Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය |සදහම් දැනුම

ප්‍රශ්නය
සත්වයා යනු රූපාරූප ධර්මයන් ගේ සංයුතියකි. පැහැදිලි කරන්න.

පිළිතුර
රූපා අරූප ධර්මයන්ගේ සංතතිය සත්වයා යැයි සම්මතයට එක්ව ඇත. රූප ධර්ම වලින් වර්ණරූපය පමණක් අපේ ඇසට පෙනේ. එහෙත් අරූප ධර්ම (නාම) අපේ ඇසට නොපෙණේ. අරූප ධර්ම රූපයෙන් වෙන්වීම (වියෝවීම) අභාවය (මරණය) සිදුවේ. එවිට රූපයට ක්‍රියාකළ නොහැකිය. රූපයෙහි අරූප ධර්ම (නාම) වෙන් වී ඇති නිසාය. එහෙයින් රූපය ක්‍රියා කරවන්නේ අරූප ධර්ම (මනො පුබ්බංගමා ධම්මා මනොසෙට්ඨා මනොමයා) බව පැහැදිලිය. මෙසේ රුප අරූප ධර්මයන්ගේ සංයෝගයකි. (එක්වීමක්) පැවැත්මත්, වෙන්වීමත් හැර සත්ව ශරීරයෙහි ආත්ම යැයි ගත යුතු කිසිවක් නැත. මරණයෙන් ඔබ්බට යන කිසිවක් සත්වයා තුළ නැත.

ප්‍රශ්නය
රූප අරූප ධර්මයන්ගේ සංතතිය සත්වයා බව පෙළදහමට අනුව විවරණය වී නම් රූප ධර්ම යන්නෙන් පැහැදිලිවන ධර්මතාවය කුමක්ද?

පිළිතුර
සත්වයාගේ ශරීරය රූපය බව අපි දනිමු.

අපා ,දෙපා, සිවුපා, බහුපා, ආදි මිනිස් ලොව වසන සෑම සතෙකුටම රූපයක් හෙවත් (ශරීරයක් ) ඇත. රූපය රූප සමූහයක් සංයෝගයක් (කොටස් එකතුවක්) රූපස්කන්ධය යැයි ව්‍යවහාර වෙයි. රූප ස්කන්ධය ඒ ඒ අංග (පදාර්ථ) රූපධර්ම නම් වෙයි. රූපස්කන්ධය මහභූ®තරූප නමින් කොටස් 04කට වෙන්ව හඳුනාගත හැකියි.

පඨවි ධාතුව – ජීව අජීව වස්තුවල ඇති තද රළු ගතිය
ආපෝ ධාතුව – එම වස්තුවල ඇති වැගිරෙන ඇලෙන ගතිය
තෙජෝ ධාතුව - එම වස්තුවල ඇති සිසිල් ගතිය හා උණුසුම් ගතිය
වායෝ ධාතුව – එම වස්තුවල සැලෙන පුම්බන ගතිය

ප්‍රශ්නය
කථෝපකථනය මෑත බෞද්ධ පුනරුදය සඳහාද මෙම ග්‍රන්ථයක් වශයෙන් බෙහෙවින් ආධාරකයක් විය.මෙම කෘති කවුරුන් විසින් රචිත ග්‍රන්ථයක්ද?

පිළිතුර
හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා විසින් පළකරන ලද ප්‍රශ්න – උත්තර සහිත ග්‍රන්ථයකි.මෙම ග්‍රන්ථය අට වතාවක් මුද්‍රණය කර විශේෂ භාෂා 18කට පරිවර්තනය කර ඇත.

ප්‍රශ්නය
ශ්‍රී ලංකාවේ විශාලතම ස්ථූපය වන ජේතවනාරාමය කරවන ලද්දේ කවුරුන් විසින්ද?

පිළිතුර
හී‍්‍ර ලංකාවේ පමණක් නොව සමස්ත බෞද්ධ ලෝකයේම සුවිසල් දාගැබ ලෙස සැලකෙන ජේතවන ස්ථූපය මහසෙන් රජතුමා (ක්‍රි.ව. 276 – 304) විසින් කරවන ලද්දකි. දැනට එහි උස අඩි 231 පමණ වුවත් මුල් යුගයෙහි දී අඩි 400ක් වූ බව සඳහන් වෙයි. දාගැබ් මලුව අක්කර 07 බිමක් වසා සිටී.

ප්‍රශ්නය
ලොව ඇති විශාලතම බෞද්ධ විහාරය ස්ථානය පිහිටා තිබෙන්නේ කුමන රටකද? එම විහාරස්ථානය හැඳින්වෙන්නේ කුමන නාමයකින්ද?

පිළිතුර
ඉන්දුනීසියාවේ බෝරෝ බූදුර් විහාරය

ප්‍රශ්නය
දළදා වහන්සේ වෙනුවෙන් පොළොන්නරු රාජධානියෙහිදි නිශ්ශංකමල්ල රජතුමා විසින් කරවන ලද ගොඩනැගිල්ල හැඳින්වෙන්නේ කුමන නාමයකින්ද?

පිළිතුර
හැටදාගෙය වේ. මෙම ගොඩනැගිල්ල නිශ්ශංකමල්ල රජු විසින් ඔහුගේ රාජකීය මන්දිරය මෙන් පැය හැටක් ඇතුළත නිමවන ලද බව සඳහන් වෙයි. ඒ නිසා මෙම ගෘහය හැට දා ගෙය නමින් හඳුන්වා ඇත.

ප්‍රශ්නය
ඉපැරැණි රාජධානියක් තුළ ඒකීය ජන කොට්ඨාසයක් වශයෙන් මෙම රාජධානිය තුළ ජීවත්වූ ජනතාවගේ ජාතික හා ආගමික සමගිය සංකේතවත් කරන දැනට නටබුන් බවට පත් සිද්ධස්ථානයන් පිරි නගරයකි. මෙහි නාමය කුමක්ද? එහි ඇති පූජනීය ස්මාරක මොනවාද?

පිළිතුර
පුලස්ථිපුර හෙවත් පොළොන්නරු රාජධානියයි. පොළොන්නරුවෙහි සොයා ගනු ලැබූ පැරැණිම හින්දු ස්මාරකය අංක 02 ශිව දේවාලයයි. පැරැණි නගරයෙන් බටහිර දිසාවෙන් දක්නට ලැබෙන දේවාල දෙක මහා ශිව සහ ශිවගේ පුත්‍ර ගණේෂ් දේවාලයයි.

ප්‍රශ්නය
කර්මය සත්වයා හීන වශයෙන් හා ප්‍රණීත වශයෙන් ප්‍රභේද කරයි. (කම්මං සත්තෙ විභජති යදිදං හීනපණීත තායාති, ම:නි: චුල්ලකම්ම විභංග සූත්‍ර 3.432) මෙම බුද්ධ දේශනා පාඨය අනුව කර්මය නියතිවාදි අදහසක් හැඟී යයි. පැහැදිලි කරන්න.

පිළිතුර
තෝදෙය්‍ය පුත්‍ර “සුභ” මානවකයා බුදු හිමියන් වෙත පැමිණි තම සැක දුරු කරගැනීම සඳහා කර්ම විපාක පිළිබඳව පැහැදිලි කර දෙන ලෙස ඉල්ලීය. එයට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ.

”ප්‍රාණඝාත හේතුවෙන් අල්පායුෂ්ක බවද (ආයුෂ අඩු) ප්‍රාණ ඝාතයෙන් වැළැකීමෙන් දීර්ඝායුෂ්ක බවද සත්ව හිංසා හේතුවෙන් රෝගි බවද සතුන්ට දයාව දැක්වීම හේතුවෙන් නිරෝගී බවද මානයෙන් හීන කුලයක උපත ලබන බවද මානයෙන් තොරව ගරු කළ යුත්තන්ට ගරු කිරීමෙන් කුලීන බවද (උසස් කුල උපතද) ආදි ලෙසින් කරන ලද කර්මයට අනුරූපව පුද්ගල විෂමතා දක්නා ලැබෙන බව බුදුහු වදාළහ. මෙසේ සුබ මානවකට තවදුරටත් පැහැදිලි කරමින් මානවකය, අල්පායුෂ්ක ප්‍රතිපදාව අල්පායුෂ්ක ඵලයක්ම ලබයි. දිර්ඝායුෂ්ක ප්‍රතිපදාව දීර්ඝායුෂ්ක ඵලයක්ම ලබයි. මෙසේ ම බොහෝ ආබාධ ඇති බව හා නැති බව ඒ ඒ ඵලයන්ට ලබයි. දුර්වර්ණ බව පිණිස පවත්නා ප්‍රතිපදාව හා ප්‍රසාද ඵලවන බව පිණිස පදාව එලෙසම පුරිෂ ලබයි. මෙසේ අල්පේශාක්‍ය ,මහේශාක්‍ය, අල්පභෝග, මහභෝග නීච කුලීන හා උච්චාකුලීන බව ඵලයක්ම ලබන බව බුදුන්වහන්සේ වදාළ සේක.

ප්‍රශ්නය
බුද්ධ චරිතයේ එක් අවස්ථාවක සුවිශේෂිත පුද්ගලයෙකු හා සමඟ කළ සාකච්ඡාවකින් උපුටාගත් කොටසකි මේ. සුනක්ඛත්ත එන්න. මා උදෙසා වාසය කරන්න. කියා මම ඔබට කියෙම්ද? නැත. ස්වාමීනි. සුනක්ඛත්ත මම ඔබ වහන්සේ උදෙසා වාසය කරන්නෙමියි කියා ඔබ මට කීයෙහිද?ද නැත ස්වාමීනි. සුනක්ඛත්ත, මමත් ඔබට නොකීවෙමි. ඔබත් මට නොකීවෙහිය. එසේ නම් දැන් මම භාග්‍යවතුන් වහන්සේ අතහැර යමි’යි කීම කෙතරම් අඤාණ සාවද්‍ය කියමනක්ද?

මෙම පුවත අදාළ අවස්ථාව කුමක්ද?

පිළිතුර
සුනක්ඛත්ත නම් ලිච්ඡවී භික්ෂු නම බුදුරජාණන් වහන්සේ තමන්ට ඍද්ධි ප්‍රාතිහාර්යය නොපෙන්වන නිසාත් ලෝකෝත්පත්තිය නොදක්වන නිසාත් නොසතුටට පත්ව බුදුරදුන් අතහැර දමා යන බව ප්‍රකාශ කළ විට බුදුරජාණන් වහන්සේ කළ ප්‍රකාශයයි.

ප්‍රශ්නය
එක් අවස්ථාවකදී භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක පිරිස අමතා මෙසේ වදාළහ. මහණෙනි, මට චෝදනා නොකළහැකි තුන් කරුණකින් මම ක්‍ෂෙම ප්‍රාප්තව අභය ප්‍රාප්තව විසාරදව වාසය කරමි. උන්වහන්සේට මෙසේ චෝදනා නොකළ හැකි කරුණු තුන මොනවාද?

පිළිතුර
චෝදනා නොකළ හැකි තුන් කරුණනම්
තථාගත ධර්මය ස්වාක්ඛාත ධර්මය නොවේ
තථාගතයන් වහන්සේ නිවන්මග මැනවින් පෙන්වා දී නැත
තථාගත ශ්‍රාවකයෝ අර්හත්වය ලබා වාසය නොකරති
තථාගතයන් වහන්සේ මෙම තුන් කරුණ මෙසේ පැහැදිලි කළ සේක.
තථාගත ධර්මය ස්වාක්ඛාතය
තථාගත ධර්මයෙන් නිවන්මඟ මැනවින් පෙන්වාදී ඇත.
තථාගත ශ්‍රාවකයෝ අශාව ප්‍රහීණ කිරීමෙන් අර්හත්වය ලබා වාසය කරති.

මෙම තුන් කරුණකින් සකාරණව මට චෝදනා කළ හැකි .දෙවියෙකු මාරයෙකු බ්‍රහ්මයෙකු හෝ වෙනත් කිසිවෙකු මම නොදකිමියි. වදාළහ. (අංනි. සත්තක අව්‍යක්තවග්ග ආරකෙඛය්‍ය සූත්‍ර)

ප්‍රශ්නය
ශාසනික ඉතිහාසයෙහි සුවිශේෂී වු ශ්‍රාවකයෙකු ගේ ප්‍රකාශනයකි .මේ තැනැත්තා කවුද?

ආශ්චර්යයෙකි. ස්වාමීනි, විශ්මයජනකයි. ස්වාමීනි, යටිකුරුව තිබූ බඳුනක් උඩු කුරු කළා සේ සැඟවී තිබුණු දෙයක් මතු කර දක්වන්නා සේ මං මුළාවූ කෙනෙකුට මඟ කියා දෙන්නාසේ. ඇස් ඇත්තෝ රූප දකිත්වා. අඳුරෙහි පහනක් දැල් වූවා සේ ඔබ වහන්සේ ධර්මය දේශනා කළ සේක. මම ස්වාමීනි, ඔබ වහන්සේගේ, ධර්මයත් සංඝරත්නයත් අද පටන් ජීවිතාන්තය දක්වා සරණ යමි, යි පැවැසීය.

පිළිතුර
යස කුල පුත්‍රයාගේ පියා ප්‍රථම වතාවට තිසරණ සරණ ගොස් බුදු දහම වැළඳ ගත් ගෘහස්ථයා වූයේය.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.