Print this Article


හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරයේ ගුණසමරු පින්කම් මාලාවක්

හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරයේ ගුණසමරු පින්කම් මාලාවක්

අපවත් වී වදාළ කොස්ගොඩ ශ්‍රී දේවානන්ද මාහිමි, වලවෙල සෝමසිරි මාහිමි, වැලිගම අරියවංශ මාහිමි ඇතුළු පරලොව සැපත් සියලු දායක දායිකාවන් හා රට දැය සුරකිනු වස් දිවි දුන් අභීත රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා සිදු කිරීමේ ගුණ සමරු පුණ්‍ය මහෝත්සවය විහාරාධිපති වලවෙල හේමානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි 27 වන වරටත් කඨින පූජෝත්සවය හා සමගාමීව නොවැම්බර් මස 27 දින දක්වා හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වේ.

දිනපතා රාත්‍රී 7. 00 සිට 8. 00 දක්වා ධර්ම දේශනයද, නොවැම්බර් 24 වන දින කඨින මහා පෙරහරද, 25 වන දින සර්ව රාත්‍රික මහා පිරිත් දේශනාවද, 26 බුද්ධ ප්‍රමුඛ මහා සංඝගත දක්ෂිණාව ද, 27 වන දින ඉල් පෝදා කඨිනානිශංස ධර්ම දේශනාව විහාරාධිපති වලවෙල හේමානන්ද මාහිමියන් විසින්ද පවත්වනු ලැබේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.