අනුරාධපුර රුවන්වැලිසෑය මහා විහාර
(විශ්‍රාමික) පරිවේණාධිපති
කොළඹ නව කෝරළේ සහ
නව තොටමුණේ
ප්‍රධාන සංඝ නායක
වහුමුවේ
විජයවංස නා හිමි
ප්‍රශ්නය
ධන කාමයෙන් උද්දාමයට පත් වූ එක් පුද්ගලයෙකුට බුදුර ජාණන් වහන්සේ මෙසේ
වදාළහ.
සෝචති පුත්තෙහි පුත්තිමා
ගොමිකො ගොහි තථෙව සොචති
උපධීහි නරස්ස සෝචනා
නහි සො සොචති යො නිරූධති
දරු සම්පතින් පොහොසත් තැනැත්තා එම දරුවන් නිසාම ශෝක පසුතැවිල්ලකට
පත්වෙයි. ගව හිමියා ද ගව සම්පත් නිසා ම කිසියම් අවස්ථාවක ශෝකයට පත්
වෙයි. මිනිසා (කෙලෙස්) උපධි සම්පත් නිසාම කෙඳිනක හෝ ශෝක කරන්නට සිදුවන
අතර නිරුපධි (කෙලෙස් රහිත) තැනැත්තා කිසි දිනක ශෝක නො කෙරෙයි.
(සු.නි.උරග වග්ග ධනියසූත්‍ර)
මෙම දේශනාව කවුරුන් උදෙසා දේශනා කරන ලද්දක් ද?
පිළිතුර
භෞතික සම්පතින් උමතු වූ “ධනිය” ගොපාල නම් තැනැත්තා බුදු හිමියන් වෙත
පැමිණ තම සම්පත් පිළිබඳව අහංකාර පරවශව කළ කථා කළ අවස්ථාවෙහිදී දුන්
පිළිතුරකි.
ප්‍රශ්නය
එක් සුවිශේෂී අවස්ථාවකදී භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි අයෙකු විසින්
අසන ලද පැනයට උන්වහනසේ දුන් පිළිතුරයි මේ.
සිද්ධීධ චිත්තං පුරිසස්ස සෙට්ඨං
ධම්මො සුචිණ්ණො සුඛමාවහාති
සච්චං හවෙ සාදුතරං රසානං
පඤ්ඤා ජීවිං ජීවිතමාහු සෙට්ඨං
මෙ ලොව පුද්ගලයාගේ ශ්‍රේෂ්ඨ ධනය ශ්‍රද්ධාව යි දාන සීල, භාවනා සද්ධර්ම
මනාව පුරුදු පහුණු කරන ලද්දේ සදා සුව එළවයි. සත්‍යය සදාකල්හි “මියුරස”
වේ. නැණවත් ජීවිත පැවැත්ම ශ්‍රේෂ්ඨම වේ. භාග්‍යවතුන් වහන්සේගෙන් මෙම
පැන ඇසූ තැනැත්තා කවුද?
පිළිතුර
අලව් යක් භාග්‍යවතුන් වහන්සේගෙන්
කිංසුධ විත්තං පුරිසස්ස සෙට්ඨං
කිංසු සුචිණ්ණො සුඛ මාවහාති
කිංසු හවෙ සාධුතරං රසානං
කථංජීවිං ජීවිතමාහු සෙට්ඨං
මිනිසාට අයත් විය යුතු ශ්‍රේෂ්ඨ ධනය කුමක්ද? සැපය සඳහා පුහුණු කළ
යුත්තේ කුමක්ද? රස අතරෙන් මධුර රසය කුමක් ද? ජීවිත පැවැත්ම ශ්‍රේෂ්ඨ
යැයි කිව හැක්කේ කුමන පැවැත්මක් අනුවද?
යනුවෙන් අසන ලද පැනයන්ට දුන් පිළිතුරුය.
ප්‍රශ්නය
පුබ්බේ නිවාසානුස්සති ඤාණය යනු කුමක්ද? පැහැදිලි කරන්න.
පිළිතුර
සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්වය සාක්‍ෂාත් කරගත් රාත්‍රි යාමයෙහි
දී උන්වහන්සේ සිය පූර්ව ජන්මයන් දැන ගැනීමෙහි ඤාණය වූ පුබේබේ
නිවාසානුස්සති ඤාණය වේ
ප්‍රශ්නය
අකුසල චෛතසිකවලින් එකකි. අනොත්තප්ප චෛතසිකය පැහැදිලි කරන්න.
පිළිතුර
කාය වාග් දුශ්චරිතාදීන්ට බිය නොවීම හෙවත් තැතිගැන්මක් ඇති නොවීම ලක්‍ෂණ
කර ඇති චෛතසිකය අනොත්තප්ප චෛතසිකයැයි අරමුණු ස්වභාවය වරදවා ගැනීමෙහිදි
පිළිකුල් නොකරන අහිරිකය මෙන් මෙම අනොත්තප්ප චෛතසිකය ද අරමුණ ස්වභාවය
හඳුනා ගැනීමෙහිදී බියක් තැතිගැන්මක් ඇති නොවන්නේය.
අහිරික අනොත්තප්ප යන මේ චෛතසික දෙක සත්වයන් අකුසලයෙහි යොදවන මහා බල
ශක්ති දෙකකි. මේ ශක්ති දෙකින් තොරව අකුසල් කළ නොහැකිය.
|