බටහිර රැල්ලට ගැති නොවූ
අතීත ආගමික සබඳතාව
කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය
දේවාලේගම මේධානන්ද හිමි
ලෝකයේ පහළ වී ඇති දර්ශනයන් අතර බුද්ධ ධර්මය විරාගී දර්ශනයක් ලෙස
හඳුන්වනවා. ඒ අනුව, රාගය, තණ්හාව, කාමය, ඇල්ම, රතිය පිටු දකින්න
උගන්වනවා. එම තත්ත්වයන්ගෙන් මිදීමට, පාලනය කර ගැනීමට උගන්වා තිබෙනවා.
රාගය වෙනුවට විරාගය වැඩීමටත් ආසාව වෙනුවට නිරාසාව වැඩීමටත් කාමය වෙනුවට
නිෂ්කාමය වැඩිය යුතු බවත් බුදු දහමේ දැක්වෙනවා. විරාගී දැක්මක් අප තුළ
ගොඩනැඟීමට බුද්ධ ධර්මය මගින් විශාල පිටිවහලක් ලැබී තිබෙනවා.
බුදු දහමින් අප විරාගී දැක්මක් කරා යොමු කිරීමට උත්සාහ දරා ඇත්තේ ඇයිද
යන්න ගැනත් මෙහිදී අප සොයා බැලිය යුතුවෙනවා. බුදුරජාණන් වහන්සේ ජනතාවට
අවබෝධ කර ගැනීමට හඳුන්වා දුන්නේ යථාවබෝධ ධර්මයයි. සියල්ලම අනිත්‍යවන
ධර්මතාවක් බුදුරජාණන් වහන්සේ අපට හඳුන්වා දුන්නා. රාගය, කාමය, තණ්හාව
නිසා කිසිදු සැපයක් නොලැබෙන බව බුදුරජාණන් වහන්සේගේ දේශනාව වුණා.
තණ්හාය ජායතී සොකෝ
තණ්හාය ජායතී භයං.....
තණ්හාව නිසා ශෝකය බිය ඇතිවන බව උන්වහන්සේ දේශනා කළ සේක.
ලොව ඇති සියලු දේම වෙනස් වෙනවා. අනිත්‍යයි. වෙනස්වෙනවා. මේ තත්ත්වය මත
අපට මහත් දුකක් ඇතිවනවා. දුක් නිසා අනාත්මය නැත්නම් අසාර බව මතුවෙනවා.
මේ නිසා රාගය, කාමය, ඇල්ම පාලනය කර එය නැතිකර දමා දුක් සහිත අනිත්‍ය
නැතිකර සසරෙන් එතෙර විය යුතුවනවා. ඒ සඳහා බුදු දහමෙන් මඟ පෙන්වනවා
ලෝකය ත්‍රිලක්‍ෂණ ස්වභාවයෙන් යුක්ත නිසා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන
ධර්මතාවයන්ට ලොව ඇති සචේතනික ,අචේතනික සියලු දේ අයත්වෙනවා. එය විශ්ව
සාධාරණ පොදු සත්‍යයක්. ආගම, ජාතිය, කුලය, දේශපාලනය මේ කිසිවකින්
ත්‍රිලක්ෂණය වෙනස් වන්නේ නැහැ.
බුදු දහම එසේ සියල්ල ත්‍රිලක්ෂණයෙන් යුක්ත ලෙස සලකන හෙයින් රාගය වෙනුවට
විරාගය වැඩීමට අප යොමු කරනවා. රාගය, කාමය, තුළින් දුක හට ගන්නා නිසා
විරාගය වැඩීමට යොමු කිරීමට මාර්ගයක්ද පෙන්වා දී තිබෙනවා. ඒ ප්‍රතිපදාවේ
ශීල, සමාධි, ප්‍රඥාක්‍රමයෙන් වැඩිය යුතු ආකාරය පෙන්වා දෙනවා.
ඒ ආර්ය මාර්ගයේ ගමන් කිරීමේදී ක්‍රමයෙන් ටිකක් ටික ප්‍රමාද නොවී කෙලෙස්
මල අඩු කර ගත යුතුවෙනවා.
මෙය හොඳ උදාහරණයකින් දක්වන්න පුළුවන්. ‘කම්මාරෝ රජතස්සෙව නිද්ධමෙ මල
මත්තනො’
කම්මල්කාරයා යකඩයේ මලකඩ ටිකෙන් ටික සූරන්නාක් මෙන් කෙලෙස් මල අඩු වී
විරාගය වැඩීමෙන් සසර ගමන අවසන් වෙනවා. මේ සඳහා අප යොමු කරනු ලබන
ප්‍රතිපදාවක් ලෙස බුදු දහම දක්වන්නට පුළුවන්.
මෙවන් විරාගී දැක්මක් හා විරාගී දර්ශනයක් උගන්වන දහමක් කළ සාහිත්‍යකලාව
,රසවින්දනය, සෞන්දර්යාත්මක ලෞකික සංසාරික මාධ්‍යයක් අර්ථවත් කිරීමට
පුළුවන්ද?
කයනම් අසාරය
බව නම් භයංකාරය... යනුවෙන් බුදුගුණ අලංකාරයේ දක්වා තිබියදී රසවින්දනය
ලෝකයේ සුන්දරත්වය දකින්න බුදු දහමේ ඉඩක් තිබෙනවාද?
බුද්ධ ධර්මය භාවමය හා බුද්ධිමය යන දෙපැත්තෙන්ම ජනතාවට ළංවී තිබෙනවා.
ශ්‍රද්ධාව මෙත්තාව, කරුණාව භාවමය වශයෙන්ද ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍යය
ප්‍රඥාව වැඩීමට ඉවහල් වනවා. මේ දෙපැත්තම බුදු දහමේ විග්‍රහ කෙරෙන නිසා
අප ඒ දෙපැත්තම වැඩිය යුතු වෙනවා.
සාහිත්‍ය කලාව තුළින්ද ශ්‍රද්ධාව වැඩිය යුතු බවද මෙහිදී අප සිහි තබා ගත
යුතු වෙනවා. එමෙන්ම ප්‍රඥාවද වැඩීමට හැකිවෙනවා.
මිනිස් වර්ගයා මේ ලොව පහළ වූ දා පටන් ප්‍රධාන මාධ්‍ය තුනක් සොයාගෙන
තිබෙනවා. ඒ මාධ්‍ය තුනම අපගේ ජීවිතයේ ඉදිරි ගමනට බෙහෙවින් ඉවහල් වන
ඵලදායි මාධ්‍යයන් තුනක් බව අපට පෙනෙනවා.
විද්‍යාව හා තාක්‍ෂණය ඉන් පළමුවැන්නයි. දෙවැන්න කලාවයි. තුන්වැන්න
ආගමයි. විද්‍යාව නිසා අපට එදිනෙදා ජීවිතේ කටයුතු පහසුවෙන් කර ගන්න
පුළුවන්. මෙලොව ජීවිතයේ ඇති දුෂ්කරතාත් මඟ හරවා ගන්න අපට විද්‍යාව
උපකාරී වෙනවා. කලාව දුක් දොම්නස් පසෙකලා සුන්දරත්වය දකින්න, රස වින්දනය
මගින් සොම්නසින් දිවිගෙවීමට මඟ පාදනවා.රස වින්දනය කරා අප යොමු කරනවා.
ආගම මඟින් ජීවිතයේ මූලික සත්‍යය සෙවීම සඳහා අප යොමු කරනවා. අපගේ පෙර
පැවැත්ම මතුපැවැත්ම ආදිය සෙවීමට අප යොමු වන්නේ ආගම නිසයි.
මේ මාධ්‍ය තුනම අපේ රටේ ඉතිහාසය තුළ එකට එකව ගමන් කර තිබෙන බව
පැහැදිලියි.
රුවන්වැලි මහසෑය උදාහරණයකට ගෙන බැලුවහොත් අද්විතීය විද්‍යාව හා තාක්ෂණය
නිමැවුමක් ලෙස දැක ගන්නට පුළුවන්. මෙවන් යෝධ ගොඩනැගීමක් සියවස් ගණනාවක්
පවතින ලෙසින් මෙලෙස නිර්මාණය කරන්නට මනා නිවැරැදි විද්‍යා හා තාක්ෂණික
දැනුමක් තිබිය යුතුමයි. විශේෂයෙන් ඔවුන්ගේ ත්‍රිකෝණමිතික දැනුම ඉහළ
මට්ටමකින් තිබුණ බව පැහැදිලියි. කලාව අතින්ද රුවන්වැලිසෑය ඉතාම ඉහළ
නිර්මාණයක්. එමෙන්ම එයින් විශාල දාගැබ් නිර්මාණය වූයේ ආගමේ මූලිකත්වය
නිසයි.
විද්‍යාව, කලාව, ආගම යන මේ මාධ්‍යයන් තුනම මිනිසාගේ පැවැත්මට එකට එක්ව
ගමන් කළා. එම මාධ්‍ය තුනක් ලෙස කිසිවිට ගමන් කළේ නැහැ.
එමෙන්ම අපගේ පැරැණි ඇළවේලි තුළින්ද මේ බව මනාව පැහැදිලි වෙනවා.
විද්‍යාවෙන් කලාව හෝ ආගම වෙන් නොකළ මේ මාධ්‍යයන් තුනම එකට එක්ව ගමන්
කළා. විද්‍යාව, කලාව ආගම යන මේ මාධ්‍යය තුන මඟින් තුන් පැත්තකින්
ජීවිතයට ඉදිරියට යාමට මඟ පාදා දුන්නා.
විද්‍යාවත් කලාවත් යන මාධ්‍යය දෙක අපේ ඉතිහාසය පුරාම ආගමේ ආධිපත්‍යය
යටතේ ගමන් කළ බව ඉතා පැහැදිලියි. බුදුදහම පෙන්වාදෙන සීමාවන්ගෙන් ඔබ්බට
විද්‍යාවට ගමන් කිරීමට හැකි වූයේ නැහැ. කලාවට ගමන් කිරීමට හැකි වූයේත්
නැහැ. බුදු දහම අනුමත කරන බුදු දහම අභිභවා නොයන මාර්ගයන්හි පමණක්
විද්‍යාව කලා වත් ගමන් කළා. කලාවට සදාචාරයෙන් තොර නිර්මාණ සඳහා ඉඩ
ලැබුණේ නැහැ. වැව් දාගැබ් ඉදි වුණා. කුඹුරු හේන් ඉදිවුණා. රට
සශශ්‍රීකවුණා. වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි සංකල්පය බිහිවුණේ ඒ
අනුවයි. වැව ඉඳිකළේ පරිසරය ආරක්ෂා කරමින් ගස් කපා වනය විනාශ කර දැම්මේ
නැහැ. පරිසරය සංරක්ෂණ කළ එදා අපේ මුතුන් මිත්තන් ගහකොළ සතා සිවුපාවාට
පවා ආදරය කළා. ස්වභාව දහම රැකුණ නිසා ස්වභාව දහම විසින් ඔවුන්ටත් ආදරේ
කළා.මේ නිසා පරිසර සමතුලිතතාව රැකුණා.
විද්‍යාව හා තාක්ෂණයට මිනිසාට හානිකර සදාචාරය පිරිහෙන කටයුතු සඳහා
අනුබල ලැබුණේ නැහැ. ආගමේ ශික්ෂණය තුළ කලාව හැසිරුණා මෙන්ම දේශපාලනයද
ආගම අනුව හැසිරුණා. මෙරට ජනතාවට බෞද්ධ සංස්කෘතියෙන් තොර සංස්කෘතියක්
නොතිබූ බව අප අදත් හඬගා කියන්නේ එම නිසයි.
බටහිර ජාතීන්ගේ ආගම බටහිර ජාතීන්ගේ සිතිවිලි දර්ශනය හා ඔවුන්ගේ
සිරිත්විරිත් මඟින් විද්‍යාව කලාව, ආගම එකට මෙරට බැඳී තිබුණ සංස්කෘතියද
බිඳදැමුවා. ක්‍රමයෙන් ආගම හා විද්‍යාව අතර සබඳතාව බිඳදැමුවා, ක්‍රමයෙන්
ආගම හා කලාව අතර සබඳතාව බිඳ දැමුවා. කලාව හා විද්‍යාව අතර සබඳතාව බිඳ
දැමුවා.
මේ නිසා ක්‍රමයෙන් අප පිරිහෙන ජාතියක් බවට පත්වුණා. බටහිර සංස්කෘතිද
අනුව විද්‍යාව, කලාව, ආගම එක්ව යාමට හැකියාවක් නැහැ. මේ නිසා බටහිර
ජාතීන්ගේ යටත් විජිත යුගය නිසා අපේ සංස්කෘතිය විශාල කඩා වැටීමක් ඇති
වූවා.මේ නිසා බුදුදහම, කලාව, විද්‍යාව මගින් ඇති කළ ජනතාවගේ සංසාරය
පිළිබඳ දැක්ම බිඳ වැටුණා.
අතීතය දෙස බැලීමේදී මේ වෙනස පැහැදිලිව දකින්න පුළුවන්.
සාකච්ඡා කෙළේ
තාරක වික්‍රමසේකර |