අනුරාධපුර රුවන්වැලිසෑය මහා විහාර
(විශ්‍රාමික) පරිවේණාධිපති
කොළඹ නව කෝරළේ සහ
නව තොටමුණේ
ප්‍රධාන සංඝ නායක
වහුමුවේ
විජයවංස නා හිමි ප්‍රශ්නය
බෞද්ධ ශ්‍රාවක සෑම කෙනෙකුම (සිව්වනක් පිරිස) නිතර මෙනෙහි කළ යුතු ධර්ම
කරුණු පහක් බුද්ධ දේශනාවන්හිදී සඳහන් කර ඇත. වර්තමානයෙහි වුවද මෙබඳු
සිහිගැන්වීම කායික හා මානසික සුවය සඳහා බෙහෙවින් ඉවහල් වනු ඇත. මෙම
නිතර සිහිගන්වා ගත යුතු ධර්ම මොනවාද?
පිළිතුර
බුද්ධ දේශනාවට අනුව නිතර සිහියේ තබා ගත යුතු සුවිශේෂ වූ කරුණු පහක්
සඳහන් වෙයි. එනම් (අහං ජාති ධම්මෝම්හි) මම උපත උරුමව සිටිමි (ව්‍යාධි
ධම්මොම්හි) රෝගී බව උරුම වී ඇත. (පියෙහි විප්පයොගො) පි‍්‍රයයන්ගෙන්
වෙන්වීම උරුම කර ඇත්තෙමි. (කම්ම පටිසරණො කල්‍යාණං වා පාපකං වා) යහපත්
හෝ අයහපත් කර්මය උරුම කොට ඇත්තෙමි. මෙම දහම් නිතර මෙනෙහි කිරීම
ත්‍රිවිධ තෘෂ්ණාව ප්‍රහාණය සඳහා බෙහෙවින් පිටිවහලක් වනු ඇත.
ප්‍රශ්නය
ධර්ම ශ්‍රවණයෙන් දහම් මඟ හඳුනාගත් බෞද්ධ ශ්‍රාවකයා පිළිවෙතින් අරමුණ වූ
නිවන් මඟ හෙළි පෙහෙළි කරගනී. ඒ අනුව බෞද්ධ පිළිවෙතෙහි ආරම්භය ධර්ම
ශ්‍රවණයයි. සූත්‍රාගත තොරතුරු අනුව ධර්ම ශ්‍රවණයෙහි අරමුණ පැහැදිලි
කරන්න.
පිළිතුර
ධර්මශ්‍රවණයෙන් පස් ආකාරවූ ආනිසංශයන් ශ්‍රාවකයාට ලැබෙන්නේය.
(අසස්සුතං සුණාති)
නො ඇසූ දෙය ඇසීම
(සුතං පරියොදපෙති)
ඇසු දෙය පිරිසුදු කර ගැනීම
(කංඛා විරති) සැක දුරු කරගැනීම
(දිට්ඨිං උජුං කරොති) විශ්වාසය තහවුරුවීම
(චිත්තං පසීදති) සිත ප්‍රසන්න බව ඇතිවීම යන ආනිශංස පහ ශ්‍රවණයෙන්
ශ්‍රාවකයා ලබන්නේය.
ප්‍රශ්නය
‘කසළ ගොඩින් රජගෙදරට’ යන්න බුද්ධකාලීන විශේෂිත පුද්ගලයෙකුගේ ජීවන
පුවතක් ඇසුරෙන් සකස් වූවෙකි. මේ තැනැත්තා කවුද?
පිළිතුර
බුද්ධ කාලීන දක්‍ෂ වෛද්‍යවරයෙකු වූ ජීවක අභයරාජ කුමාරයාට දාව සාලවතීන
නම් ගණිකාව කුස උපත ලැබූ තැනැත්තෙකි. ඉවතලන කසළ ගොඩක දමා තිබියදී
මගියෙකු විසින් රජ මාලිගාවට ගෙන ගොස් බාරදීමෙන් අනතුරුව රජ කුමරෙකු
මෙන් රාජකීය සම්පත් ලැබීමේ වාසනාව නිසා “ජීවක කොමාර බච්ච” යන නමින්
ප්‍රසිද්ධ විය.
ප්‍රශ්නය
ක්‍රි.ව. 1848 අගෝස්තු මස 24 වන දින ඉංගී‍්‍රසි ජාතික ‘බුලර්’ මහතා
ප්‍රධාන පිරිස විසින් අත්අඩංගුවට ගන්නා ලද හිමිපාණන් වහන්සේ කවුද?
පිළිතුර
කුඩාපොල හිමිපාණන් වහන්සේ
ප්‍රශ්නය
බටහිර සිරිත් විරිත් සහ ඉංගී‍්‍රසි භාෂාව සම්භාවනාවට ලක්වූ යුගයක
ඉපැරැණි ශ්‍රී ලාංකේය අන්‍යන්‍යතාවය තහවුරු කිරීම සඳහා ශ්‍රීමත්
අනගාරික ධර්මපාලතුමාට සමකාලීන ජාතික වීරවරයා කවුද?
පිළිතුර
වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා
ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක මෙසේ වදාළහ. මහරජ මෙතැන් පටන් මාගේ
ශාසනයෙහි මා ඇතිකල්හි වේවාය නැතිකල්හි වේවාය දරු කෙනෙකුන් මා පියනට
නොකියා මහණ කළ නොහැක්කේය ය’ැයි ශික්ෂා පද පැනැවූහ. මෙම අවස්ථාව කුමක්ද?
පිළිතුරු
සුද්දෝධන රජතුමා තම මුනුබුරාණන් වූ රාහුල කුමරු මහණ කළ බව අසා මහත් සේ
කම්පාවට පත් වූහ. ඉක්බිති බුදුරදුන් හමුවීදෙමාපියන් නො අනුදත් දරුවන්
මහණ නොකරන බවට අයැද සිටියහ. එවිට බුදුරදුන් ඉහත සඳහන් නියමය පැනවූ සේක.
ප්‍රශ්නය
උරුවේලාවත්, ගයාවත් අතරමගදි බුදුරජාණන් වහන්සේ මුණගැසුන එක් තැනැත්තෙක්
මෙසේ කියයි.
“ඇවත, ඔබ නිසල වූ ගුණ ඇති කෙනෙකි , ස්ථීර වූ ගුණ ඇති කෙනෙකි. ගැඹුරු වූ
ගුණ ඇති කෙනෙකි. තෙද ගුණ ඇති කෙනෙකි. සොමිගුණ ඇති කෙනෙකි. අමා පිඬ වැනි
කෙනෙකි. මහ පින් පිඬක් වැනි කෙනෙකි. ඇවත ඔබගේ ඉන්ද්‍රියයෝ ඉතා
ප්‍රසන්නයහ. ශරීර වර්ණය පිරිසුදුය. කවර ශාස්තෘවරයෙකු උදෙසා පැවිදි
වූයේහිද? බුදුරදුන් හමුවූ මේ මගියා කවරෙක්ද?
පිළිතුරු
“උපක” ආජීවක මුණ ගැසිණ |