Print this Article


අමිහිරිම දුක් වේදනා ඇතිවූයේ කෙසේ ද?

අමිහිරිම දුක් වේදනා ඇතිවූයේ කෙසේ ද?

ඔබේ ජීවිතයේ විඳපු අමිහිරිම දුක්ඛ වේදනාවන් ඇතිවුණේ කොහෙන් ද? එවිට මේ සතුරු මිත්‍ර ස්වරූපයෙන් ඉන්න යහලුවා ගැන යමක් තේරුම් ගන්න පුළුවන්. මේ ලෝකයේ ඉන්න පරම සතුරෙකුටවත් දෙන්න බැරි වද වේදනා ඔබට ඇතිකරල තියෙන්නේ මේ රූපාධි ස්කන්්ධයන්ම යි. හිසේ කැක්කුම, බඩේ කැක්කුම, දතේ කැක්කුම, ඉවසන්න බැරි වේදනාවන් ඔබට මේ ලෝකයේ ඉන්න එකම සතුරෙක්වත් දීලා නැහැ. වැඩියෙන්ම දුක් වේදනා ඔබට ඇතිකළ පරම සතුරා බාහිර කිසිවෙක් නොවේ. මිත්‍ර ස්වරූපයෙන් පෙනී සිටිමින් වද වේදනා ගෙන දෙමින් පීඩා කරන්නේ මේ රූපාදි ස්කන්ධයන්ම බව දැන ගත්තොත් දැක ගත්තොත් තමයි එයට ඔබ කලකිරෙන්නේ

යමෙකු මේ ජීවිතය තුළ මේ ගෞතම බුදු සසුන තුළ කවදා හෝ සසර ගමනේ නිමාවක් විමුක්තියක් නිවනක් අපේක්ෂා කරන්නේ නම් ඔහු විසින් ඉගෙනගත යුතු දහම වන්නේ යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝ මනසිකාරය යි.

අප යෝනිසෝ මනසිකාරය උපයෝගි කොට ගෙන මේ ජීවිතයේ ඇත්ත ස්වභාවය දැනගත යුතුයි. ඒ පිළිබඳව තථාගතයන් වහන්සේ වදාළ එක් දේශනාවක තිබෙනවා එක්තරා රජ කෙනෙකුගෙන් පළි ගන්නට රජු මරා දමන්නට අදහස් කළ සතුරෙක් ඉතාමත් මිත්‍ර ස්වරූපයෙන් රජුට සමීප වෙලා රජුගේ කුදුමහත් සියලු කටයුතුවලට අනලස්ව සහයෝගය දක්වනවා. කල්ඇතිව අවදිවෙනවා. රජුගේ් සියලු කටයුතු සිදු කරනවා. බොහෝ උපකාර වෙනවා. එසේ බොහෝ සේ හිතෛෂීභාවයෙන් රජුගේ් සිත දිනා ගන්නවා. රජුගේ ළඟට යමින් සියලු කටයුතුවලට සහාය දක්වමින් මිත්‍ර ස්වරූපයෙන් ගත කරන මොහුගේ් අදහස රජු මරා දැමීම යි. නමුත් රජු හිතන්නේ මට ඉතාමත්ම උදව් උපකාර කරන මොහු මගේ් මිත්‍රයෙක් කියා. නමුත් යම් දිනෙක රජු සමීපයට විත් රජුගේ ජීවිතයට හානි කරන ඔහුගේ හැම කටයුත්තක්ම සතුරු අදහසින්ම යි ක්‍රියාවට නැ¼ගුනේ. ඒත් සතුරු බව දන්නේ නැහැ. ඒ වගේ අපිත් මේ රූපයට ඇලුම් කරල තියෙන්නේ මේ රූපාධි ස්කන්ධයන්ට කලකිරෙන්නේ නැත්තේ සතුරෙක්, වධකයෙක්, මාරයෙක් කියා නො දන්නා නිසා. “රාධ සංයුක්තියේ” දී ‘රූපේඛෝ රාධ මාරෝ’ මේ ස්කන්ධයන් මාරයා ලෙස හැදින්වූවා. ‘රූපාධි රාධ වධකෝ’ වධකයෙක් කර්ම සතුරෙක් ලෙස හඳුන්වනවා.

ඔබ සිතන්න ඔබේ ජීවිතයේ විඳපු අමිහිරිම දුක්ඛ වේදනාවන් ඇතිවුණේ කොහෙන් ද කියා. එවිට මේ සතුරු මිත්‍ර ස්වරූපයෙන් ඉන්න යහලුවා ගැන යමක් තේරුම් ගන්න පුළුවන්. මේ ලෝකයේ ඉන්න පරම සතුරෙකුටවත් දෙන්න බැරි වද වේදනා ඔබට ඇතිකරල තියෙන්නේ මේ රූපාධි ස්කන්ධයන්ම යි. හිසේ කැක්කුම, බඩේ කැක්කුම, දතේ කැක්කුම, ඉවසන්න බැරි වේදනාවක් ඔබට මේ ලෝකයේ ඉන්න එකම සතුරෙක්වත් දීලා නැහැ. වැඩියෙන්ම දුක්වේදනා ඔබට ඇතිකළ පරම සතුරා බාහිරෙන් නොවේ. මිත්‍ර ස්වරූපයෙන් පෙනී සිටිමින්, එහෙත් වද වේදනා ගෙන දෙමින් පීඩා කරන්නේ මේ රූපාදි ස්කන්ධයන්ම බව දැන ගත්තොත් දැක ගත්තොත් තමයි එයට ඔබ කලකිරෙන්නේ.

අප හැම තිස්සේම අපට ඇතිවෙන දුක් වේදනාවලට බාහිරෙන් හේතු දක්වනවා. අරය නිසයි ඇතිවුනේ, අහලයි මේ දුක ඇතිකළේ. අසවලා නිසයි මේ දුක හට ගත්තේ කියලා අපි දුක් වේදනා පීඩා ඇතිවෙනකොට ලෙඩ රෝග කරදර ඇතිවෙනවිට එයට හේතුව බාහිරෙන් දක්වනවා. කලකිරෙන්න ඕන තැන කලකිරෙන්නේ නැහැ. දකින්න ඕන ඇත්ත දකින්නේ නැහැ. අපේ අවධානය වැරැදි දිහාවකට යොමුවෙන නිසා ලෙඩ ඇෙඳ් අසුචි මත වැතිරිලා ඉඳගෙනත් මේ වදකයා මේ සතුරා, මේ මාරයා හඳුනාගන්න බැරිව තවදුරටත් මේ ස්කන්ධයන් ඇලුම් කරනවා.

රූපාදි ස්කන්ධයන් මාරයෙක්, වදකයෙක්, සතුරෙක් ලෙස ඒ රූපාධි ස්කන්ධයන් තුළ පවත්නා යථාර්ථය සැබෑ වූ ආකාරය යම් කෙනෙක් යම් මොහොතක දකිනවානම් ඔහු මේ රූපාධි ස්කන්ධයන් පි‍්‍රය වූ මහත් වූ සොඳුරු දේ ලෙස මොහොතකට හෝ හිතන්නේ නැහැ. බුද්ධිමත් කෙනා රූපාදි ස්කන්ධයන්ට කලකිරෙනවා. කලකිරුණොත් නො ඇලෙනවා. නො ඇලුනොත් මිදෙනවා.

අප කලකිරුණේ නැත්තේ ඇත්ත ඇති සැටියෙන් නො දැකපු නො විමසු නිසා. එනිසා අපට මේ රූපාධි ස්කන්ධයන් ගේ ඇති තතු සිහිකිරීම ඇති තතු විමසීම ඇති තතුª මෙනෙහි කිරීම ඉදිරි ප්‍රතිඵල සියල්ල උදා කිරීමට සමත් වෙනවා. එහෙමනම් අප යෝනිසෝ මනසිකාරය නුවණින් විමසන්නට බලන්නට ඕන. හැබැයි පංච උපාධානස්කන්ධය ගැන නුවණින් බලනවා කියන දේ ගැන තථාගතයන් වහන්සේ වදාළේ, මිදෙන්නේ නැත්තේ ඇලුන නිසා. ඇලුනේ, කළකිරුනේ නැති නිසා. කළකිරුනේ නැත්තේ ඇත්ත ඇති සැටියෙන් නො දකින නිසා. ඇත්ත ඇති සැටියෙන් නො පෙණුන නිසා. සමාධිමත් නොවුන නිසා. සිත සමාධිමත් නො වුණේ් සිත කය සැපවත් නො වුන නිසා. සැපය හට නො ගත්තේ සිතේ කයේ සැහැල්ලු බව නැති නිසා. සැහැල්ලු බව නැත්තේ් පී‍්‍රතිය නැති නිසා. පී‍්‍රතියත් නිකන් හට ගන්නේ් නැහැ. හේතු සහිතයි. ප්‍රමෝදය ඇතිවන්නේ පී‍්‍රතීය නිසා. ප්‍රමෝදය නිකං උපදින්නේ් නැහැ. ඒකට හේතුව ශ්‍රද්ධාව යි. ශ්‍රද්ධාවත් අපට ඉබේ හට ගන්නේ නැහැ. ඒකට හේතුව ජරා මරණ යි. ජරා මරණ හැටියට දකිනකොට හිතෙනකොට විමසනකොට ශ්‍රද්ධාව උපදිනවා. ශ්‍රද්ධාව ඇතිකල්හි ප්‍රමෝදය ද, ප්‍රමෝදය ඇතිකල්හි පී‍්‍රතියද, ප්‍රීතිය ඇති කල්හි පස්සද්ධිය ද, පස්සද්ධිය ඇති කල්හි සැපයද, සැපය ඇති කල්හි සමාධිය ද සමාධිය ඇති කල්හි යථාභූ®ත ඤාණ දර්ශනය ද, යථාභූ®ත ඥාන දර්ශනය ඇතිකල්හි නිරෝධය ද, නිරෝධය ඇති කල්හි කලකිරීම ද, කලකිරීම ඇති කල්හි නො ඇලීම ද, නො ඇලීම ඇති කල්හි විඳීම ද, විදීම ඇති කල්හි මිදුනේ යන නුවණ වන අරහත්ඵල තත්ත්වය ඇතිවෙනවා. එයට සියලු කටයුතු නිමා කරන ලදී යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළා.

තවදුරටත් උන්වහන්සේ වදාළා “මහණෙනි මිදුනේ් යන නුවණ ලැබෙන්නේ් මිදුනු තැනැත්තාටයි. මිදෙන්නට බැහැ ඇලීම තිබෙන තුරු. ඇල්ම දුරු වෙන්නට කලකිරෙන්න ඕන. කලකිරීම දුරුවීමට ප්‍රතක්ෂ්‍ය සිතින් දැනගන්න ඕන. ප්‍රත්‍යක්ෂ සිතෙන් දැකීමට සිත සමාධිමත් විය යුතුයි. සිත සමාධිමත් වන්නේ නැහැ සැපය උපදින තුරු. සැපය උපදින්නේ නැහැ සිත කය සැහැල්ලු වෙනතුරු. සැහැල්ලුබව ඇතිවන්නේ නැහැ පී‍්‍රතිය උපදිනතුරු. පී‍්‍රතිය උපදින්නේ ප්‍රමෝදයත් තිබෙනවා නම් පමණ යි. ප්‍රමෝදය හටගන්නේ නැහැ ශ්‍රද්ධාව නැත්නම්. ශ්‍රද්ධාව උපදින්නේ ජරා මරණ කෙරෙහි කළකිරීම ඇති පුද්ගලයාට යි.

තථාගතයන් වහන්සේ අපට මෙයින් යම් අරුතක් පැහැදිලි කර දෙනවා. ජරා මරණ ලෙස දකිනවානම්, බලනවානම්, හිතෙනවානම්, විමසනවානම් ශ්‍රද්ධාව උපදීවා කියා ප්‍රාර්ථනාවක් අවශ්‍ය නැහැ. එය නිරායාසයෙන් හට ගන්නවා. ශ්‍රද්ධාව උපන්නොත් ප්‍රමෝදය උපදීවා කියා ප්‍රාර්ථනා අවශ්‍ය නැහැ. එතකොට ශ්‍රද්ධාවෙන් මෙපිට සියලු ධර්මයෝ නිරායාසයෙන් උපදින ඒවා. ඒ සියල්ල හට ගන්නේ උපදින්නේ නිරායාසයෙන්. ජරා මරණය දෙස බලනවා නම් දකිනවානම්, හිතනවානම්, විමසනවානම් එකල්හි ශ්‍රද්ධාව නිරායාසයෙන් උපදිනවා කියා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ශ්‍රද්ධාව තුළට ප්‍රාර්ථනා අධිෂ්ඨාන ඕන නැහැ. ප්‍රමෝදය ඇත්නම් නිරායාසයෙන් එය උපදිනවා. ප්‍රමෝදය තුළින් පී‍්‍රතියද, පී‍්‍රතිය තුළින් පස්සද්ධිය ද උපදිනවා.

එහෙමනම් අප කළයුත්ත කොතැන ද තිබෙන්නේ. විමසිය යුත්ත බැලිය යුත්ත කොතැන ද තිබෙන්නේ. මේ දහම් න්‍යාය තුළ අපට පැහැදිලි කර දෙනවා ජරා මරණය දන්නවානම් දකිනවානම් සෙසු ධර්මතා සියල්ල නිරායාසයෙන් උපදින බව.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.