ජම්මික ප්‍රබෝධනී වැලිකල
මෙම වසරේ යෙදෙන අධි පොහොය බෞද්ධයාට මහත් වූ
භාග්‍යයක්
උදා කරවන
පින්බර දිනයක් වී තිබෙයි. දාන, ශීල, භාවනාදී කුසල්මය පින්කම්වල තව තවත්
නියැලෙමින් ආධ්‍යාත්මික සුවය සලසා ගැනීමට වීර්යය වඩන බෞද්ධයාට අධි
පොහොයක් වූ
අද දිනය මහඟු
ආගමික තිළිණයකි
සම්මත වසරක දී දොළොස් මහේ පොහොය උදා වෙන්නේ බුදු සසුනෙහි වූ සුවිශේෂී
සිදුවීම් වලින් බොදු හදවත පුබුදු කරවමිනි.
පුරාතන සමාජය දොළොස් මහේ පොහොය උදාව වසරක් ලෙස ගණනය කළද එය
ජ්‍යෝතිෂයටත් තාරකා විද්‍යාවටත් අනුව වසරකට දින 365 ක් ද අධික වසරකට
දින 366 ක් ද වශයෙන් ගණන් ගැනෙයි.
එය එසේ වන්නේ පෘතුවිය සූර්යයා වටා ගමන් කිරීමට (පරිභ්‍රමණය ) ගත කරන
නිවැරදිම කාලය දින 365 යි පැය හයක් වුවද දළ වශයෙන් දවස් 365 ක් වසරක්
වශයෙන් ගණනය කරයි.
ඉතිරි වන පැය හය එකතු වී සිව් වසරක් ගතවූ විට තවත් පැය විසිහතරක් එකතු
වීමෙන් වැඩිපුර දවසක් උදාවෙයි.
ඒ අනුව සිව් වසරකට වරක් (දින 366 ක් ) එළැඹෙන අධි වසරෙහි සම්මත දොළොස්
මහේ පොහොයට අමතරව වැඩිපුර යෙදෙන පොහොය දිනය අධි පොහොයයි. මෙසේ උදාවන
අධි බිනර පුර පසළොස්වක පොහොය වන්නේ අදයි.
සෘතු වර්ෂයක් තුළ එළැඹෙන දහතුන් පොහොය අධි වසරක් යැයි ‘ සාරාර්ථදීපනී
විනය ටිකාවෙහි’ ද සඳහන් ය.
අධික වර්ෂයක අධිකය හරින්නට යැ’ යි බිම්බිසාර මහ රජතුමා විසින් කියන ලද
බව මහාවග්ග පාලියෙහි ද දැක්වෙයි.
මෙම වසරේ යෙදෙන අධි පොහොය බෞද්ධයාට මහත් වූ භාග්‍යයක් උදා කරවන පින්බර
දිනයක් වී තිබෙයි.
එදා දඹදිව් තලයෙන් පැන නැගුණු පුරාතන මතයට පිටු පෑ භික්ෂූන් වහන්සේලාට
මතුවූ ගැටලුව විසැඳූ බුදුපියාණන් වහන්සේ මහණෙනි, වස්සාන සෘතුවෙහි වස්
එළැඹීමට අනුදනිමි’ යි වදාළ සේක. මෙය කුමක්දැ’ යි විශ්මිතව අසා සිටි
භික්ෂූන් වහන්සේ මධ්‍යයේ බුදුපියාණන් වහන්සේ දෙවදෑරුම් වූ පෙර හා
පසුවස් එළැඹීම වදාළ සේක.
එදා සිට අද දක්වාම මෙම සාම්ප්‍රදායික චාරිත්‍රය ආරක්‍ෂා කර ගනිමින්
රැගෙන ආ වස් එළැඹීමේ පිළිවෙත අගැයමින් පෙර වස් එළැඹීමට නොහැකි වූ
උපසපන් භික්ෂූන් වහන්සේ පසු වස් එළැඹීමට මේ වසරේ සූදානම් වන්නේ අධි
පොහොයක් එළැඹියා වූ අදවන් දිනකය.
පසු වස් එළැඹෙන භික්ෂූන් වහන්සේට කඨින චීවරය පිළිගැනීමට කැප නොවුවද, ‘
වස්සාවාසික’ චීවරයකින් පිදුම් ලැබීමට භාග්‍ය උදා වී තිබෙයි.
වස් එළැඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂූන් වහන්සේ ‘ දුකුළා ඇවැත් වේ’ යැ
යි මහාවග්ග පාලියේ ‘ වස්සුපනායිකක්ඛන්ධකයෙ’ හි සඳහන්ය.
වස් එළැඹෙන භික්ෂූන් වහන්සේ වහලක් හා දොරක් ඇති සෙනසුනක්ම තෝරා ගතයුතු
බව බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක.
යම් භික්ෂුවක් ගස් යට, ගස් සිදුරෙහි රුක් වෙළෙප්හි, ඡත්‍ර යට,
එළිමහන්වලත් සුසාන භූ®මියන්හිත් වස් එළැඹෙන්නේ නම් ‘ දුකුළා ඇවැත් ‘ වේ
යැයි බුදු වදනෙහි සඳහන්ය.
මෙසේ ශාසන ප්‍රතිපත්ති රකිමින් පෙර වස් එළැඹෙන උපසම්පදා භික්ෂූන්
වහන්සේ නිසා සැදැහැති බෞද්ධයාට අටමහා කුසල්වලින් බලගතුම පින්කම සේ
සැලකෙන කඨින මහා පින්කමට දායක වීමේ මහඟු අවස්ථාව උදාවී ඇත. ගමත්
විහාරස්ථානයත් අතර ඇති ආගමික සාමාජීය සුහදතාව නංවා ගැනීමට භික්ෂූන්
වහන්සේ අතරත් පැවිදි ගිහි වශයෙනුත් අන්‍යෝන්‍ය සබඳතාව වඩ වඩාත් වර්ධනය
කර ගැනීමට අවශ්‍ය පසුබිම සෑදෙන නිසාම මෙම පොහොය දිනය විශේෂිත පොහොය
දිනයක් ලෙස හඳුනාගත හැකිය. දායකයන් ප්‍රදානය කරනා සිව් පසයද ලබා
ප්‍රතිපත්ති පූජාවල යෙදෙන භික්ෂූන් වහන්සේ මනා අවබෝධයකින් තම දිවි මඟ
ආලෝකවත් කර ගැනීමට පසු වස් එළැඹෙන තවත් පොහොය දිනයක් වන්නේ අදයි.
දාන, ශීල, භාවනාදී කුසල්මය පින්කම්වල තවතවත් නියැලෙමින් ආධ්‍යාත්මික
සුවය සලසා ගැනීමට වීර්යය වඩන බෞද්ධයාට අධි පොහොයක් වූ අද දිනය මහඟු
ආගමික තිළිණයකි. |