Print this Article


සුමග සදහම් පදනමෙන් පින්කම් මාලාවක්

සුමග සදහම් පදනමෙන් පින්කම් මාලාවක්

ගම්පහ තනිපොල්ගහවත්ත ශ්‍රී සුනන්දාරාම විහාරස්ථ සුමග සදහම් පදනම තනිපොල්ගහවත්ත ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ දී මේ මස තුළ පින්කම් මාලාවක් සංවිධානය කර ඇත. මේ මස 15 දින ශීල භාවනා වැඩසටහනක් යක්කල කිඹුල්ගොඩ ‘නිසලවිල’ සදහම් අසපුවේ අනුශාසක අඹන්පොල ඥාණකුසල හිමියන් විසින් ද පැවැත්විණි.

දෙසැම්බර් 19 දින පස්වරු 6.00 ට ගමට රටට සෙත් පතා පවත්වනු ලබන අටවිසි බුද්ධ පූජා මහා පින්කමකි. වැලිකඩ ප්‍රජාපතී ආරාමයේ පන්සිල්ගොඩ ධර්ම ශාන්ති මෙහෙණින් වහන්සේගේ මෙහෙයවීමෙන් මෙම පුණ්‍ය කර්මය සිදු කෙරේ. මේ මස 22 වැනිදා පස්වරු 7.00 ට සුමග සදහම් පදනම සංවිධානය කරන ධර්ම දේශනා මාලාවේ 12 වන ධර්ම දේශනය විද්‍යාලංකාර මහ පිරිවෙන්හි නියෝජ්‍ය කෘත්‍යාධිකාරී තාවුල්ල පුෂ්පාරාම උභය විහාරාධිපති කැකුලාවල වනරතන හිමියන් විසිනි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.