පූජාච පූජනීයානං
දිගනතැන්නේ ශ්‍රී සුමංගල නා හිමි
1925 සැප්තැම්බර් මස 22 වැනි දින දිගනතැන්නේ ඉඩමේගෙදර
එම්.ජේ.එම්.බණ්ඩාර මැණිකේ මාතාවසහ එල්.එල්.කේ. බණ්ඩාර දම්පතීන්ට
පුත්රුවනක් ලැබිණි එම පුතනුවන් සිය මාපිය ඇසුරේ වාසය කොට අඹේගොඩ ශ්‍රී
සංඝබෝධී මහ විදුහලට අධ්‍යාපනය සඳහා ඇතුළත් විය එවකට කොන්තහෙළ ශ්‍රී ජය
කොන්තාරාමාධිපතිව වැඩ සිටි උඩුහබර ශ්‍රී පඤ්ඤානන්දාභිධාන මා හිමියන් මේ
දරුවාගේ පුණ්‍යවන්ත ගති ලක්ෂණ දැක බණ්ඩාර මහෝපාසක තුමාට පැමිණ තමා
හමුවන ලෙස දන්වා යැව්වෙන් එහි අවසාන ප්‍රතිඵලය වූයේ 1938 දී මේ පින්වත්
කුමරාට සිය මාපියන් , පාසලෙන්, මිතුරු කැලගෙන් සමුගෙන පැවිදි බිමට
පත්වීමට ය. බණ්ඩාරවෙල වැවතැන්නේ ශ්‍රී සුමංගලාරාමාධිපතිව වැඩ වාසය කරන
ධර්ම කීර්ති ශ්‍රී පඤ්ඤානන්ද මහෝපාධ්‍ය දිගනතැන්නේ ශ්‍රී සුමංගල නා
හිමිපාණන් පැවිදි දිවියට පත්වූයේ මේ අයුරිනි.උන්වහන්සේ ඉඳුරුවේ
කටුකොලිහේ ශ්‍රී සර්වෝදය පිරිවෙන, 1947 දී කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය
පිරිවෙන ආදී විද්‍යාස්ථානවල වැලිවිටියේ ශ්‍රී සෝරත බද්දේගම ශ්‍රී
පියරතන, කළුකොඳයාවේ ශ්‍රී පඤ්ඤාසේකර, පොළොන්නරුවේ ශ්‍රී විමලධම්ම ආදි
මහ ප¼ඩිවරුන් යටතේ දහම් අත්පොත් තැබූහ. 1946 දී උපසපන් භූ®මියට ද පත්වු
හ . සිංහල පමණක් නොව පාලි, සංස්කෘත අභිධර්ම විෂයයන්හි පරතෙරට උගත්
උන්වහන්සේ වර්ග පටිපාටියෙන් උසස් ලෙසට සමත් වූ සේක. 1953 දී විද්‍යෝදය
අවසාන විභාගයෙන් ත්‍යාග සහිතව උසස් ලෙස සමත් වූ ශ්‍රී සුමංගල නා
හිමිපාණෝ ප්‍රාචීන , ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන, ත්‍රිපිටකාචාර්ය යන
විභාගවලින්ද සමත්ව ‘අභිධර්ම විශාරද’ යන ගෞරව උපාධියත් ‘ ‘රාජකීය
පණ්ඩිත’ යන නාමයත් දිනාගත් හ.ප්‍රථමයෙන් පරිවේණාධිපතිවරයෙකු වශයෙන්
සේවය කරමින් සිට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගුරු පත්වීම ලැබීමෙන්
අනතුරුව 1958 සිට පසැල් කිපයක සේවය කර ඇත . කිහිප වරක්ම ශාසනික කටයුතු
සඳහා තායිලන්තයටත් ,භාරත දේශයටත් වැඩම කළ උන්වහන්සේ තමන් වහන්සේගේ
කොන්තහෙළ මූලස්ථානයට අනුබද්ධව එදා වැවතැන්න ප්‍රදේශයේ ඉතා රමණීය භූමි
භාගයක ශ්‍රී සුමංගලාරාමය නමින් ඉතා කුඩා විහාරස්ථානයක් ආරම්භ කළහ.
සියලු විහාරාංග වලින් සම්පූර්ණ මේ පින්බිමේ අවුකන පිළිම වහන්සේගේ
අනුරුවක් ද තනා නිමවා ඇති අතර පොළොන්නරුවේ ලංකාතිලක විහාරයට අනුරූපව
විහාර ගෙයක්ද මෙයට වසර දෙකකට පෙර දී නිමවා බොදුනුවන් සඳහා විවෘත
කෙරිණි.දැනට සිසු සිසුවියන් අට සියයකට අධික පිරිසක් දහම් දැනුම ලබන
ශ්‍රී ධර්මපාල දහම් පාසල ද සතියේ දින දෙකක පූර්ණ කාලීනව එම
විහාරස්ථානයේම පැවැත්වෙන අතර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත්
ප්‍රවීණ විදුහල්පතිවරු හා ගුරු භවත්හු දරුවනට දහම් දැනුම ලබා දෙමින්
සිටිති.ශ්‍රී සුමංගල නා හිමියන්ගෙන් සිදුවුන මහා ශාසනික සේවාව ඇගයු
මල්වතු මහ නාහිමි ප්‍රධාන සංඝ කාරක සභාව 1978 දී විශේෂ කර්මාචාර්ය
ධූරයක් ද, 1981 ධර්ම කීර්ති ශ්‍රී පඤ්ඤානන්ද ගෞරව උපාධියද, බදුලු
බණ්ඩාරවෙල දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය ද, වර්ෂ 2002 දී මල්වතු මහා
විහාරයේ මහෝපාධ්‍ය පදවිය ද පිරිනමා ඇත. සිතුවම් සහිත සූවිසි විවරණය,
සර්වඥ ධාතු වර්ණනාව ආදි දහම් පොත් රාශියක් සිය පෑන් තුඩින් එළි දැක් වූ
උන්වහන්සේ පරිත්‍රාණ දේශනය සඳහා අවශ්‍ය මහ පිරිත්පොත් වහන්සේ නමක් ද
එළි දැක්වූහ.
88 විය සම්පූර්ණ කරන උන්වහන්සේ ට දිගාසිරි වේවා!
ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී
ඩී. එම්.සිරිනායක
නාරගල සුමනසිරි නා හිමි
කොබවක ශ්‍රී සුමනාරාමාධිපතිව වැඩ විසූ භාරතීශ්වර විනය කීර්ති සිරිසුමන
පස්යොදුන් රට ප්‍රධාන සංඝනායක නාරගල සුමනසිරි නා හිමියන්ගේ තුන්වන ගුණ
සැමරීමේ පින්කම් මාලාවක් උන්වහන්සේගේ ශිෂ්‍ය කොබවක ශ්‍රී
සුමනාරාමාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන් විසින් සංවිධානය කර ඇත. උන්
වහන්සේ 1924 ජුනි 22 වන දින ඉහළ නාරගල, කත්‍රිඅච්චිගේ දොන් සෙමනේරිස්
අප්පුහාමිගේත්, තඹවිටගේ දෝන එමිනෝනා හාමිනේගේත් ද්විතීය පුත්‍රයාණන්ව
ජන්මලාභය ලදහ.
මූලික අධ්‍යාපනය ලදුයේ බැල්ලපිටියේ රජයේ පාසලෙනි.
කොබවක සිරිසුමන ස්වාමීන්ද්‍රයාණන්ගේ ආචාර්යත්වයෙන් හා බැල්ලපිටිය
විද්‍යාශේඛර පරිවේනාධිපති ජඹුරලියේ ශ්‍රී ප්‍රඥානාන්දභිධාන අධිකරණ
සංඝනායක ස්වාමීන්ද්‍රයාණන්ගේ උපාධ්‍යාත්වයෙන් ගෝවිනිමානානේ ශ්‍රී
සුදර්ශනාරාම විහාරස්ථානයේ දී 1938 පෙබරවාරි මස 07 වන දින පැවිදි වූයේ
සුගතවංශ නාමයෙනි. 1938 පෙබරවාරි මස 09 වන දිනට ගෝවින්නේ, අක්කර 10 දී
සියනමක් විෂයෙහි සඟසතු මහා දානයක් විය. මේ දානයට ඇරයුම් ලැබ සිටි
ගෞරවාහ¡ බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමිපාණෝ දානයට පෙර දින ගෝවිනි මානාන
ශ්‍රී සුදර්ශනාරාමයට වැඩම කළහ. එහිදි ආනන්ද මෛත්‍රී හිමිපාණෝ “
සුගතවංස” නොව “ සුමනසිරි “ නාමය වඩාත් යෝග්‍ය බව පැවසූහ. ඒ අනුව
පැවිදිවීමෙන් පසුදින සිට “ සුමනසිරි” නම් විය. 1940 සිට 1943 දක්වා
බැල්ලපිටියේ විද්‍යාශේඛර පිරිවනෙහි ධර්මශාස්ත්‍රොද්ග්‍රහණය කළහ. 1944
මැයි මස 07 වන දින එම ගෝනගල සුදර්මාකර පිරිවෙනට ඇතුළත්ව ත්‍රිපිටක
ධර්මය හා සිංහල පාලි සංස්කෘත භාෂාද තදනුබද්ධ, තර්‍කන්‍යාය, චන්දස්
අලංකාර වැනි උපාංගද හදාරා 1950 වසරේදී ගෝනගලින් සමුගත්හ. 1945 ජුනි මස
14 දින මල්වතු මහා විහාරයේදී උපසම්පදාව ලැබූහ. ගෝවිනිමානානේ ශ්‍රී
සුදර්ශනාරාමයෙන් දේවාමුල්ලේ සුමංගලාරාමයට 1952 වසරේදීි වැඩම කොට 1960 –
05 – 09 තෙක් එහි විසූහ. ඉන්පසු 1960 – 05 – 10 දින කොබවක ශ්‍රී
සුමනාරාමයෙහි වාසයට වැඩියහ කොබවක ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ අධිපති
පදවියට පත්වූහ.
මල්වතු මහාවිහාරීය ගරුතර කාරක සංඝ සභාවේ 1991 සැප්තැම්බර් මස 07 දින
තීරණය පරිදි භාරථීශ්වර විනයකීර්ති ශ්‍රී සිරිසුමන ගෞරව සම්මුතිය සහිතව
පස්යොදුන් රට ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලදහ. ගෝවිනිමානානේ ශ්‍රී
සුදර්ශන දහම් පාසල ආරම්භයේ සිට 1952 වසර දක්වා ආචාර්ය ධුරයක් දැරූහ.
පස්යොදුන් රට සාමග්‍රී සංඝ සභාවේ ලේකම් පදවිය ද
1970 දී බුලත්සිංහල විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ වූහ.
කොබවක සිරිසුමන දහම් පාසල ආරම්භ කළහ.
කොබවක ශ්‍රී සුමනාරාමයේ චෛත්‍ය, විහාර මන්දිරය සහ උපෝෂථඝරය ද ඉදිකරවා
ජලය හා විදුලිය පහසුකම් ද ඇති විහාරස්ථානයක් බවට පත්කළහ. වසර තුනක්
සපිරෙන මේ අවස්ථාවේ කෘතගුණ සැළකීමේ මහා පින්කම් මාලාවක් උන්වහන්සේගේ
ශිෂ්‍ය කොබවක ශ්‍රී සුමනාරාමාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමිපාණන්
වහන්සෙගේ් අනුශාසනා පරිදි කොබවක ශ්‍රී සුමනාරාම විහාරස්ථ දායක සභාවේ
දායකත්වයෙන් නොවැම්බර් මස 15, 16, 17, 18, 19 යන දිනයන්හි ්‍රී
සුමනාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.
පී ලලිත් පුෂ්ප කුමාර
ක / බුලත්සිංහල ජාතික පාසල
පිහිඹියගොල්ලෑවේ ශ්‍රී ධම්මාලෝක නා හිමි
රට, ජාතිය ආගම වෙනුවෙන් සිය ජීවිතය කැප කොට ජාතික, ආගමික යුග මෙහෙවරක්
සිදු කරන උතුමෝ ලෝකයේ ඉතා දුර්ලභ වෙති. එවන්, දුර්ලභ ගණයේ උත්තමයෙකු
ලෙස නැෙඟනහිර නුවරගම්පළාත හා වව්නියාව දිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවි
ශ්‍රී පුර රජ මහා විහාරාධිපතිව වැඩ විසූ, පදවි ශ්‍රී පුර ශාසනාරක්ෂක බල
මණ්ඩල සභාපති, පිහිඹියගොල්ලෑවේ ධම්මාලෝකාභිධාන නා හිමිපාණන් වහන්සේ
හැඳින්විය හැකිය.
විසි වන සියවසේ බුදු සසුනේත්, සිංහල ජාතියේත්, ලක් මෑණියන්ගේත් උන්නතිය
සඳහා ජාතික, ආගමික සාමාජීය සංස්කෘතික විශාල යුග මෙහෙවරක් සිදු කොට වදාළ
උන්වහන්සේ, 1924 ජූනි 15 වන දින අනුරාධපුර නුවරගම් පළාතේ කෑඳෑ කෝරළේ
පිහිඹියගොල්ලෑව ග්‍රාමයේ සුපින්වත් කුමරෙකු ලෙස ජන්ම ලාභය ලදහ. 1937
ජූනි 23 වන දා තඹලගොල්ලෑව කුඩා රංගිරි දඹුලු විහාරස්ථානයේ දී
පාලිප්පොතානේ ධම්මරතන මා හිමියන්ගේ ආචාර්ය උපාධ්‍යාත්වයෙන්
පිහිඹියගොල්ලෑවේ ධම්මාලෝක නමින් සසුන් ගතවූහ.
අනතුරුව, අධ්‍යාපනය ලැබීම සඳහා පල්ලේවෙල වික්‍රමශීලා පිරිවෙන හා කොළඹ
මාලිගාකන්දේ විදේයීදය පිරිවෙන යන පිරිවෙන් දෙකට ඇතුළත් වූ උන්වහන්සේ
සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂාවන් පිළිබඳවත්
ත්‍රිපිටක ධර්මය පිළිබඳවත්, මනා නිපුණත්වයක් ලබා ගත්හ.
ස්වකීය අධ්‍යාපනය ලැබීම නිමකළ උන්වහන්සේ තමන් පැවිදි වූ විහාරයට වැඩම
කොට තමාගෙන් රටටත්, ජාතියටත්, ආගමටත් යම් මෙහෙවරක් සිදු කළ යුතු බව
වටහාගෙන 1956 දී පදවිය ප්‍රදේශයට වැඩම කළහ. මේ වන විට මහාමාන්‍ය ඩී.
එස්. සේනානායක අග්‍රාමාත්‍ය තුමන්ගේ උදාර සංකල්පයක් මත පදවි ගොවිජන පද
ව්‍යාපාරයේ නැවත ජනතාව පදිංචි කරවීමේ කටයුතු ආරම්භ කළ යුගයයි. ඒ අනුව,
ඩී. එස්. සේනානායක මැතිතුමන් ප්‍රමුඛ රජයේත්, ඉන්පසු බලයට පත්
අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමන් ප්‍රමුඛ
රජයේත්, සෙසු රාජ්‍ය නිලධාරීන්ගේ හා රාජ්‍ය ආයතනවලද නොමද සහාය ලබාගත්
නා හිමිපාණන් වහන්සේ තමාගේ තාරුණ්‍යයේ ශක්තියත්, කඩිසරකමත්, උද්යෝගයත්,
කැපවීමත්, ආත්ම ශක්තියත්, තීක්ෂණ බුද්ධියත්, ඉවසීමත් පෙරදැරි කරගෙන සිය
ජාතික, ආගමික, සංස්කෘතික හා ආර්ථික මෙහෙවර ව්‍යාප්ත කළහ.
අලි කොටි, වග වලසුන් හා නපුරු විෂඝෝර සර්පයන්ගෙන් පිරි විශාල වන
ලැහැබවල් එළි පෙහෙළි කරවා පුංචි අතු පැල්වල වාසය කරමින් තම සහෝදර ජනතාව
සමඟ සුහදශීලීව සිටි උන්වහන්සේ එදා මෙන්ම අදත්, ජනතාවට වැඩ සිටි ජීවමාන
දේවතාවා විය. 1956 වසරේ පදවි ගොවි ජනපද ව්‍යාපාරයේ ජනතාව යළි පදිංචි
කිරීමෙන් අනතුරුව 1957 වසරේ දී පදවි පරාක්‍රමපුරත්, 1958 වසරේ දී පදවි
ශ්‍රී පුරත් ජනතාව පදිංචි කරවීමට රජය සැලසුම් කොට තිබුණි. එය ක්‍රියාවට
නංවන අතර පදවි ශ්‍රී පුර ජයන්තිවැව ප්‍රදේශයේ දමිළ පවුල් 400 ක් පදිංචි
කරවීමට සැලසුම් කළහ. මෙය දැනගත් නා හිමියන් රජයේ මැති ඇමතිවරුන් හා
අවශ්‍ය රජයේ නිලධාරින් සමග සාකච්ඡා කොට සිංහල පවුල් 400 ක් ඒ වෙනුවට
පදිංචි කරවීමට පුරෝගාමී වූහ. පදවිය පදවියාකුළම් ලෙසත්, පරාක්‍රමපුර
වන්නාත්ති ලෙසත්, පදවි ශ්‍රී පුර කඥ්ඤපඥ්ඤංආරු ලෙසත්, නම් කොට ඒ ඒ
ගම්මාන හැඳින්වීමට යොදා තිබුණි. සිංහල ජනයා වෙසෙන ඉපැරණි සිංහල ගම්මාන
එබඳු දමිළ නම්වලින් හැඳින්වීම අනුචිත බව හැඳිනගත් නා හිමිපාණන් වහන්සේ
එම දමිල නම් වෙනුවට
පදවියාකුළම් – පදවිය
වන්නාත්ති – පරාක්‍රමපුර
කඥ්ඤපඥ්ඤංආරු - පදවි ශ්‍රී පුර ආදි ලෙස නම් තැබූහ.
ජාති මාමකත්වය ස්වදේශානුරාගය, ජාති වාත්ශල්‍යය යනු ජාති වාදය නොවන බව
ක්‍රියාවෙන් ඔප්පුකළ නාහිමියන් පදවියට මායිමව පිහිටි තෙන්නමරන් වාඩියේ
දමිළ ජනතාවත් පුල්මුඩේ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවත් උන්වහන්සේගේ කුළුපග
මිත්‍රයන් වූවා මෙන්ම, සහයෝගය පතන්නෝද වූ බව මෙහිලා සඳහන් කළ යුතුමය.
ප්‍රදේශයේ ජනතාව පදිංචි කරවීමෙන් පමණක් නොනැවතුන උන්වහන්සේ ඔවුන්ගේ දූ
දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඉතා වෙහෙසී ක්‍රියා කරමින් පදවිය මහසෙන්
මහ විදුහල, පදවි ශ්‍රී පුර විදුහල, දළුග්ගල විදුහල ආදී විදුහල් රැසක්
ආරම්භ කළහ. ජනතාවගේ සෞඛ්‍ය සංරක්ෂණය ගැන සිතා බැලූ උන්වහන්සේ පදවිය
දිසා රෝහල, පදවි ශ්‍රී පුර රෝහල, හතරේ කණුව බෙහෙත් ශාලාව ආදිය
පිහිටුවීමට ද පුරෝගාමී වූහ. හැදෙන – වැඩෙන දූ දරුවන්ගේ දහම් දැනුම
දියුණු කිරීමට ශ්‍රී ධම්මාලෝක දහම් පාසල නමින් දහම් පාසලක් ද, භික්ෂු
අධ්‍යාපනය වෙනුවෙන් ශ්‍රී ධම්මාලෝක පිරිවෙන නමින්, පිරිවෙනක් ද පදවි
ශ්‍රී පුර රජමහා විහාරය, කාවන්තිස්සපුර රජමහා විහාරය, රාජපොකුණ රජමහා
විහාරය වැනි විහාරස්ථාන රාශියක් ද, ප්‍රදේශය තුළ ආරම්භ කරමින් විශාල
ශාසනික මෙහෙවරක් සිදු කොට වදාළහ. මෙසේ රට, ජාතිය, ආගම වෙනුවෙන් කරන ලද
උදාර සේවයට උපහාරයක් පිණිස සියම් මහා නිකායේ මල්වතු මහා විහාරය මගින්,
නැගෙනහිර නුවරගම් පළාතේ හා වව්නියාව දිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය ද
උන්වහන්සේට ප්‍රධානය කළහ.
මෙවන්, උදාරතර මෙහෙවරක යෙදි සිටි පිහිඹියගොල්ලෑවේ ධම්මාලෝක නා
හිමිපාණන් වහන්සේ 2001 නොවැම්බර් 18 වන දින කුරිරු ත්‍රස්තවාදීන්
විසින් අනුරාධපුර – පදවිය මාර්ගයේ කැබිතිගොල්ලෑව ගෝනමැරියාවේ දී අටවන
ලද බිම්බෝම්බයක් පුපුරවා හැරීමෙන් ඝාතනය කළහ. උන්වහන්සේ අපවත් වී
එකළොස් වසරක් සපිරෙන මෙම මස 18 වන දිනට උන්වහන්සේගේ ගුණ සමරමින් විවිධ
ආගමික පිංකම් මාලාවක් පැවැත්වෙන අතර, උන්වහන්සේ විසින් ආරම්භ කරන්නට
යෙදුණ බොහෝ ජාතික, ආගමික, ශාසනික කටයුතු ද ගෙවී ගිය එකළොස් වසර තුළ
සංවර්ධනයට පත්ව ඇත
පදවි ශ්‍රී පුර රජමහා විහාරාධිපති
ශ්‍රී ධම්මාලෝක විද්‍යායතන පරිවේණාධිපති,
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
කරම්බන්කුළමේ සිරිධම්ම හිමි
|