අනුරාධපුර රුවන්වැලිසෑය මහා විහාර
(විශ්‍රාමික) පරිවේණාධිපති
කොළඹ නව කෝරළේ සහ නව තොටමුණේ
ප්‍රධාන සංඝ නායක
වහුමුවේ විජයවංස නා හිමි ප්‍රශ්නය
බුදු දහමට අනුව කර්මයෙහි එක් ප්‍රභේදයක් මෙම ගාථා ධර්මයෙහි ඇතුළත්ව ඇත.
පැහැදිලි කරන්න.
කම්මස්ස කාරකො නත්ථි
විපාකස්සච වේදකො
සුද්ධ ධම්මා පවත්තන්ති
එවෙතං සම්ම දස්සනං
පිළිතුර
කර්මය “කාරක” නමින් වෙන්කොට හඳුනා ගත හැකි. තැනැත්තෙක් නැත. විපාකය
විඳින පුද්ගලයෙක් නැත. සුද්ධ වූ ස්කන්ධ ධර්මයෝ පමණක් පවත්නාහ. මෙසේ
දක්නා විදසුන් නුවණම යහපත් දැකීම වෙයි.
ප්‍රශ්නය
දැලි පිහියක් මෙන් මුවහත් සකකින් (රෝදයකින්) සියලු සතුන් මරා මස් ගොඩක්
කළත් ඒ හේතුවෙන් පාපයක් නැත. පව් සිදු වීමකුත් නැත.
යමෙකු දන් දෙමින් දන් දෙවමින් මහායාග කරමින් උතුරු ගංතෙර දක්වා ගියත් ඒ
හේතුවෙන් පිනෙක් නැත්තේය. පින් සිදු වීමෙකුත් නැත්තේය. පැරැණි දඹදිව
බුද්ධ කාලීන යුගයේ සිටි ශාස්තෘවරයෙකුගේ දේශනාවක මෙසේ සඳහන් වෙයි. මොහු
කවුද?
පිළිතුර
පර්ණ කාශ්‍යප
ප්‍රශ්නය
තෘතීය මහාශ්‍රාවක අනුබුදු මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන්
පැවැත්වූ සංගායනාව සුවිශේෂ නාමයකින් හඳුනා තිබේ. ඒ නාමය කුමක්ද? එයට
හේතුපාදක වූ කරුණු මොනවාද?
පිළිතුර
ප්‍රථම ධර්ම සංගායනාව පන්සියයක් මහ රහතන් වහන්සේ විසින් කරනලද හෙයින්
“පංච සත්‍රිකා” නම් විය. අනුබුද්ධ මහා කාශ්‍යප මහ තෙරුන් ප්‍රධාන මහ
තෙරවරුන් විසින් කරන ලද බැවින් “ ථෙරිකා” ථෙරවාද ස්ථවිරවාද යන
නම්වලින්ද හැඳින්වේ.
ප්‍රශ්නය
මේ අංග නවය නවාංග ශාස්තෘ ශාසනය නම් වේ. ඒ මොනවාද?
පිළිතුර
තථාගතයන් වහන්සේ විසින් නොයෙක් තන්හි දේශනා කර වදාළ ධර්ම විනය බුද්ධ
කාලීන යුගයෙහි දීම,
1. සුත්ත 2. ගෙය්‍ය 3. වෙය්‍යාකරණ 4. ගාථා 5. උදාන 6.ඉතිවුත්තක 7. ජාතක
8. අභ්භූතධම්ම 9. වෙදල්ල යනුවෙන් අංග නමයකට බෙදා වෙන් කරන ලදී.
|