Print this Article


<%on error resume next%> පිළිකා රෝගීන් වෙනුවෙන් කෙරෙන සත්කාරය

පිළිකා රෝගීන් වෙනුවෙන් කෙරෙන සත්කාරය

2012 නොවැම්බර් මස 04 වන දින වාර්ෂික පිළිකා සත්කාරය සිදු කිරීමට දෙහිවල ගල්කිස්ස තරුණ බෞද්ධ සමිතිය කටයුතු සූදානම් කර ඇත. පිළිකා රෝගීන් සඳහා ආහාර වේලක් පිරිනැමීම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා භාණ්ඩ පරිත්‍යාග කිරීම මෙන්ම වෛද්‍ය නිර්දේශ පරිදි බෙහෙත් වර්ග සැපයීමට ද අපේක්‍ෂා කෙරේ. ළමා වාට්ටුවල ප්‍රතිකාර ලබන දරුවන් සඳහා අවශ්‍ය විශේෂිත ද්‍රව්‍යයන් ලබාදීම අපේක්‍ෂිතය. මෙම මාහැඟි පුණ්‍ය කර්මය සඳහා මුදලින් හෝ භාණ්ඩ සපයා දීමෙන් ආධාර කරන ලෙස දෙහිවල ගල්කිස්ස තරුණ බෞද්ධ සමිතිය සියලු පුණ්‍ය කාමීන්ගෙන් ඉල්ලා සිටී. මේ සඳහා ලබාදෙන සියලුම මුදල් හා ද්‍රව්‍යමය ආධාර නොවැම්බර් 01 වන දාට පෙර ලැබෙන්නට සලස්වන ලෙස ද චෙක්පතින් ආධාර දෙහිවල ලංකා බැංකුවේ ගිණුම් අංක 0001994095 දරන ගිණුමට බැර කරන ලෙස ද ඉල්ලා සිටී.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.