|
<%on error resume next%>
යටිනුවර ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ දහම් පාසල් අතර දහම් තරගවලින් උසස් ප්‍රතිඵල ලබා ගත් උඩ ඊරියගම දෙවොල්කොන පුරාණ විහාරස්ථ ශ්‍රී සුචරිතවර්ධන දහම් පාසල වසර දහඅටක්ම මණ්ඩලයේ දහම් තරග ශූරතාව දිනාගෙන ඇත. මෙම ශූරතාවත් සමඟම වත්මන්හි උසස් තනතුරුවලට පත්වූ පිරිසකගේ බාල අවධියේ දහම් පාසල වූයේ මෙම දහම් පාසලයි.
1969 ඔක්තෝබර් 10 වන දා වත්මන් විහාරාධිපති සූරියගොඩ සීලරතන නාහිමියන්ගේ මූලිකත්වයෙන් සහ කුඹුරුපිටියේ නන්දරතන හිමිගේ සහායෙන් ශිෂ්‍යයන් දහදෙනෙකු විසින් ආරම්භ කරන ලදී. දහම් පාසලේ අද ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති දුම්බර සෝරත හිමියෝ ප්‍රධාන ධම්මාචාර්යවරුන් විසිතුන් දෙනෙකු සේවය කරති. දහම් දැනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 350ක් පමණ වේ. සමස්ත ලංකා 2011 දහම් තරගයෙන් කථික තරගයෙන් මුල්තැන ලබාගත් මාධව මෙවන් බණ්ඩාර ඊරියගම ශිෂ්‍යයා ජනාධිපතිතුමා අතින් සහතික ලබාගෙන පාසලට කීර්තියක් ලබාදුන් ශිෂ්‍යයන් අතර දීප්තිමත් ශිෂ්‍යයෙකි. වාර්ෂිකව ප්‍රාදේශීය සමස්ත ලංකා ,දිස්ත්‍රික් මට්ටමෙන් පවත්වනු ලබන දහම් තරගවලින්ද බාහිර තරගවලින්ද සහතික කුසලාන රැසක් ලබාගත් මෙම දහම් පාසල් ශිෂ්‍යයන් භක්ති ගීත වැඩසටහන් හා නාට්‍ය තරගවලින්ද සහතික රැසක් ලබාගෙන ඇත. දහම් පාසලේ විවාද කණ්ඩායම තුළින් දක්‍ෂ කථිකයන් රැසක් බිහිකළ ශ්‍රී සුචරිතවර්ධන දහම් පාසල මේ රටේ අනාගතයේදී ද රටට ආගමට හිතැති පුරවැසියන් කොටසක් බිහිකරන දහම් පාසලක් වනු ඇත.
ළමා පිරිසට අවවාදයෙකි
කාලේ අගය නිතර ම සිහි කර න්නේ
කලින් පිබිදැ මුව දෙවැ හැදැ පොත ගන්නේ
ගුරුන් නියම කළ ලෙස එහි හැසිරෙ න්නේ
දොඩන් නට නිකම් කාලය නො ගෙව න්නේ
පුංචි ඔබට දහම් බිඳක්
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස......
න තෙන අරියෝ හෝති
පින්වත් දරුවනි, ධම්මපදයට අයත් දහනම වන වග්ගය ධම්මට්ඨ වග්ගයයි. එහි සඳහන් ගාථාවක් ඉහත සඳහන්ව ඇත. මෙම ගාථාවේ සරල අදහස වන්නේ යම් හෙයකින් සතුන් නසයි ද විනාශයට පත් කරයි ද ඒ කරුණෙන් අරිය හෙවත් උතුම් නොවේ. සියලු සතුනට හිංසා නොකිරීම හේතු කර අරිය හෙවත් උතුම් යැයි කියනු ලබයි. සැවැත්නුවර දුප්පත් අඹු සැමි යුවළක් ජීවත් වූහ. ඒ දෙදෙනා මෙහෙකාරකම් සිදු කරමින් දිවි රැක ගත්තහ. මේ දෙදෙනාට පුතෙකු සිටියා. ඒ පුතා ඉතා හොඳින් ආරක්‍ෂා කළා. දෙමාපියන් තම පුතාට හොඳ නමක් තැබීමේ අදහසින් නම් තබන්නන්ගෙන් අසා ‘අරිය’ යන නම තැබුවා. දෙමාපියන් මෙහෙකාරකම් කරමින් ජීවත් වූ අතර මේ පුංචි අය ඇළ, දොළ, ගංගාවල මාළු අල්ලමින් බිලි බාමින් දිවි ගෙවූහ. දිනක් බුදුරජාණන් වහන්සේ මේ අරිය සෝවාන්වීමේ හේතු ඵල ඇතිව සිටින බව දැනගෙන ‘අරිය’ සිටින තැනට වැඩම කළහ. අරිය ලජ්ජාවට පත් වී බිලී පිත්ත පසකට විසි කළේ ය. බුදුරජාණන් වහන්සේ අරියගෙන් මෙසේ අසා සිටි සේක. ඔබේ නම කුමක්ද? මගේ නම අරිය යනුවෙන් පිළිතුරු දෙන්නට විය. අරිය කියන අය කිසිම කෙනෙකුට හිංසා පීඩා කරන්නේ නෑ. අරිය මේ ගාථා ධර්මය අසා සෝවාන් විය. අපිත් කිසිම කෙනෙකුට හිංසා පීඩා නොකර සියලු සතුන් කෙරෙහි මෛත්‍රියෙන් කරුණාවෙන් ජීවත් වෙමු. එය අප දිවි මඟට මෙන්ම භව මඟට ද මහත් පිටුබලයක් වේවි. තෙරුවන් සරණයි.
සසර බැඳ තබන බැමි
මිනිසා ඇතුළු ලොව ජීවත්වන සියලුම සත්ත්වයෝ බැමි දහයකින් සසරට බැඳ සිටිති. මේ හේතුව නිසා දිව්‍ය, මනුෂ්‍ය ආදී විවිධ භවයන්හි ඉපදෙමින් මැරෙමින් දිගින් දිගටම දුක් විඳිමින් සසර ගමන් කරති. භවයෙහි සැරිසරන මේ සියලුම සත්ත්වයාට ද ඉපදීම, මරණය අවසන් කර සසරින් එතරවී නිවන් දැකීමට අපහසු වී ඇත්තේ මේ බැමි දහය නිසාය. සත්ත්වයා සසරට බැඳ තබන මේ බැමි දහය ‘දස සංයෝජන’ නමින් හැඳින්වේ. ඒවා මෙසේ ය.
1. සක්කාය දිට්ඨි – මමය මාගේය යන හැඟීම.
මෙකී සංයෝජන දහයෙහි මුලින් දැක්වෙන පහ ඕරම්භාගීය සංයෝජන ලෙසත් දෙවනුව දැක්වෙන පහ උද්ධම්භාගීය සංයෝජන ලෙසත් හැඳින්වේ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, තුන නැති කළ විට සෝවාන් වන අතර කාමච්ඡන්ද, ව්‍යාපාද යන සංයෝජන දෙකෙහි ශක්තිය භාගයක් තුනී වූ විට සකෘදගාමි ඵලයට ද ඉතිරි ශක්ති ප්‍රමාණය නැති කළ විට අනාගාමි ඵලයටද පත්වේ. රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන උද්ධම්භාගීය සංයෝජන පහ මු‍්‍රළුමනින්ම ප්‍රහාණය වීමෙන් අරහත් ඵලයට ද පත්වේ. මෙයින් නිර්වාණ අවබෝධය වේ.
අපේ උරුමය
ශශධරා චින්තනී කුමාරි අතපත්තු |
||||
|
©
2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම |