන් යවන්නැයි රජතුමාට දැන්
වූයේ ය. ප්‍රඥාවන්ත ඇමැතිතුමාගේ අදහසට එකඟ වූ රජතුමා අණ බෙර කරුවන්
යැවී ය.
මෙයින් බියට පත් වූ පුරුෂයා සුනඛයා නිදහස් කළේ ය. අපමණ පී‍්‍රතියට පත්
වූ සුනඛයා ඇත් මිතුරා සමීපයට දිවගෙන ආවේ ය. ඇත් මිතුරා ද තම සොඬින්
සුනඛයා ගෙන පිට මත තබා සුරතල් පාමින් සතුටට පත් වී පසුව ආහාර ගත්තේ ය.
මෙයින් මහත් සේ සතුටට පත් වූ බ්‍රහ්මදත්ත රජතුමා ප්‍රඥාවන්ත බෝසත්
ඇමැතිතුමාට සම්පත් බහුලව ලබා දුන්නේ ය. එදා ඇත් මිතුරා වූයේ බුදුන්
වහන්සේ වැඩ සිටි සමයේ වයෝවෘද්ධ වූ භික්‍ෂූන් වහන්සේ ය.
සුනඛයා උපාසක බවත් පණ්ඩිත ඇමැතිතුමා බුදු වූ මම ම වෙමි’යි වදාළහ.
මිනිසුන් සහ සතුන් අතර ද ගොඩනැඟෙන අසාමාන්‍ය මිතු දම පෙර සසර ගමන්
මඟෙහිදිත් පැවැත එන බැඳීම් බව බුදු දහමට අනුව අපට තේරුම් ගත හැකි ය.
සසර මඟ දිගු කරවන මෙම බැඳීම් හමුවේ ලැබෙන සැප, දුක තුලනය කර ගැනීමට අප
පුරුදු පුහුණු විය යුතු ය. පි‍්‍රයයන්ගෙන් වෙන්වීම හා එක්වීම නමැති
පොදු ධර්මතාවේ දී සතුට සේ දුක එකසේ උපේක්‍ෂාවෙන් විඳ දරා ගැනීමට හැකි
ලෙස මනස දියුණු කර ගත හැකි නම් එවන් මිනිසාට නිවන් මඟ ද දුරස් නොවනු
ඇත.
(අභිණ්ණක ජාතකය ඇසුරෙනි)
|