දස වසක් සපිරි
මහනුවර ශ්‍රී වෛශාඛ
දහම් පාසල
සටහන සහ ඡායාරූප
කේ. බණ්ඩාරනායක
මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක සාහිත්‍ය චක්‍රවර්ති නියංගොඩ
විජිතසිරි නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද 2011 ත්‍යාග
ප්‍රදානෝත්සවයේදී දහම් පාසලේ ධර්මාචාර්යවරියක් විසින් පිරිකරක් අනු නා
හිමියන් වෙත පූජා කරන ලද අයුරු. |
දහම් පාසලේ සිසු දරු දැරියන් ත්‍යාග ප්‍රදානෝත්සවයකට
සහභාගි වූ අයුරු |
දිවයිනේ ප්‍රධානතම පුණ්‍යායතනයක් වන මහනුවර ශ්‍රී වෛශාඛදාන සංග්‍රහ
සමිතියේ අනුග්‍රහයෙන් පවත්වාගෙන යනු ලබන ශ්‍රී වෛශාඛ දහම් පාසල මහනුවර
ප්‍රමුඛ පෙළේ දහම්පාසල් වලින් එකකි. 2002 මාර්තු මස 29 වන දින ශ්‍රී
වෛශාඛදාන සංග්‍රහ සමිතියේ සභාපති සාම විනිසුරු ආර්.කේ.ආරියසේන මහතාගේ
සංකල්පයක් අනුව සමිතියේ පූර්ණ අනුග්‍රහයෙන් ධර්මාචාර්යවරු පහළොස්
දෙනෙකුගෙන් සහ සිසු දරුවන් 250 දෙනකුගෙන් යුක්තව ආරම්භ කළ ශ්‍රී වෛශාඛ
දහම් පාසල දිවයිනේ ප්‍රමුඛ පාසලක් බවට පත්වන අඩිතාලමකට අද පත්ව ඇත.
විද්‍යා, කලා, ඉතිහාසය, භූගෝලය හා වෙනත් විෂයන් වලට මූලික තැනක් ලබාදෙන
පාසල් පොත් පත් වලින් මෙහි පුස්තකාලය සකස්වීම විශේෂයකි. දහම් පාසල්
පොත්පත් වලට අමතරව රජයේ විභාග සඳහා දහම් පාසලේදීම ශිෂ්‍යයන්ට දැනුමක්
ලබාදෙන මට්ටමෙන් මෙම පුස්තකාලය සකස්කර දායාද කිරීම සම්බන්ධව ශ්‍රී
වෛශාඛ දහම් පාසලේ ආරම්භක ප්‍රධානාචාර්ය ජේ. බෝපිටිය මහතාට ගෞරවය
පිරිනැමෙන අතර වත්මන් ප්‍රධානාචාර්ය විශ්‍රාම ලත් ධර්මරාජ පාඨශාලාචාර්ය
මෛත්‍රී අතුකෝරළ මහතාට එය නවීකරණය කර අධ්‍යාපනය උසස් තත්ත්වයෙන්
පවත්වාගෙන යෑම ගැනද දෙගුරුන්ගේ සහ සමිතියේ ස්තුතිය පිරිනැමේ.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් 2009 –2010 දී පවත්වන ලද දහම්
පාසල් අවසාන සහතික පත්‍ර විභාගයෙන් දහම් පාසල් ධර්මාචාර්ය මහත්මියන් සහ
සිසු දරුවන් හතර දෙනෙකු උසස් මට්ටමෙන් සමත්ව ඇත. දහම් පාසල් තරග වලින්
අඛණ්ඩව උසස් අන්දමින් සහතික ලබා ඇති වෛශාඛ දහම් පාසල වීරකැප්පෙටිපොල
සමරු උළෙලට සහභාගි වන්නේ අභිමානයෙනි.
ප්‍රධානාචාර්ය
මෛත්‍රි අතුකෝරාල |
සමිතියේ ආගමික සාමාජික මෙන්ම සංස්කෘතික සේවාවන් සඳහාත් විශේෂයෙන් දළදා
පෙරහර සමයේ පවත්වන සමාජ සත්කාර වැඩසටහන් වලටද සිය පූර්ණ දායකත්වය ලබා
දෙමින් දහම් පාසල් දරු දැරියන් ආචාර්ය මණ්ඩලය ලබාදෙන අතදීම සමිතියේ
සමාජසේවා අංශයටද ධෛය¸ක් වී ඇත. මහනුවර ශ්‍රී වෛශාඛදාන සංග්‍රහ සමිතියේ
පූර්ණ අනුශාසකත්වය, දායකත්වය හා මාර්ගෝපදේශකත්වය ලබමින් ශ්‍රී වෛශාඛ
දහම් පාසල කඳුරට දූදරුවන්ට ලබාදෙන ධර්ම ඤාණයේ පිනෙන් රටට අනාගතයේ
පින්වත් පුරවැසියන් පිරිසක් බිහිවේවා යැයි ප්‍රාර්ථනා කරමු.
නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ
මෞර්ය රාජ වංශයට අයත් අශෝක රජතුමාගේ වැඩිමහල් සොහොයුරා සුමන නම් විය.
එතුමාගේ දේවිය සුමනා දේවිය නම් වූවාය. අශෝක රජතුමා බෞද්ධයෙකු වීමට
ප්‍රථම තම පියාගෙන් අනතුරුව රාජ්‍ය බලය ලබාගෙන අධිරාජ්‍යයක් ගොඩනැගීමට
දරුණූ සටනක් කළේය. එහි දී වැඩිමහල් සොහොයුරු සුමන රජ කුමරු ද මරණයට
පත්විය. එදිනට සුමනා දේවිතොමෝ පිරිපුන් ගැබ් ඇත්තියක වූවාය.
අශෝක රජතුමා විසින් තම ස්වාමියා මරණයට පත්කළ හෙයින් ඈ දිවි බේරා ගැනීම
සඳහා පාඨලීපුත්‍ර නගරයෙන් නික්ම නැගෙනහිර පිහිටි සැඬොල් ගමක් වෙත
ගියාය. සැඬොල් ගම ප්‍රධානියාගේ ගෙය නුග ගසක් අසල විය. ගමනින් විඩාව
නිසා ඇය ඒ අසල කුටියක නැවතුණාය. එදින ම ඇය පුතකු වැදුවාය. නුග ගස අසළ
කුටියෙහි දී උපත ලද පුතකු නිසා ඔහු නිග්‍රෝධයයි නම් තබන ලදී. සැඬොල් ගම
ප්‍රධානියා සුමනා දේවියට බුහුමන් සහිතව සත් අවුරුද්දක් ම උපස්ථාන කළේය.
නිග්‍රෝධ කුමාරයාද සත්හැවිරිදි වියට පත් වූයේය.
මෙහි දී මහා වරුණ නම් එක් රහතන්වහන්සේ නමක් මේ කුමරු රහත් බවට පත්වීමේ
වාසනා ගුණය ඇති අයෙකු බව දුටුවේය. ඔහු පැවිදි කිරීමට ද සුදුසු කාලයයි
සිතීය. ඒ අනුව රහත් තෙරණුවෝ සුමනා දේවියගේ ද අවසර ලැබ කුමරු පැවිදි
කළහ. ඒ නිග්‍රෝධ කුමාර තෙමේ පැවිදි කිරීම සඳහා කෙස් කපා අවසන්වත් ම
රහත්බවට පැමිණියේය. නිග්‍රෝධ සාමණේර තෙමේ දිනක් උදෑසන ම පා සිවුරු ගෙන
තම මෑණියන් බලනු පිණිස නික්මුණේය. ඇය වාසය කරන ස්ථානයට දකුණු දොරටුවෙන්
නුවරට පිවිස ඒ නුවර මැදින් ගමන්කොට පෑල දොරින් නික්ම යා යුතුව තිබුණි.
මේ අවස්ථාව වන විට අශෝක රජතුමා ද අධිරාජ්‍ය ගොඩනැගීම සඳහා කළ සටනින් වූ
ජීවිතහානි පිළිබඳව කළ කිරීමට පත්වී සිටියේය.
මෙම අශෝක රජතුමා නිග්‍රෝධ හාමුදුරුවන් වහන්සේගේ ශාන්ත භාවය දැක රජගෙයි
වූ සීහාසනය දී දහම් අසා සිත සනසා ගත්තේය. මෙසේ සෑම දෙනාම බොහොම ශාන්තව
කටයුතු කිරීමෙන් ඕනෑම කෙනෙක් පහදවා ගැනීමට හැකියාව ඇත. එයින් ධර්මයේ
අගය වටහා දීමට මාර්ගය පෑදෙයි.
දුටුවැවේ ජිනානන්ද හිමි
03 වසර
සරස්වතී මහ පිරිවෙන, බලගල්ල, දිවුලපිටිය
ළමයින්ගේ
උදේ
කටයුතු
අප බුදුරජාණන් – වහන්සේ වදහළ ලෙස
ළමා පිරිසයි ලොසසුන් – වැඩ වඩනට සිටින්නේ
නිසා ළමයිනි - සතුටින් මේ කියන්නේ
අවවාදයෙකි නුඹලට දෙලොවින් ම වැඩ සිදු වන
හිමිදිරි පාන්දර – නින්දෙන් නැඟිට නොමැළි ව
දත් මැද මුහුණ සෝදා – පිරිසුදුව සුදු ඇඳ ගෙන
සෙමින් බුදු ගෙට වැද – බුදුන් වැඳ පන්සිල් ගෙන
මුළු ලොවට ම මෙත් වඩා දෙමවුපියනුත් වැඳ ගෙන
පොතටත් වැඳීමෙන් – ගරු කොට දෑතින් ම ගෙන
කෑමට අඬගසන තෙක් – පාඩම් කර එයින් පසු
අම්මා සදා දුන් – කන බොන දෙයක් කා බී
ඇඳ පැළැඳ ගෙන සතුටින් - පොතුත් පිළියෙළ කරගෙන
පැළෑණේ සිරි වජිරඤාණ මහ නා හිමියන්ගේ
ළමා පැදි පබඳිනි
ඇසුරෙනි
යාපනය නාග විහාරයේදී පසුගියදා දමිළ බෞද්ධ දහම් පාසලක් ආරම්භ විය. එම
අවස්ථාවේදී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ උපසභාපති සුදත් මඩුගල්ලේ
මහතා විසින් සිසුවකුට ත්‍යාග පිරිනමන ලද අයුරු. නාග විහාරාධිපති
ශාස්ත්‍රපති මීගගජදුරේ සිරිවිමල හිමියන් සහ දමිළ බෞද්ධ සංගමයේ රවි
කුමාර් මහතා ද ඡායාරූපයේ සිටිති. ඡායාරූපය – කැලණිය සමූහ, එඩ්වඩ්
වීරසිංහ |
පන්සල
දම්වැල්ඕඩේ සමිත වංස හිමි
4 වන වසර
ර/බල/ශ්‍රී ගන්නෝරුව විද්‍යා නිකේතන මූලික පිරිවෙන
ශ්‍රී අභිනවාරාමය, වැලිපතයාය, බලංගොඩ |
|