දුමින්දාගමනයෙන් එළි වූ
අපගේ ගමන් මඟ
රුවන්වැලි මහා සෑ විහාරාධිකාරි
නුවර කලාවිය දෙපළාතේ ප්‍රධාන සංඝනායක
පල්ලේගම හේමරතන නාහිමි
සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ ආගමනය අපට වැදගත් වන ප්‍රධානම හේතුව වන්නේ
මෙරට භික්ෂුණී ශාසනය ඇරැඹීමට පියවර ගැනීමයි. එමෙන්ම ශ්‍රී මහාබෝධිය
මෙරටට වැඩම කරවීම ද විවිධ වු කලා ශිල්පීන් පැමිණීමද මෙහිදී අපට
වැදගත් වන බව කිව යුතුයි. දුමින්දාගමනය නමින් අප හඳුන්වන සංඝමිත්තා
මෙහෙණින් වහන්සේගේ පැමිණීම සිදුවූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අපට
වැදගත් වන්නේ මේ නිසයි
මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය ඇසූ අනුලා දේවිය ඇතුළු
පන්සියයක් කාන්තාවන් සෝවාන් ඵලයට පත්වූ බව මහාවංශයෙහි සඳහන් වනවා. මහත්
වූ සතුටට පත් අනුලා දේවිය දේවානම්පියතිස්ස රජු අමතා පැවිදි වීමට අවශ්‍ය
බව දන්වා සිටියා. ඒ බව මිහිඳු මා හිමියන්ට දැන් වූ විට මිහිඳු
මාහිමියන් වදාරා සිටියේ “ස්ත්‍රින් පැවිදි කිරීම අපට නොකැපය. මගේ
නැගණිය සංඝමිත්තා නම් බොහෝ උගත් මෙහෙණියෝ පැළලුප් නුවර වැඩ වෙසෙති.”
යන්නයි. මිහිඳු මා හිමියන්ගේ උපදෙස් මත ඉන්දියාවට දූත පිරිසක් යවා
සංඝමිත්තා මෙහෙණින් වහන්සේ මෙරටට වඩමවා ගැනීමට දේවානම්පියතිස්ස රජු
කටයුතු කළ බව මහාවංශයේ සදහන් වනවා.
සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ප්‍රමුඛ දූත පිරිසක් මෙරටට වැඩම කළේ උඳුවප්
පුන් පොහෝ දිනකයි. උන්වහන්සේ සමඟ කුල දහඅටකම අයත් පිරිසද පැමිණියා.මේ
සියලු ශිල්පීන් එක් එක් විෂයයන්ට මනා නිපුනතාවන් තිබූ අයයි.
සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ ආගමනය අපට වැදගත් වන ප්‍රධානම හේතුව වන්නේ
මෙරට භික්ෂුණී ශාසනය ඇරැඹීමට පියවර ගැනීමයි. එමෙන්ම ශ්‍රී මහාබෝධිය
මෙරටට වැඩම කරවීම ද විවිධ වු කලා ශිල්පීන් පැමිණීමද මෙහිදී අපට වැදගත්
වන බව කිව යුතුයි. දුමින්දාගමනය නමින් අප හඳුන්වන සංඝමිත්තා මෙහෙණින්
වහන්සේගේ පැමිණීම සිදුවූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අපට වැදගත්
වන්නේ මේ නිසයි. දුමින්දාගමනයෙන් අප ලැබූ දායාද අතර වැදගත්ම සාධකය ලෙස
අපට පෙන්වා දිය හැක්කේ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ප්‍රාදේශීය
මට්ටමින් බෞද්ධ සංස්කෘතිය විමධ්‍යගත වීමයි. අටලොස් කුලයට අදාළ ශිල්පීන්
තම කුසලතා අනුව රට පුරාම කලා ශිල්ප නංවාලීමට කටයුතු කළා.
එමෙන්ම බෝධි ආගමනය නිසා මෙරට සංස්කෘතිය විශාල නව ප්‍රබෝධයක් ඇති වුණා.
සංස්කෘතිකාංග ඇතුලත් පෙරහර ඉන් මුල් තැනක් ගත්තා. බෝධි පූජාව අතුළු
විවිධ පින්කම් ඇරැඹුණේ ඉන් පසුවයි.මේ සංස්කෘතිකාංග නිසා කුල 18 ට අයත්
ශිල්පීන්ගේ සංස්කෘතිකාංග ඇතුළු කලා ශිල්ප මෙහි මුල් බැස ගත්තා. බෝධිය
හරහා ඇතිවූ ශාසනික ප්‍රබෝධය ද මෙහිලා ඉතා වැදගත් වනවා.
මේ සියල්ලටම වඩා වැදගත්ම සාධකය ලෙස අපට හඳුන්වා දිය හැක්කේ ජනතාව ගුණ
දහමට හුරුවීමයි. එයින් ඉතාම ධාර්මිකව ජීවත් වීමට ඔවුන් හුරුවුණා.
රටේ නායකයා හෙවත් රජතුමා ගුණ දහම් ඇගැයීමට ලක්කර ගුණ දහමට මුල් තැන දී
කටයුතු කළ නිසා ගුණ දහමින් පිරි සමාජයක් බිහිවුණා. භික්ෂූන් වහන්සේ
පමණක් නොව සමස්ත සමාජයම ගුණ දහමට නැඹුරු වුණා.
මේ ගුණ දහම් ඇගැයුම නිසා සත්ත්ව කරුණාව, මෛත්‍රිය වගේම ගහකොළ රැක
ගැනීමට පරිසරය සොබා දහමට ආදරය කරන්න ජනතාව පුරුදු පුහුණූ වුණා. මේ නිසා
මිනිසා පරිසරයත් , පරිසරය මිනිසාත් රකින්න හුරුවුණා.
එහෙත් ක්‍රමයෙන් ගුණ දහමින් අද ඈත්වී අපේ විනාශය පරිහානියද අපම ළඟා කර
ගනිමින් තිබෙනවා. අද අපට හැම අතින්ම දකින්න අත්තේ එමෙන්ම අසන්නට
ලැබෙන්නේ මේ ව්‍යසනයේ ප්‍රතිඵල යි.
මිල මුදලට අධික ලෙස තණ්හාවත් අධි පරිභෝජනයත් අපට නොගැළපෙන බටහිර
සංස්කෘතික අංගත් ළඟා කර ගැනීම නිසා පරිහානියට හේතුවුණා.
එය ගුණ දහම් අතරින් පමණක් නොව ආර්ථික සමාජීය මෙන්ම ආධ්‍යාත්මික වශයෙන්
අපගේ පිරිහීමට බලපා තිබෙනවා.
අපට ගැලපෙන දේ මොනවාද? නොගැලපෙන දේ මොනවාද? යන්න සොයා නොබලා කටයුතු
කිරීම නිසා මේ තත්ත්වය ඇති වුණා.
අපට නොගැලපෙන ජීවනරටා කරා අප යොමුවීම නිසා ඇතිව තිබෙන තත්ත්වය ඉතාම
කනගාටුදායකයි.
කෘෂිකාර්මික ජීවන රටාවක් අනුව දිවිගෙවූ අපේ ජනතාව තුළ තිබුණූ ගුණ දහම්
අද නැති තරම්. පරිසරයට වින කිරීම නිසා අද අප කෙතරම් අසරණ වෙලා ද? අඩු
ආයුෂ, ලෙඩ රෝග, බහුලවීම වගේම උප්පත්තියෙන්ම අසමානතා රෝගි තත්ත්වයන් පවා
ඇති වෙලා. අතීතයේ අපේ මුතුන් මිත්තන්ගේ ජීවන රටාව අනුව ඔවුන් දීර්ඝායුෂ
ලැබුවා. සිතේ සතුටින් ජීවත් වුණා. අපෙන් මේ තත්ත්වය දුරස්ව ගිහින්
තිබෙන්නේ මන්දැයි අප නිකමට හෝ සිතා බැලුවාද? මහින්දාගමනයෙන් අප ලද
බෞද්ධ පන්නරය දුමින්දාගමනය නිසා වඩාත් අර්ථවත් වූවත් පසු කලෙක
අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිත බලපෑම් නිසා අපගේ ගුණ දහම් ක්‍රමයෙන්
පිරිහුණා.
අධිරාජ්‍යවාදි ගති ස්වභාවයන් අපගේ සංස්කෘතිය ආක්‍රමණය කළ නිසා අපගේ සරල
බව ක්‍රමයෙන් ඈත් වුණා. වර්තමානයේ අප සමාජයේ දක්නට ලැබෙන බොහෝ
අනුකරණවාදි බව බටහිර ආභාෂයෙන් ලැබුණු බව ඉතා පැහැදිලියි.
මේ බටහිර ආභාෂයන් කරා යාමෙන් අප ලද ප්‍රයෝජනයක් තිබෙනවාද? බටහිර ගති
අනුගමනයෙන් අපගේ සදාචාරය පිරිහුණා. මිල මුදල් පසුපස හඹා යෑම නිසා ඕනෑම
පහත් වැඩක් කිරීමට බොහෝ අය හුරුවූ බවක් පෙනෙනවා.
මේ නිසා පරිසරය පවා අප සමඟ උරණ වෙලා. ගංගා පිටාර ගැලීම්, නායයෑම් වැනි
සියල්ල අපගේ වැරැදි ජීවන ක්‍රමවේදයන් නිසා ඇතිවී තිබෙන බව පැහැදිලියි.
ලෝකයේ විනාශය ක්‍රමයෙන් සිදුවන්නේ මිනිසා විසින් සිදුකළ විනාශයේ
ප්‍රතිඵල නිසයි. මිහිඳු මහහරහතන් වහන්සේ වගේම සංඝමිත්තා මෙහෙණින්
වහන්සේගෙන් අපට ලැබුණූ දායාද අමතක කරල බෞද්ධයන් කියන බෝඩ්ලෑල්ල විතරක්
එල්ලාගෙන බටහිර දේ දායාද ලෙසින් පිළිඅරගෙන අධිපරිභෝජනයට යාම නිසා මේ
සියලු පරිහානියත් හටගෙන තියෙන්නෙ.
කෘෂිආර්ථිකයට ප්‍රමුඛතාව දෙමින් අපට උරුම සංස්කෘතියක සරල ගති පැවතුම්
එක්ක ජීවිතේ සකස් කර ගන්නවනම් අපට ගැටලු මතු වන්නේ නැහැ.
බටහිරින් වුණත් අපගේ යහපතට හේතුවන දේ ලබාගෙන අයහපතට හේතුවන නුසුදුසුදේ
ග්‍රහණය කර නොගන්නේ නම් අපගේ සමාජය යහගුණ පිරි සමාජයක් බවට පත්කරලීමට
අපහසු නැහැ. සරල ගති පැවතුම් සරල අවශ්‍යතා මත දිවි පෙවෙත හැඩ ගස්වා
ගන්නේ නම් අපට ශාරිරික ප්‍රශ්න වගේම මානසික ප්‍රශ්නත් අඩුවනවා.
අනෙකා ඉක්මවා යන අධි පරිභෝජන රටාව නිසා අපගේ සමඟිය, නිවැරැදි දිවිගෙවන
මෙන්ම අයවැය තුලනාත්මකව පවත්වා ගැනීම ඈත් වෙලා ගිහින්. බෞද්ධ
සංස්කෘතියෙන් හැඩ ගැසුණ අපගේ සරළ සැහැල්ලු දිවි පැවැත්මත් ඉන් ලද
ආධ්‍යාත්මික සුවයත් ළඟාකර ගන්නේ නම් මේ සියලු උවදුරු වලින් මිදෙන්නට
තවමත් අප ප්‍රමාද නැහැ.
සාකච්ඡා කළේ: තාරක වික්‍රමසේකර
ඡායාරූප: ජනක වෙත්තසිංහ |